Saturday 19 April 2014

එක් නිවුන් දරුවෙකුගේ පෝෂණය අනෙක් නිවුන් දරුවා වෙත ඇදී යාම!

twin to twin transfusion syndrome නිවුන් දරු උපතක් යනු ඔබට ඉතාම සතුටුදායක උනත් යම් කිසි අවදානමක් සහිත සිදුවීමක් බව අපි මෙයට පෙර ඔබට කියා තිබෙනවා මතකද? එයින් එක අවදානමක් වන්නේ Twin to Twin Transfusion Syndrome නමැති සහ ලක්ෂණයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එක නිවුන් දරුවකුට හිමි පෝෂණය අනෙක් නිවුන් දරුවා විසින් ඇද ගැනීමයි. පහත read more ක්ලික් කිරීමෙන් ඔබට ඒ පිලිබඳ වැඩි විස්තර දන ගත හැකිය.

* Twin to Twin Transfusion Syndrome (TTTS) යනු කුමක්ද?

TTTS යනු එක හා සමාන නිවුන් දරුවන් දෙදෙනෙකු පිළිසිඳ ගෙන ඇති අවස්ථාවක දැකිය හැකි සහ ලක්ෂණයකි. මෙම අවස්ථාවේ ඔවුන් එකම වැදෑමහ බෙදා ගනිති. එහි ඇති ලේ නහර වල අවිධිමත් පිහිටීමක් ඇතිවී වැදෑමහ අසමාන ලෙස බෙදා ගන්න අවස්ථාවක් උදාවේ. එක දරුවකුගේ සිට අනික් දරුවා වෙත රුධිරය ගලා යයි.

* මෙය දරුවන් කෙරෙහි බලපාන්නේ කෙසේද?

මෙහි ඇති කනගාටුදායක තත්වය වන්නේ මුලින්ම ගැටලුවක් නැති පිළිසිඳ ගැනීමකින් ආරම්භ වී ගර්භනී සාමය අතර මැදදී මෙම තත්වය මතු වීමයි. දළ වශයෙන් නිවුන් දරු පිළිසිඳ ගැනීම් වලින් 10% කදී පමණ මෙම තත්වය වාර්තා වී ඇති අතර අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාව නිසා බොහොමයක් දරුවන් බේරා ගැනීමට හැකියාව ලැබී ඇත. ඉහත දක්වූ පරිදි එක දරුවකු බොහෝ පෝෂ්‍ය පදාර්ථ උරා ගනිද්දී අනික් දරුවා පෝෂණය අඩුවෙන් ලැබීම නිසා අඩුවෙන් වැඩීමට හෝ මිය යාමට පුළුවන. ඊට අමතරව දරුවා වැඩෙන මාධ්‍යයේ වන තරලයද අඩුවේ. මෙයට හේතුව වන්නේ එම තරලය බොහෝ විට නිපදවෙන්නේ දරුවාගේ මුත්‍ර වහනය මගිනි. රුධිර නාල නිසා එක දරුවෙක් අනෙක් දරුවාගෙන් රුධිරය ලබන බව අප සඳහන් කළෙමු. එවිට වැඩියෙන් රුධිරය ලබන දරුවාගේ හදවතට දැරිය නොහැකි ලේ ප්‍රමාණයක් පොම්ප කිරීමට සිදුවී එම දරුවාගේද හදවත අක්‍රිය වීමට ඉඩ ඇත.

* TTTS තත්වය ඇති බවට රෝග ලක්ෂණ

- කුස තුල සිටින දරුවන් දැඩි වේගයෙන් වර්ධනය වන බවක් මවට දැනීම
- ගර්භාෂයේ ප්‍රමාණය සති ගණන සමග බලන විට ඉතා විශාල වීම
- උදරයේ වේදනාව, හිරවන ගතිය සහ ගර්භාෂයේ සංකෝචනය (හැකිලිඉමක්) වැනි දෙයක් දැනීම
- එක වරම බර වැඩි වීමක්
- මුල් අවධියේම අත පය ඉදමීම

* අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් මගින් දැනගත හැකි දේ

- වැදැමහ දරුවන් දෙදෙනා බෙදාගෙන සිටින බව සහ monochromatic තත්වය
- නිවුන් දරුවන් දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු දරුවන් වීම
- ඉතා තුනී පටලයකින් වෙන්වී තිබීම

* මෙම තත්වය ඔබටත් ඇතිවී නම් කල යුත්තේ කුමක්ද?

ඔබටත් මෙම තත්වය ඇති බව දැනගත් පසු ඔබ නිතරම අවධානයෙන් සිටිය යුතුය. උදරයේ දැනෙන සුළු වෙනස් වීමක දී හෝ වහාම වෛද්‍ය උපදෙස් පතන්න. නිවැරදි පෝෂණය ලබා ගැනීම, සුළු ව්‍යායාම වල යෙදීම ආදිය වෛද්‍ය උපදෙස්  පරිදි සිදුකරන්න. සියල්ලටත් වඩා ඔබේ මානසික තත්වය ශක්තිමත් කරගැනීමත් ඉතා වැදගත්. මෙම අවදානම් තත්වය නිසා ඔබට දරුවකු හෝ දෙදෙනාම අහිමි වීමේ ඉඩ කඩ ඇති බව දන්නා නිසා ධනාත්මකව සිතා කටයුතු කරන්න. නමුත් ඔබ ප්‍රවේසම් වුවහොත් සහ නිසි ප්‍රතිකාර ලැබුනොත් දරුවන් දෙදෙනාම ගලවා ගැනීමේ හැකියාවත් ඇති බව අමතක කරන්න එපා...
.................
.................

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි