Friday 25 April 2014

මවු පදවිය පතන ඔබට උදවු වන කරුණු කිහිපයක්...

pregnant sooner මවක් වීම විවාහක සෑම කාන්තාවකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන් කාන්තාවකට මවක් වීමට ගත වන කාලය වෙනස් වේ. මවක් වීමට ප්‍රමාදවීම ඔබේ පසුතැවිල්ලට හේතු වනවා මෙන්ම, ඔබේ පවුලේ නෑදෑ හිත මිතුරන්ගේත් කතා බහට ලක් වෙයි. මෙය ඔබට මහත් මානසික පීඩනයක් වන්නට පුළුවන්. නමුත් එයින් සැලෙන්නට එපා. පහත උපදෙස් පිළිපැද බලන්න...
මතක තබා ගන්න, මවු පදවිය ඉක්මනින් ලබා ගැනීමට යන්තර මන්තරයක් හෝ වේගවත් කරන බෙහෙතක් නැත. ඔබට කල හැකි එකම දෙය ඒ සඳහා සුදුසු කායික හා මානසික තත්වය ලඟා කර ගැනීමයි. පහත ක්‍රම ඔබගේ ගැබ් ගැනීමට ධනාත්මකව බලපානු ඇත.

* වෛද්‍ය පරික්ෂණයක් කරන්න

දරු පිළිසිඳ ගැනීම පිළිබඳ ඔබට ගැටලුවක් තිබුනත් නැතත්, ඔබ මවක් වීමට සුදානම් වීමට පෙර වෛද්‍ය පරිකෂනයක් කිරිමෙන් ඔබ එයට සුදුසු අවස්ථාවක සිටින්නේදැයි නිවැරදිව තීරණය කල හැක. විශේෂයෙන්ම ඔබේ ගර්භාෂය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු තිබේදැයි ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබද සාකච්චා කර අවශ්‍ය උපදෙස්, විටමින් වර්ග මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ල ගැනීමෙන් ගැබ් ගැනීම පහසු කර ගත හැකි සේම, ගබ්සා වීම් වලක්වා ගත හැක.

* ඔබගේ ඔසප් චක්‍රය පිළිබද අවධානයෙන් සිටින්න

ඩිම්බ මෝචන කාලය පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. එම කාලය තුල ගැබ් ගෙල ආශ්‍රිත පෙදෙස ශ්ලේෂ්මල සහිත වේ. එය සිහින් සහ ලිස්සන සුදු බවක් ගනී. එය ශුක්‍රානු ගමන් කිරීම පහසු කරවයි. චක්‍රයේ වඩාත්ම සරු කාලයක් ලෙස සැලකෙන ආර්තාවයේ සිට ඇති දින ගණන ලියා තබාගෙන එම කාලයේ වැඩි උත්සාහයක යෙදෙන්න.

* ගැබ් ගැනීමට සුදුසුම අවස්ථාව පිළිබද කණගාටු වන්නට එපා

ගැබ් ගැනීම සදහා සංසර්ගයේ යෙදීම අවස්ථා පිළිබද විවිධ මිත්‍යා විශ්වාස පවතී. නමුත් කිසිවක් විද්‍යාත්මකව සනාථ කර නොහැකි නිසා මිත්‍යා විශ්වාස පමණක් වේ. මේ සදහො ඔබට සුදුසු පහසු ක්‍රමයක් යොදා ගත හැක. දරු පිළිසිඳ ගැනීමකට කරන වෑයමක් ලෙස විශේෂයක් නොකර සාමාන්‍ය ආකාරයට ආදරය සහ හැගීම් මුල් කරගෙන ලිංගික සංසර්ගයේ යෙදෙන්න.

* සංසර්ගයන් පසු තැන්පත්ව වැතිර සිටින්න 

ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි වීම සදහා සංසර්ගයෙන් පසු ඔබේ පාද වාතය හොදින් ලැබෙන පරිදි වාතලයට එකතු කරන යන බොරුව ඔබ මිට පෙර අසා ඇති. මෙය සත්‍යයක් නොවේ. සංසර්ගයෙන් පසුව විනාඩි 10-15 ක කාලයක් තැන්පත්ව ඇදේ වැතිර සිටීම ඔබේ ගැබ් ගැනීම් අවස්ථාව වැඩි කරවයි. පාද වාතයට මුසු කිරීමක් අවශ්‍ය නොවේ.

* දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නැත

දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක් සංසර්ගයෙන් පසු පැය 72 ක ආයු කාලයකින් යුක්ත වන අතර, ඩිම්බ මෝචනය සිදු වී හෝ නොවී දින 3කට වරක් පමණ සංසර්ගයේ යෙදීමට උත්සහ කරන්න. මතක තබා ගන්න ඔබ එය කල යුත්තේ ඔබ එම ක්‍රියාවලිය පිලිබඳ ධනාත්මක හැගීමකින් කරනවානම් පමණි. යාන්ත්‍රික ලෙස මෙහි නිරත වීම කායික මෙන්ම මානසික අපහසුතා ඇති කල හැක.

* ආතතියෙන් තොර වන්න

මානසික ආතතිය ඔබ ගැබ් ගැනීමට එරෙහි වනු ඇත. එම නිසා සැම විටම මානසිකව විවේකිව සිටින්න. යෝගා, මෙන්ම භාවනා ක්‍රම ඔබේ මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ. හැකි සෑම විටම සතුටින් සිටීමට උත්සහ ගන්න.

* නිරෝගිව සිටින්න

මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ, ඔබේ නිරෝගී බව පිළිබද සැලකිලිමත් වීම වැදගත් වේ. ඔබ නිරෝගී නම් ඔබට ඉක්මනින් මවක් වීමට හැකි වන අතර, ඔබේ දරුවාද නිරෝගී වේ. එමෙන්ම ඔබ ගබ්සා වීම වලින් වැළකීමටද නිරෝගී බව වැදගත් වේ.
.................
.................

1 comment:

  1. අපිත් ආවලු මේ පැත්තේ ...අටම් කියූ පාරෙන්

    ReplyDelete

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි