Sunday 13 April 2014

මළදරු උපත්

stillbirth තම ආදරණීය අයෙකුගෙන් වෙන් වීම ඉතාම දුකට කරුණකි. ඔබ පෙරුම් පුරා බලා සිටි ළදරුවා ක්ෂණයකින් ඔබ හැර ගොස් ඇති බව දැනුනොත් එය පහසුවෙන් දරා ගත හැකි දුකක් නොවේ. එනිසා ඔබ කුස තුල වැඩෙන දරුවා පිලිබඳ අවධානයකින් සිටිය යුතුය. මෙම ලිපිය මගින් ඔබට මල දරු උපත් පිළිබද කරුණු කිහිපයක් විස්තර කෙරෙනු ඇත.

මළ දරු උපත් යනු කුමක්ද?

මළ දරු උපත් යනු සති 20 පසු මියගිය දරුවා බිහි වීමයි. සති 20 පෙර දරුවා මිය යාම ගබ්සා වීමක් ලෙස හදුන්වයි. මෙලෙස දරුවා ඉපදීමට පෙර මිය යාම ගැබ් ගැනීම් 200 කට 1ක් සිදු වේ. සාමාන්‍ය ගැබ් ගැනීමකදී මළ දරු උපත් සිදු වීම දෙමාපියන් අතිශය ප්‍රබල පසු තැවිමකට ලක් කරයි. වරක් හෝ ඊට වැඩි වාර ගණනක් මළ දරු උපත් සිදුවුනත් සමහර කාන්තවන් ඔවුන්ගේ පසු ගැබ් ගැනීමේදී නිරෝගී දරුවන් බිහි කිරීමට හැකියාව ඇත. මවගේ නිදන් ගත රෝගී තත්ත්ව හෝ ජානමය අබාධ මළ දරු උපත්ඇතිවීමේ අවධානම ඉහල දමයි.

මළ දරු උපත් හදුනා ගන්නේ කෙසේද?

ගර්භනී ඔබ සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු හමු වුනු අවස්ථාවක හෝ දරුවාගේ චලන නොදනී යාම නිසා වෛද්‍යවරයෙකු හමුවීමට යාමේදී මේ බව දැන ගත හැක. වෛද්‍යවරයා විසින් දරුවාගේ හෘද ස්පන්දනයට අතිධ්වනි තරංග උපකරණයක් මගින් සවන් දීමේදී හෘද ස්පන්දනය නොඇසේ නම් දරුවමිය ගිය බවට තහවුරු කරනු ලැබේ. සමහර අවස්ථා වල එම උපකරණය මගින් දරුවා මිය ගිය හේතුව සොයා ගත හැකි වේ. නිවැරදිව මේ පිළිබද නිර්ණය කිරීම සදහා වෛද්‍යවරයා විසින් රුධිර පරීක්ෂාවක් සිදු කරනු ලබයි. මිට අමතරව වර්ණදේහක පරීක්ෂාවක් මගින් මේ සදහා වර්ණදේහක හේතු වුවාද යන්න පරීක්ෂා කර ගත හැක.

මළ දරු භ්‍රෑණය ඉවත් කරන්නේ කෙසේද?

භ්‍රෑණය මිය ගිය බව තහවුරු කර දැනගත් පසු එය ඉවත් කිරීම සිදු වේ. මෙය වෛද්‍ය පරීක්ෂාව යටතේ සිදු කරන දෙයකි. ඇතැම් විට දරුවකු බිහි කරන ආකාරයට භ්‍රෑණය එලියට ගැනීමට හැකිවේ. මෙහිදී මවට බෙහෙත් වර්ග දීමෙන් ගැබ්ගෙල ලිහිල් කරවීමට කටයුතු කරනු ඇත. එවිට භ්‍රෑණය එලියට ගැනීමට පහසු වේ. මෙය සාර්ථක නොවේ නම් ශල්‍ය කර්මයකට භාජනය කරනු ඇත.

මළ දරු උපත් වලට හේතු

බොහෝ මළ දරු උපත් වලට හේතු සොයා ගත නොහැක. හදුනා ගන්නා ලද හේතු කිහිපයක් පහත දැක්වේ.
  • දරුවාගේ දුර්වල වර්ධනය - දරුවා ඉතා හෙමින් වර්ධනය වීම මළදරු උපත් අවධානම වැඩි කරයි.
  • අන්තර් ගර්භාෂ වර්ධනය සිමා වීම් මේ කෙරෙහි විශේෂයෙන් බලපායි.
  • කලලබන්ධය සම්බන්ධ ගැටළු - අනපේක්ෂිත ලෙස දරුවා ඉපදීමට පෙර කලල බන්ධය කලලයෙන් ඉවත් වීම මළදරු උපත් සිදු වීමට බහුල හේතුවකි.
  • වර්ණදේහක අසාමාන්‍යතා සහිත හෝ රහිත උපත් අඩුපාඩු - වර්ණදේහක අසාමාන්‍යතා හෝ ජානමය ගැටළු මෙන්ම ව්‍යුහාත්මක ගැටළු මෙයට බලපෑ හැක. බොහෝ මළදරු උපත් සදහා හේතු කිහිපයක් බලපායි. ඩවුන්ස් සහ ලක්ෂණය නිසා ද මෙය ඇති විට හැක. ඊට අමතරව දෙමවුපියන්ගේ ජානමය ගැටළු, පාරිසරික සාධක ආදියද බලපානු ඇත.
  • ගර්භනී සාමය තුල සිදු වූ ආසාදන - මවට, දරුවට මෙන්ම කලලබන්ධයට සිදුවන අසාදන මේ සදහා හේතු විය හැක. බොහෝ විට සති 28ට පෙර අසාදන තත්වයකට මුහුණ පෑම මළදරු උපතක් සදහා හේතු විය හැක. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මවට නොදැනීම මෙමෙ ආසාදන පැවතිය හැකි වීමයි!
  • Umbilical cord (නාභියට සම්බන්ධ නාලය) නිසා වන අනතුරු - Umbilical cord (නාභියට සම්බන්ධ නාලය) පිළිබද ගැටළු මළදරු උපත් සදහා ඇතැම් විට (අඩු සම්භාවිතාවයකි) හේතු වේ. එම නාලයේ ඇති වූ ගැටයක් හෝ නාලය නිසියාකාරව කලලබන්ධය සමග සම්බන්ධ නොවීම නිසා කලලයට සැපයෙන් ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමක් සිදුවේ.
  • මිට අමතරව සිතෙහි ඇතිවන කලබලකාරී තත්වයකදී හෝ ප්‍රසුතියේදී ඇතිවන ඔක්සිජන් මද බව, අධි රුධිර පීඩනය,දියවැඩියාව වැනි මවගේ රෝගී තත්වයන්, පෝෂණය මද වීම, පාරිසරික කෘමිනාශක වලට නිරාවරණය වීම, රුධිර කැටි ගැසීම් තත්වය සහිත පවුලේ ඉතිහාසය මළදරු උපතක් සදහා හේතු විය හැක.
  • මළ දරු උපත් අවදානම පාලනය
ඔබගේ වයස අවුරුදු 35ට වඩා වැඩි වීමත්, අධික ස්ථුලතාවය, නිවුන් හෝ බහු දරු උපත්, සහ ජානමය සාධක මෙයට බලපානු ඇත. එනිසා මෙයින් ඔබේ පාලනය යටතේ පවතින දේ, එනම් වයස 35ට පෙර උපතක් සැලසුම් කිරීම, නිවැරදි ආහාර සහ ක්‍රියාකාරකම් මගින් බර අඩු කරගැනීම, නිවුන් හෝ බහු දරු උපතකදී නිසි අවධානයෙන් සිටීම ආදිය කල හැක. එපමණක් නොව ඔබට අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදිය ඇතිනම් නිසි ලෙස පාලනය කරන්න. ආසාදන ඇතිවී ඇත්දැයි සෙවිල්ලෙන් සිටින්න. 28 වැනි සතියෙන් පසුව දරුවා දඟලන (kick) වාර ගණන ගණන් කරන්න. එය පැය දෙකක පරාසයක් තුල පහරවල් 10ක් නම් දරුවා සාමාන්‍ය ලෙස චලනය වේ. නමුත් එය ඊට අඩුනම් අවධානයෙන් සිට වෛද්‍ය උපදෙස් පතන්න. placental abruption (කලකබන්ධය ගර්භාෂයෙන් ගැලවී යාම) සිදු වී ඇත්නම් ලේ වාහනයක් දැකිය හැක. අවධානයෙන් සිටින්න. වහාම වෛද්‍ය උපදෙස් ගෙන අවශ්‍ය නම් සීසර් සැත්කමකින් දරුවා එලියට ගැනීමට සිදුවේවි.

මළ දරු උපතකින් පසු

මෙවැනි දෙයක් කිසිවකුට සිදු නොවේවායි අපි පතමු. නමුත් ලෝක ස්වභාවය අනුව මෙය සිදු වීමේ සම්භාවිතාවයක් ඇති නිසා නිතරම මානසික තත්වය ශක්තිමත් කරන දේවල් කිරීම ඉතා වැදගත්ය. ඔබ අධාහන ආගම නිසි ලෙස අදහමින්, වතාවත් කරමින් කාලය ගත කිරීමද භාවනා ක්‍රම අනුගමනය කිරීමද, බලාපොරොත්තු මට්ටම පාලනය කරගෙන සිටීමද වැදගත්. කිසිදු ආගමික ඇදහීමක් මගින් මළ දරුවා ඔබ වෙත ගෙන ඒමට නොහැකි උනත්, එමගින් සිතට ලැබෙන සහනය නම් කියා නිම කල නොහැකි වනු ඇත. 
..................

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි