Friday 4 April 2014

අපේ‍්‍රල් 5 සහ15 අතර ප‍්‍රවේශමෙන්…!!!ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි

ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි – අපේ‍්‍රල් 5 සහ15 අතර ප‍්‍රවේශමෙන්…!!!


මේ දවස්වල මුළු රටේ ම තියෙන්නේ අතිශයින් උණුසුම් කාලගුණික තත්ත්වයක්. දහවල වගේ ම රාත‍්‍රියත් දහඩිය ගලන රස්නයක් තමයි හැම ප‍්‍රදේශයෙන් ම වාර්තා වෙන්නේ. උදේ අට, නවය වෙනකොට වෙන දවස්වල මද්දහනෙ තිබුණ තරමේ අව් රස්නයක් දැන් දැනෙනවා. මේ දවස් ගෙවා ගන්න එක ඇඟට වගේ ම හිතටත් අපහසුවක්…
‘‘ඇයි මේ තරම් රස්නේ?” කියලා අපි දවසකට කී පාරක් අහනව ද?, හිතනව ද? හරියට අපි එක පාර ම හැතැප්ම ගාණකින් ඉරට ළං වෙලා වගෙයි මේ දවස්වල හිරු කිරණ අපිව පීඩාවට පත් කරන්නේ….
අපි ජීවත් වන මේ පෘථිවි ගෝලය එක එල්ලේ හිරුට සමපාතව පිහිටලා නැහැ. හිරුගේ පිහිටීමට සාපේක්ෂව අංශක විසිතුන හමාරක ආනතියක් පෘථිවි ගෝලයේ තියෙනවා. පෘථිවියට හිරු වටා ගමන් කරන්න දින 365ක කාලයක් ගත වෙනවා. ඉතින් පෘථිවි ගෝලය ඇලව පිහිටා තිබීම නිසා පෘථිවියේ මැද ප‍්‍රදේශයේ, එ් කිව්වේ සමකය ආසන්නයේ තිබෙන අපේ රටවල්වලට අවුරුද්දකට දෙවතාවක් හිරු මුදුන් වෙනවා. එ් කියන්නේ අවුරුද්දකට දෙවතාවක් අපි හිරු සහ අපේ රට අතර තිබෙන අඩුම දුරින් පිහිටනවා. අන්න එ් කාල සීමාවන් දෙක එක වගේ ම උණුසුම්. දැඩි සූර්ය තාපයක් නිකුත් කෙරෙන එ් කාලවල මිනිසුන්ගේ විතරක් නෙමෙයි, සතා සිවුපාවුන්ගේ, ගස්වැල්වල වුණත් ප‍්‍රාණවත් බව අයින් වෙලා වෙහෙසකාරී, මැලවුණ ස්වභාවයක් පෙන්නුම් කරනවා.
සමකය දෙපසින් පිහිටපු කර්කටක හා මකර නිවර්තන කලාපවලට වසරේ එක කාලයක පමණයි හිරු මුදුන් වෙන්නේ. ජූනි 22 කර්කටක නිවර්තනයටත්, දෙසැම්බර් 22 මකර නිවර්තනයටත් හිරු මුදුන් වන බවයි කියැවෙන්නේ. මේ ගැනත් අපි සටහන් කළේ ඔබේ දැනුවත් භාවය වෙනුවෙනුයි.
සාමාන්‍යයෙන් මාර්තු 21 වනදා සහ සැප්තැම්බර් 23 වනදා හිරු පෘථිවි සමකයට උපරිම ළංවෙනවා. එ් නිසා අපේ‍්‍රල් මාසයේ මුල් සතියේ දී සහ ඔක්තෝබර් මාසයේ මුල් සතියේ දී ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙනවා. දින දහයක පමණ කාල සීමාවක් පුරාවට මේ ආකාරයට අපේ රටේ හිරු මුදුන් වීම දැකගන්නට පුළුවනි.
මේ වසරේ අපේ‍්‍රල් 05 – 15 අතර කාලසීමාව තමයි අපට හිරු මුදුන් වන කාලය ලෙස දැක්වෙන්නේ. මේ දින කිහිපය තුළ පොළොවට අධික හිරු රශ්මියක් ලැබෙන නිසා හිරු රැස්වලින් හානි සිදු විය හැකි අවකාශය ඉහළ යනවා. අන් දිනවලට වඩා වැඩිපුර අහිතකර හිරු කිරණ පෘථිවියට පැමිණෙන නිසා එමඟින් ඇති විය හැකි සෞඛ්‍යය හානියත් ඉහළයි. එපමණක් නො වෙයි, අධික සූර්ය තාපය නිසා ශරීරයේ ජලය දහදිය ලෙස ඉවත් වීමේන් ශරීරයේ ජල ප‍්‍රතිශතය අඩු වීමත්, එයින් ඇති වන විජලන තත්ත්වයන් නිසා සමට සහ අවයවවලට හානි සිදු වීමත් ඉහළ දැමෙනවා.
අහිතකර හිරු කිරණ වැඩි වශයෙන් සිරුරට ඇතුළු වීමෙන් චර්ම පිළිකා තත්ත්ව පවා ඇති වන්නට පුළුවන්. අහිතකර හිරු කිරන නිසා සමේ ෙසෙල විකෘති වීමෙනුයි මේ පිළිකා ඇති වන්නේ. හිරු කිරණ මඟ හැරීමෙන් මේ පිළිකාත් මඟ හැර ගන්නට ලොකු අවස්ථාවක් තිබෙනවා….
සිරුර රැකගන්න නම් වතුර බොන්න..!!!
මේ අධික සූර්ය තාපයෙන් ශරීරයට හානි සිදු වන එක වළක්වන්න නම්, පිපාසය හැදෙන තුරු බලා නො සිට නිතර වතුර බීමට ගන්න.
වතුර නිතර පානය කිරීමෙන්,
- ඔබේ ශරීරයෙන් දහදිය ලෙස ඉවත් වන ජල ප‍්‍රමාණය නැවත ශරීරයට ලබා දෙන්නට පුළුවන්.
- ඔබ විජලනයට ලක් වීම වැළකෙනවා.
- ඔබේ ශරීරය වියළීමත්, හම රැුළි වැටීමත් පාලනය වෙනවා.
- සමේ සහ ශරීරයේ ස්වභාවික සමතුලිතතාවය රැකගන්නටත් පුළුවනි.
අධික ලෙස ශීතල කළ ජලය හෝ බීම වර්ග මේ දිනවල භාවිත නො කරනවා නම් වඩාත් හොඳයි. අධික තාපය නිසා ප‍්‍රසාරණය වී තිබෙන, එ් කිව්වේ දිග හැරී තිබෙන ශරීර කොටස් අධික ශීතල නිසා එක වර ම සංකෝචනය වෙන්නට, එ් කිව්වේ හැකිලෙන්නට උත්සාහ කරනවා. එය ශරීරයට හිතකර දෙයක් නො වෙයි….
එ් වගේ ම……..
ගමන් බිමන් යෑමේ දී පවා සමට දැඩි හිරු රැුස් නො වදින ආකාරයෙන් ප‍්‍රවේශම් විය යුතුයි. කුඩයක් භාවිත කිරීමත්, උදය, සවස හෝ රාත‍්‍රි කාලය ගමන් බිමන්වලට යොදාගැනීමත් වඩාත් සුදුසු වේවි. තාපය වැඩි වශයෙන් උරා ගන්නා කළු පැහැති ඇඳුම් භාවිතයෙන් මේ දිනවල ඈත් වී සිටීම ඔබේ සෞඛ්‍යයට ගුණදායකයි….
කොහොම වුණත්, මුහුදෙන් වට වුණ සහ තවමත් ගස් කොළන්වලින් හිස් නො වුණ භූමි භාගයක් විදිහට අපේ රට පිහිටලා තියෙන නිසා මේ කාල සීමාව තුළ වුණත් අතරින් පතර වැසි ඇති වන්නටත් පුළුවන්….
එ් කොහොම වුණත්, අවධානමට පෙර සූදානමින් සිටින එකයි හැම දෙනාටම යෝග්‍ය වෙන්නේ….

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි