Sunday 13 April 2014


නොමේරු දරු උපතක් යනු ඔබ තරමක් තැති ගැන්වීමකට ලක් කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් නිවැරදි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා දීමෙන් නොමේරු දරුවාව ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය දරුවකුගේ තත්ත්වයට වර්ධනය කර ගත හැක. ඇතැම් විට වෛද්‍ය උපදෙස් යටතේ මෙම දරුවන්ට මවු කිරි වලට අමතර පෝෂණ අතිරේක ලබා දීමට සිදු විය හැක. එවැනි විවිධ පෝෂණ අතිරේක පිළිබඳව මෙම ලිපියෙන් සාකච්චා කරමු.

දරුවකුට වඩාත්ම ගැලපෙන පෝෂණය මවුකිරි වලින් ලැබෙන අතර පහත දැක්වෙන අතිරේක පෝෂණ සංයෝග වෛද්‍ය වරයකුගේ අනුමැතිය යටතේ පමණක් භාවිතා කල යුතුය.
 

* දරුවාට කිරි උරා බීමට නොහැකි විට


ඇතැම් නොමේරු දරුවන්ට මවු කිරි උරා බීමට නොහැකි නම් එය නල මාර්ගයෙන් ලබා දීමට සිදුවේ. නමුත් ඔබ දරුවාව හැකි සියලු අවස්තාවලදී කිරි පොවන ආකාරයට ලඟට තබාගෙන ඔබේ උණුසුම සහ ඔබේ සම ස්පර්ශය ලබා දෙන්න. එමගින් දරුවා සහ ඔබ අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගනු ඇත. ඇතැම් නොමේරු දරුවන් මව් කිරි ලබා ගත්තද සාමාන්‍ය දරුවන්ට මෙන් මව් කිරි පමණක් ප්‍රමාණවත් නොවේ. එම නිසා වෛද්‍යවරු විසින් පෝෂණය අතිරේක නිර්දේශ කරනු ලබයි.
 

* නොමේරු දරුවාට රෝහලේදී දෙන අතිරේක 


මුල්ම අවධියේ දරුවාට කිරි උරාබීමට නොහැකි නම් සහ නලයක් මගින් පෙවීමටත් නොහැකි නම් නහර වලට සේලයින් දෙන ආකාරයට පෝෂණය ලබා දීමට සිදු වනු ඇත. මේ අවස්තාවේදී දරුවාගේ මුල් අවධියේ වර්ධනයට අවශ්‍ය වන ප්‍රෝටීන (ඇමයිනෝ අම්ල), විටමින, ලවණ සහ ශක්තිජනක (කාබෝහයිඩ්රේට) සහිත විශේෂ මිශ්‍රණයක් භාවිතා කරනු ඇත. ඒ අතරම ඔබේ මවුකිරි මිරිකා එකතු කර දරුවා එය බීමට සුදුසු තත්ත්වයට පැමිණි විට පෙවීම සඳහා අධිශීත කිරීමද ඇතැම් රෝහල් වල කරනු ඇත. ඊට අමතරව මවගේ කිරි ශ්‍රාවය වීම සිදු නොවේනම් හෝ ප්‍රමාණවත් නැතිනම්, විශේෂ පෝෂණ අතිරේක ඇත. එය ලබාදීමෙන් මවුකිරි වල අඩුව තරමක් දුරට පිරිමසා ගත හැක.
 


* වර්ධක සංයෝග

නොමේරු ලෙස උපන් දරුවන්ගේ බර රාත්තල් 3 1/2 වඩා අඩු වේ. මේ නිසා ඔබේ බිලිදාගේ වර්ධනයට වෙනත් ශක්ති ජනක එකතු කර ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දෙයි. එසේ උපදෙස් ලබාදීමේදී වෛද්‍ය උපදෙස් මත පහත සංඝටක එකතු කර ගැනීම වැඩ යෝග්‍ය වේ. නමුත් මෙම සංයෝගය අවශ්‍ය වන්නේ දරුවාගේ අස්ථි සහ මාංශ ප්‍රමාණවත් ලෙස වැඩෙන තුරු පමණි.


    අතිරේක කැලරි
    විටමින්
    ප්‍රෝටීන්
    ඛනිජ

* හිතකර බැක්ටීරියා සංයෝගය


Probiotic ලෙස හඳුන්වන මෙම සංයෝග මගින් දරුවාගේ උදරයේ (ආහාර මාර්ගය ආශ්‍රිත) ආසාදන වලක්වයි. මෙම ප්‍රොබයෝටික් සංයෝගය නිසා necrotising enterocolitis තත්වය ඇතිවීමේ අවධානම අඩු කරයි. necrotising enterocolitis යනු දරිවාගේ බඩවල් වලට අහිතකර වන තත්ත්වයකි.  * විටමින් වර්ග අප එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන විටමින් පෙති සහ සිරප් අලුත උපන් දරුවාට දිය නොහැක. එම දරුවාට ගැලපෙන මාත්‍රාවට නිෂ්පාදනය කල විශේෂ විටමින් සංයෝග පවතී. විශේෂයෙන්ම දරුවාගේ වර්ධනයට විටමින් D අවශ්‍ය වේ. විටමින් D ශරීරය තුල නිපදවීමට හිරු එලියට නිරාවරණය වීමේදී සිදුවන අතරනොමේරු දරුවා බොහෝ විට හිරු එලියට පමණට වඩා නිරාවරණය නොකරයි. (දරුවා දැඩි හිරු එලියට නිරාවරණය වීම සමේ පිළිකා ඇතිවීමට මඟ පාදයි). වෛද්‍ය උපදෙස් මත ඔබට දරුවාට සුදුසු විටමින් සංයෝගයක් ලබා දීමට සිදුවේ. දරුවා මවුකිරි වලින් සාමාන්‍ය ආහාර වලට මාරු වන වයස වන විට දරුවාට ආහාර වලින් ප්‍රමාණවත් ලෙස විටමින නොලැබේනම් සුදුසු සිරප් වර්ගයක් වෛද්‍ය වරයා මගින් නිර්දේශ කර ගන්න.* කිරි වමනය යෑම දරුවාගේ උදරයට ආහාර ඇතුළුවන දොරටුවක් වැනි අවයවයක් පවතී. ඇතැම් නොමේරු දරුවන්ගේ මෙය නිසි ලෙස වැසී යාම සිදු නොවන නිසා එම දරුවන් කිරි වමනය කිරීම දැකිය හැක. එවිට ඔබ දරුවාට වරකට කුඩා ප්‍රමානයක් කිරි දීම සහ එම ආහාර දීමෙන් පසු ටික වෙලාවක් කෙලින් අතට තබා ගැනීමෙන් මෙමෙ තත්වය පාලනය කල හැක. කුඩා ප්‍රමාණ වලින් වැඩි වාර ගණනක් කිරි ලබාදෙන්න. දරුවාගේ පළමු අවුරුද්ද තුල මෙම තත්වය සමනය නොවේ නම් වෛද්‍ය උපදෙස් පතන්න.
 

* විශේෂ අවස්ථා

මව් කිරි අසාත්මිකතා සහිත දරුවන්ටද පෝෂණ අතිරේක නිර්දේශ කරනු ලැබේ. මෙමෙ දරුවන් සදහා විශේෂිත ක්‍රම වේද සහිත පෝෂන අතිරේක ලබා දීමක් සිදු කෙරේ. එලෙසම ආහාර දිරවීමේ අපහසුතා මෙන්ම ආහාර වලින් පෝෂණය උරා ගැනීමේ නොහැකියාව සහිත දරුවන්ටද විවිධ විශේෂිත ආකාර වලින් පෝෂණ අතිරේක ලබා දීම සිදු කෙරේ.
 

* සාමාන්‍ය මවුකිරි සහ ආහාර වලට පුරුදු කිරීම


දරුවාට කිරි උරාබීමට තවමත් නොහැකි නම් ඔබ මවුකිරි පොම්ප කිරීමේ උපකරණයක් භාවිතා කර හැක. එම පොම්ප කල කිරි විශේෂ බෝතලයක්/සූප්පුවක් හෝ නලයක් මගින් දරුවාට ලබාදෙනු ඇත. එවිට දරුවාගේ වර්ධනයත් සමග දරුවා මව් කිරි සදහා පුරුදු කර වීම පහසු වේ. දරුවා කිරි උරා බොන තත්වයට පැමිණි විට ඔබ සාමාන්‍ය ආකාරයට මවු කිරි ලබා දෙන්න. උපතින් මාස 5 පසුවන විට කෙමෙන් කෙමෙන් සාමාන්‍ය ආහාර ලබා දීම ආරම්භ කරන්න. දරුවාගේ වෛද්‍ය සංකූලතාවයක් නොමැති නම් සහ දරුවා මේ වන විට සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන්නේ නම් වෙනත් දරුවන්ට ලබාදෙන ආහාර පාන ලබා දෙන්න. නමුත් වරින් වර වෛද්‍ය වරයා හමුවී සංකූලතාවයක් තිබේදැයි සොයා බලන්න අමතක කරන්න එපා.

නිසි අවධානය ලබා දුන් විට බොහොමයක් නොමෙරූ දරු උපත් වලින් මෙලොවට පැමිණි දරුවන් ඉතාම සාමාන්‍ය තත්ත්වයට වර්ධනය වේ. එනිසා මෙය බිය විය යුතු හෝ තැති ගත යුතු තත්වයක් නොව, නිසි ලෙස දැනුවත්ව නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු තත්වයකි.
 

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි