Thursday 17 April 2014

ඔස්ටියොපරෝසියා‍ව අස්ථි ඛාදනය හෙවත් ඔස්ටියෝපොරෝසිස් රෝගයට තුරුණු වියේ සිටම වැට බඳිමු

ඔස්ටියොපරෝසියා‍ව
අස්ථි ඛාදනය හෙවත් ඔස්ටියෝපොරෝසිස් රෝගයට තුරුණු වියේ සිටම වැට බඳිමු
****************************************************

ඕනෑම පුද්ගලයෙකුගේ සුන්දරතම අවධිය දඟකාර යෞවනය වීම නිසායි. නමුත් ලෝක ධර්මතාවය මත ඹ්නෑම පුද්ගලයෙකු රෝගීවීම , මහළු වීම ස්වභාවයෙන්ම සිදුවන බැවින් මහළු වියේදි හටගත හැකි අසහනකාරී රෝග තත්ත්ව වලින් මිදීමට ජීවිතයේ තරුණ සමයේදී අවධානය යොමු කළ යුතුය. සිතා බලා බුද්ධිමත්ව තීරණ ගැනීමට තරුණවිය තරම් සුදුසු වෙනත් අවධියක් නොමැත්තේය.
Osteoporosis හෙවත් අස්ථී ඛාදනය යන වදන ඔබ අසා ඇතිවාට සැක නැත. එහි අරුතද ඇතැම් විට නොදන්නවා නොවිය හැක. Osteo යනු ‛‛අස්ථී සම්බන්ධ’’ (Concerning bone or bones) යන්නයි. porosi යනු ‛‛ඛාදනය’’ හෙවත් අස්ථියේ ඝනත්වය අඩු කිරීමයි. මේ හේතුව නිසා අස්ථීවල ශක්තිමත් බව, සංධාරණ හැකියාව, අස්ථීවල ක්‍රියාකාරිත්වය බෙහෙවින්ම අඩු වී යා හැකියි. අස්ථීවල ශක්තිමත් බව අඩුවීම අප කාහටත් සුළු කොට තැකිය නොහැක. මන්ද, සිරුරේ පදනම බිඳ වැටීම මත සදාකාලික පීඩාකාරී තත්ත්වයනට ඉඩ සලසන බැවිනි.

සිරුරේ සැඟවී ඇති රෝගයක් වන Osteoporosis මුලින්ම හඳුනාගත හැක්කේ උකුලේ හෝ මැණික් කටුවේ අස්ථීන්වල සිදුවිය හැකි බිඳුමක් ලෙස විය හැකියි. Osteoporosis හී රෝග නිධානය සොයාගැනීම එහි රෝග ලක්ෂණ මතුවීමට පටන් ගැනීමෙන් පසුව කරන්නට සිදු වීම මෙම රෝගයේ විශේෂත්වයකි. මෙම තත්ත්වය නිසාම Osteoporosis මුල් අවධියේදීම හඳුනාගෙන වළක්වා ගත යුතු රෝගී තත්ත්වයක් ලෙස වෛද්‍යවරුන් විස්තර කරති.
Osteoporosis රෝගය පිළිබඳව විසල් වෛද්‍යමය පර්යේෂණ සිදුකළ රටවල් අතර ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය හා ස්විස්ටර්ලන්තය ප්‍රධාන තැනක් ගනී.

මෙම රටවල් සිදුකළ පර්යේෂණ සමස්තයක් වශයෙන් ගත් කළ, එමඟින් සනාථ වන්නේ අස්ථී ස්කන්ධය හා ජාන වෙනස්වීම් අතර ^VDR - vitamin-D receptor) බිඳලිය නොහැකි වු සම්බන්ධතාවයක් ඇති බවයි. පරම්පරාගතව දිඑැදචදරදිසි රෝගය පවතිනුයේ නම් ඒ සදහා කලින්ම ප්‍රතිකාර විධි පවත්වා ගැනීම තුළින් සම්පුණ වශයෙන්ම රෝගය සුවකර ගත හැකි බව වෛද්‍ය මතයයි. නමුත් රෝගය මතුවී දිගු කාලයක් ගතවන තුරුම හඳූනාගත නොහැකි විම නම් අවාසනාවට කරුණකි.



මෙම රෝගය වැඩිපුරම දක්නට ලැබෙනුයේ ආසියා මහද්වීපයේ බව සමීක්ෂණ වලින් හෙළිවී ඇත.



මේ තත්ත්වයට හේතු මොනවාද ?

· ආසියානු කලාපයේ ජනතාවගේ ආයු අපේක්ෂාව ඉහළ යාම.

· වැරදි සහගත වු ආහාර විහරන රටාවන්

· අලස දිවි පැවැත්ම හා වැරදි ජීවන රටා

· මිථ්‍යා අදහස් හා මතිමතාන්තර ප්‍රමුඛස්ථානයක් ගනී.



Osteoporosis ඇති වීමට ප්‍රධාන හේතු

· ස්ත්‍රී භාවය- කාන්තාවන් අතර බහුලව පවතින රෝගයක් වීම. පිරිමින්ට වඩා 3රැ4 ක ගුණයකින් මෙම රෝගය කාන්තාවන් අතර පවතින බව හෙළිවී ඇත. කාන්තාවන් ගේ අස්ථී සිහින් වීම සහ අස්ථීවල ඝනත්වය අඩුවීම මීට හේතුවයි. තවද ආර්ථවහරනයේදී කාන්තාවන්ගේ අස්ථී දිරාපත් වීමද මීට හේතුවක් ලෙස ගත හැකියි. මේ තත්ත්වය අවුරුදු 40-60ත් අතර වයස් කාණ්ඩයේදී බහුලවම දක්නට ලැබේ.

· වයස්ගත භාවය - වයසින් වැඩිවත්ම රෝගය ඇති විමේ අවදානම වැඩි විය හැකියි.

· පරම්පරාගත භාවය - පරම්පරාවේ යම් පුද්ගලයෙකුට මෙම රෝගය තිබීම.

· ආර්තව චක්‍රය නැවතුණු කාන්තාවක් වීම. නැත හොත් ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවක් වීම.

· කැල්සියම් වැනි අත්‍යාවශ්‍ය මුලද්‍රව්‍ය පෝෂකයන් අඩංගු ආහාර පාලනය කිරිම.

· අපස්මාරය සඳහා ගන්නා විවිධ ඖෂධයන් නිසා

· පුරුෂ ලිංගික හෝර්මෝනයක් වන testosteron ප්‍රමාණය අඩු වීම නිසාය.

· අලස , නුගත් ජිවන රටාවන්

· දුම්පානය සහ මධ්‍යසාර වලට තදින් ඇබ්බැහි විම.

· දිළිදු බව, අස්ථී වර්ධනය සඳහා අවශ්‍යවන පෝෂ්‍යදායක ආහාර-පානාදිය නොලැබීම.

· අයහපත් දෛනික ජීවන රටාවන් සහ චර්යාවන්

පහත කරුණු පිළිබදව සළකා බැලීමෙන් මුල් අවධියේදීම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරිම නුවණට හුරුය.



Osteoporosis රෝගයෙන් වැළකෙන අයුරු



තරුණ අවධියේදීම රෝගය හඳූනාගැනීමට ක්‍රියා කළ යුතුයි. වැරදි සහගත චර්යා... පුරුදු වලින් අත්මිදීම කළ හැකි මුල්ම හා නිවැරදිම ප්‍රතිකාරයයි. තරුණ වියේදී සිරුර හැඩට පවත්වා ගැනීම සඳහා ආහාර පාලනය කිරිම කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ගේද විලාසිතාවක් වී ඇත. මේ හේතුව නිසාම සිරුරේ අස්ථීවල සවිමත් බව ඇතිකිරිමට අත්‍යාවශ්‍ය වන කැල්සියම් අයන ^ca+2) ප්‍රමාණය තුනී වී යා හැකියි. යොවුන් වියේදී 45% -50% අතර කැල්සියම් ප්‍රතිශතයක් සිරුරට අත්‍යාවශ්‍ය වන බැවින් ආහාර පාලනය නිසා වයසට යත්ම මෙම රෝග තත්ත්වය මතුවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකියි.



වයස අවුරුදූ 20 දී පමණ අස්ථීවල දිග, ඝනත්වය, ශක්තිමත් බව වැඩි වීම සදහා ක්‍් අවශ්‍යවන බැවින්, ආහාරයට ප්‍රමාණවත් ලෙස කැල්සියම්වලින් සරු පෝෂක එකතු නොවුවහොත් අස්ථීවල වර්ධනය, ක්‍රියාකාරීත්වය සිදු නොවීම මත දුර්වල අස්ථී පද්ධතියට හිමිකම් කීමට සිදුවීම දිඑැදචදරදිසි රෝගයට අත වැනීමක් වැනිය.



එම නිසා උපතේ සිටම වයස අවුරුදු 30 දක්වා පමණ කාලයක් ගතවන තුරුම වැඩිපුර කැල්සියම් ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීම නුවණට හුරුය.



හැඩට නටන්නට, දුවන්නට, පනින්නට හැකි දඟකාර යෞවනය බුද්ධිමත්ව සතුටින් ගතකීරීම මෙන්ම අයහපත් සෞඛ්‍ය පුරුදු ඉවතලා යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම අදට වඩා හෙටට ප්‍රයෝජනවත් වන බව වටහාගත යුතුයි. Osteoporosis රෝගයට වැට බැඳීමට සුදුසුම අවධිය යෞවනයයි. එම නිසා ඔබ බුද්ධිමත් නම් ඔබේ අස්ථි සුවසෙතෙහිද ආරක්ෂාවේ පෙරවදන සැපයෙන්නේ තුරුණු වියෙහි ඔබේ ක්‍රියාකාරිත්වය මතම බව හොඳින් වටහාගත යුතුයි.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි