Friday 11 April 2014

මවු කිරි දෙන ඔබට සුදුසු ආහාර,, ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි .

ලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා ප්රයත්නයත් නිසාය... ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද?

* ආහාර වේලට විවිධත්වයක් එක කර ගන්න

ඔබේ ආහාර වේල සමබල ආහාර වේලක් විය යුතුයි. අපි මෙයට පෙරත් දක්වූ පරිදි ආහාර පිරමීඩය අනුව ආහාර සැලසුම් කිරීම සුදුසුය. එහිදී කාබෝහයිඩ්රේට වැඩියෙන් කෑමට ගත යුතු උනත් ඔබ කය වෙහෙසන රැකියාවක නොදී නම් එය පමණට වඩා සුදුසු නැත. කාබෝහයිඩ්රේට ලබා ගැනීමට හැකි තරම් නිවුඩු සහිත ආහාර ගන්න. ඊට අමතරව පිරිපහදු කල සීනි භාවිතයෙන් වැලකී සිටින්න බලන්න. සීනි සහ පිටි අධික ආහාර වෙනුවට දවල් සහ හවස තේ වෙලාවට පලතුරු යුෂ බීමට හැකි නම් සුදුසුය.

* මේද වර්ග ප්රවේසමින් තෝරා ගත යුතුය 

සංතෘප්ත මේද සීමා කල යුතුය. පාම් තෙල්, පොල් තෙල්, බටර්, චොකලට්, චීස්, සොසේජස්, මීට් බෝල් ආදියෙහි මේවා වැඩියෙන් තිබේ. අත්යවශ්ය පමණට භාවිතය සුදුසුය. සොසේජස්, මීට් බෝල් වෙනුවට අලුත් මාළු කෑමෙන් ඔබට එම ප්රෝටීන ලබා ගත හැක. බදින ලද අල පෙති (french fries, potato chips), ගැඹුරු තෙලේ බැදපු කෑම (rolls, cutlet), මාගරින්, ක්ෂණික පෑන් කේක් මිශ්රණය, තෙලේ බැදපු කුකුල් මස් හා වෙනත් මස් වර්ග වලින් හැකි තරම් ඈත්  වන්න.

Omega-3 Fatty Acids ලෙස හඳුන්වන මාළු තෙල් වලින් සාදන ලද බෙහෙත් කරල් වර්ගයක් වේ. මෙය වෛද්ය උපදෙස් මත භාවිතා කරන්න.


* බෙහෙත් ගසන ලද පලතුරු භාවිතයෙන් වලකින්න

අද සමාජයේ මෙය ඉතා අපහසු උනත් ඔබට හැකි පමණ බෙහෙත් වර්ග යෙදූ පලතුරු වලින් වැලකී සිටින්න. විශේෂයෙන්ම මෙම පලතුරු වලින් අන්නාසි, අලි ගැට පේර, අඹ, කොමඩු ආදියේ වල නාශක සහ කෘමි නාශක අඩු යයි පිළිගත හැක. කෙසේ නමුත්  සොයා බලා විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්න.


* අලුත් මාළු හොඳයි, නමුත් ප්රවේසමින් තෝරාගෙන

අලුත් මාළු යනු ශරීරයට ප්රෝටීන ලබා ගැනීමට ඉතාම සුදුසු ආකාරයකි. DHA සහ Omega 3 Fatty Acid සහිත මාළු වර්ග හඳුනා ගැනීම ප්රයෝජනවත් වේ. සැමන්, තලපත්, හුරුල්ලෝ, කෙලවල්ලෝ මාළු ආදිය මෙම පෝෂ්ය පදාර්ථ සුලභව ඇති මාළු වර්ග වේ. එකම මාළු වර්ගයක් දිගටම නොගෙන හැම වර්ගයෙන්ම ටික ටික සතිය පුරා ආහාරයට ගන්න.


................
ඔබට ඇති වෛද්ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්යවරයාගෙන් අසන්න

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි