Thursday 17 April 2014

දියබත ....සාදන ක්‍රමය.ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට. . මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි. . බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි

දියබත කියන්නේ පාරම්පාරික ගැමි දිවිය එක්ක ඉතා අනාදිමත් කාලයක ඉඳලා බැඳිලා තියන කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය :-
1.රාත්‍රියේ උයා ගත් බත් ටිකක්
2.එයට දැමීමට බත් වැසෙන තරමට ජලය
3.පොල් බෑයක්
4. රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
5.වියලි මිරිස් කරල් 5-6 ක්
6.දෙහි ගෙඩියකින් බෑයක්
7 ලුණු අවශ්‍ය පමණට
8.සුද්ද කරපු පොල් කූරක්

සාදන ක්‍රමය
පෙර දින රැයේ ඉතිරි වූ බත් භාජනයකට දමන්න. පසුව ලියා ගත් රතු ලූණු, කබලේ බැදගත් වියලි මිරිස් කැබලි, ලුණු ස්වල්පයක් හා පොල් කිරිද දමා හොදින් අනා ගන්න. ඒ අතර දෙහි ඇඹුල් මිශ්‍ර කර නැවත අනා ගන්න. පසුව කෑමට ගන්න.
*****************************************************

ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත රෝග තත්ත්වයෙන් පෙළෙන අයට ඉතාමත් ගුණදායක මෙය මෙසේ පිළියෙල කරගන්න.
අවශ්‍ය දෑ :-
1. හාල් පත භාගයක පමණ බත්,
2. ලියාගත් රතුළුණු අත්ලකින් භාගයක් පමණ
3. පොල් බෑයක කිරි,
4. දෙහි බෑයක ඇඹුල්,
4. ලුණු ස්වල්පයක්,
5. කිතුල් හකුරු අවශ්‍ය පමණ.

සකස් කරන අන්දම.
රාත්‍රියේ ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් (එතරම් වැදගත් නොවේ. වෙනත් භාජනයක වුවත් කම් නැත්, නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න.) වතුර පීරිසි කෝප්ප දෙකක් දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි.

පසුවදා උදයේ එයටම කපාගත් රතුළුණු දමා, මිරිකාගත් පොල්කිරි එක්කර දෙහි ඇඹුල් සහ ලුණු මිශ්‍ර කර කිතුල් හකුරු එක්කර උදේ ආහාරයට ගත හැකියි.

මෙහි ඇති වැදගත්කම. හෙවත් ප්‍රයෝජන.
1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
2. වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි. බලන්න අද මේ රෝග තත්වය නිසා කී දෙනෙක් නම් දුක් විදිනවද, ඔබ මෙය පාවිච්චි කර අප දැණුවත් කරන්න. එවිට අන් අයටද මෙයින් ප්‍රයෝජනයක් ලැබීමට සිත් දෙයි. මේ නිසා අපේ රටට නාස්තිවන ධනය ශ්‍රමය කොපමණද, ඒ නිසා නිකමට වගේ අරන් බලන්න.
3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
5. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි