Thursday 24 April 2014

දරු ප්‍රසූතිය වඩා පහසු කර ගැනීමට නම්...

have a better child delivery ගර්භනී මවක් වශයෙන් ඔබ ඔබේ දරු ප්‍රසුතිය පිළිබද කුතුහලයෙන් පසු වනවා වන්නට පුළුවන. මෙය ඔබේ පළමු අත්දැකිම නම් ඒ පිළිබද ඔබේ සිතේ බියක් හට ගැනීම සාමාන්‍ය සිදු වීමක්. එය ඉතා වේදනාකාරී මෙන්ම වදනින් විස්තර කල නොහැකි සතුටු දායක අවස්ථාවක්. මේ සදහා ඔබ සුදානම් විය යුතු ආකාරය අපි මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරන්නෙමු.
දරු ප්‍රසුතිය පිළිබද විවිධ අදහස් අත්දැකීම් ඔබ තැති ගැන්මකට පත් කරවී.කෙසේ වෙතත් ප්‍රසුතිය යනු ඔබ දින ගනිමින් බලා සිටි ඔබේ පුංචි අමුත්තාගේ මෙලොව එලිය දැකීමයි. ඒ සදහා ඔබ පෙර සිටම සුදානම් වීම ඉතා වැදගත් වේ.

* සැලසුම් කරන්න:

ඔබට ප්‍රසුත වේදනාව දැනුනු පසු ආතතියට ලක් වීමෙන් ශක්තිය හානි වීමක් සිදු විය හැක. මේ නිසා මෙම අවස්ථාවේ නිසියාකාරව කල යුතු දේ පිලිබදව කලින් දැනුවත් වන්න. ඔබ රෝහල් ගත විය යුතු දිනය හෝ වෛද්‍යවරයා ඇමතිය යුතු ආකාරය, නිවසේ රැදී සිටිය හැකි කාලය කලින් වෛද්‍ය උපදෙස් මත සැලසුම් කරන්න. එසේම ඔබේ සැමියා සමග මේ පිළිබද සාකච්චා කරන්න. ප්‍රසුත වේදනාව දැනුනු පසු ඔබ රෝහල් ගත වන ආකාරය, ඔබගේ ආරක්ෂාවට ගන්න පියවර පිළිබද ඔහු සමග අදහස් හුවමාරු කර ගන්න. එසේම ඔබේ මව හෝ වෙනත් වැඩි මහළු කාන්තාවක් සමග මේ පිළිබද සාකච්චා කරන්න.

* නිරෝගීව සිටින්න:

ප්‍රසුතිය පහසු කරවීමට ප්‍රත්‍යක්ෂ වූ ව්‍යායාමයක් නැතත්, නිරෝගිමත්ව සහ ශක්තිමත්ව සිටීම ඔබගේ දරු ප්‍රසුතිය පහසු කරවයි. එසේම ගැබුරු ආශ්වාසය ප්‍රසුත වේදනාව පාලනයට මහත් උපකාරී විය හැක. එසේම යෝගා, භාවනා ක්‍රම වැනි ආශ්වාස ප්‍රශ්වාස සම්බන්ධ ක්‍රම ඔබට උපකාරී වනු ඇත. විටමින් වර්ග බොහොමයක් ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ඉවහල් වේ. එම විටමින් ඉතාම පහසුවෙන් ලබාගැනීමට සුදුසුම ක්‍රමය එළවළු සහ පළතුරු වර්ග ආහාරයට ගැනීමයි.

* සැමගේ උපකාර ලබා ගන්න:

ප්‍රසුත වේදනාව දරා ගැනීම ඉතා අපහසු වේ. මේ නිසා එම අවස්ථාවේ ඔබට ඉතා හිතවත්, ආදරය කරන ආදරණිය පිරිසක් ඔබ වටා සිටීම ඔබ සිතට මහත් සහනයක් ගෙන දේවි. රෝහලෙන් අවසර ලැබෙනවා නම් ඔබේ දරු ප්‍රසුතිය සදහා ඔබේසහකරුවාත් එකතු කර ගන්න. එසේ නැතිනම් අවම වශයෙන් ඔහු ඔබ සමග ප්‍රසූතිකාගාරයට ඇතුලුවන තැන දක්වා කැඳවාගෙන යන්න. ඔබ අදහන ආගමික දර්ශනයට අනුව සිත සන්සුන්වන සහ අනිත් යට උදවුවක්, සේවයක් වන දෙයක් කිරීමෙන් ඔබට ඉතා හොඳ ප්රෙඅතිපාල ලැබෙනු ඇත.

* ශාරීර ශක්තිය වර්ධනය කර ගන්න

ඔබට බොහෝවිට ප්‍රසුතියේ පළමු අවස්ථාව අලුත් අත්දැකීමක් විය හැක. එයට ඔබේ සිරුර හැකි පමණ සුඋදානම් කරගන. ප්‍රසූතිය ආසන්න වන බව දැනුන විට නිතිපතා දිය නෑමෙන් පිරිසිදු වී සූඋදානම් වී සිටින්න. ඔබව ප්‍රබෝධමත් කල හැකි කෙටි ආහාරයක් සහ හැකි පමණ ජලය ලබා ගත හැකිනම් වඩාත් වැදගත් වේ. ඔබ රෝහල් ගත වීමෙන් පසු ඔබට කැමති ලෙස ආහාරයක් නොලැබීමට ඉඩ ඇත. බොහෝ විට වෛද්‍ය උපදෙස් අනුව ඔබට ආහාර වට්ටෝරුවක් නියම කරනු ඇත. ඔබට දරු උපතේදී වැඩි ශක්තියක් අවශ්‍ය වන නිසා ශරීරය ශක්තිමත් වන සේ ගර්භණී සමයේ අන්තිම මාසයේ ආහාර වැඩිපුර පෝෂ්‍යදායී කරගන්න.

* සුළු ව්‍යායාම ගන්න

දරු උපතක් යනු ඇඳ විවේකය පමණක් ගත යුතු අවස්තාවක් නොවේ. එයට සුඋදානම් වන විට හැකි පමණින් එහා මෙහා ඇවිදීම නිසා දරුවා ප්‍රසුතියට අවශ්‍ය පරිදි ස්ථාන ගත වීම පහසු වේ. මෙය ඔබේ වේදනාව ඉතා කුඩා ප්‍රමාණයකින් අඩු වීමට සහ රෝහල් ගත වීමෙන් පසු දරුවා බිහිවන තෙක් බලා සිටීමට සිදුවන කාලය අඩු වේ. තැනිතලා ස්ථානයක ඇවිදීම හෝ වාඩිවී හොදින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම ඔබට යම් සහනයක් සලසාවි.

* ක්‍රමවත් බවකින් කටයුතු කරන්න

ප්‍රසව වේදනාව ඇතිවීම කලින් තීරණය කල නොහැක. එම නිසා ප්‍රසුතියට සුදානම් වන ඔබ ඒ පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. බොහෝ මව්වරු පූර්ව ප්‍රසව වේදනාව ඉතා තදින් දරාගෙන සිටි. මෙය බොහෝ විට මව සිහිසුන් තත්වයට පත්වීමටත් ඉඩ තිබේ. ඔබ මේ කෙරෙහි වැඩි පීඩනයක් යොදන්නට එපා. ප්‍රසුත වේදනාව දැනෙන අවස්ථාවේ ඔබ ඒ සදහා සුදානම් නැති බව හැගීම වැලක්වීමට පෙර සිටම ක්‍රමවත්ව කටයුතු කරන්න. රෝහල් ගත වීමට යනවිට ගෙනයන ගමන් මල්ලට අවශ්‍ය ද්‍රව්‍ය ඔබ පෙර සිටම එකතු කර නිසි දිනට සති දෙකකටවත් කලින් නිවසේ කාටත් ලඟාවිය හැකි තැනක තබන්න.

* වෛද්‍ය, හෙද සහ වින්නඹු මාතාවගේ උපදෙස් පිළිපදින්න 

ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ හෙදියගෙන් තෙරපුමට උපදෙස් ලැබුණු විට තෙරපන්න. ඔබේ අපහසුතා ඔවුන් සමග කතා කරන්න. ප්‍රසුත අවස්ථාවේ වෛද්‍ය උපදෙස් හොදින් ඇහුන්කන් දී ඒ අනුව ක්‍රියාත්මක වන්න. අනවශ්‍ය තෙරපීම් එහා මෙහා වීම් ඔබවත් දරුවවත් පිඩනයට පත් කරාවී.
.................
.................

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි