Friday 11 April 2014

සමලිංගික (සමරිසි) ඇසුරකට හුරුවී තරුණියන් දෙදෙනකු වෙන් කිරීම සඳහා වැඩිහිටියන් කළ අවවාද නොරිස්සූ එක් තරුණියක තමා විසින්ම තම උදර ප්‍රදේශයට පිහියකින් ඇනගෙන තුවාල කරගනු ලැබූ සිද්ධියක්

සමලිංගික (සමරිසි) ඇසුරකට හුරුවී නිවෙසක එකට වාසය කළ බවට සැක කෙරෙන 22 හැවිරිදි තරුණියන් දෙදෙනකු වෙන් කිරීම සඳහා වැඩිහිටියන් කළ අවවාද නොරිස්සූ එක් තරුණියක තමා විසින්ම තම උදර ප්‍රදේශයට පිහියකින් ඇනගෙන තුවාල කරගනු ලැබූ සිද්ධියක් පිළිබඳ නවගත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.


නවගත්තේගම ඉඟිණිමිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක මෙසේ අනතුරට පත්වූ බවත් පසුව ඇය ප්‍රතිකාර සඳහා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇති බවත් නවගත්තේම පොලිස් ආරංවි මාර්ග පවසනවා.

පොලිස් පරීක්ෂණවලට අනුව පිහි ඇනුම සිදුකර ගත් තරුණිය මීට වසරකට පමණ උඩදී කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇත.

එහිදී ඇය සිය සේවා ස්ථානයට බිංගිරිය ප්‍රදේශයෙන් පැමිණ සිටි සම වයසේ තරුණියක සමඟ මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති බවත්, අනතුරුව එම මිතුදම දුරදිග යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනාම මීට මාස කිහිපයකට පෙර රැකියාවෙන් ඉවත්වී බිංගිරිය තරුණියගේ නිවෙසේ එකට ජීවත්වීමට පුරුදු වී ඇති බවත් පැවැසේ.

මෙසේ දින සති මාස බවට පත්වන විට තරුණියන් දෙදෙනා අතර පවතින සමීප ඇසුර එතරම් හොඳ එකක් නොවන බවට සැක සිතූ එම නිවැසියන් වහාම එම ඇසුර නවත්වන ලෙසට දෙදෙනාටම අවවාද කර ඇත. එසේම එහිදී ඉඟිණිමිටියේ තරුණියටද තමාගේ නිවෙසට යන ලෙසටත් එම වැඩිහිටියන් ඇයට පවසා ඇත.

මෙහිදී වැඩිහිටියන්ගේ අවවාදවලට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ තරුණියන් දෙදෙනා ඊට දින කිහිපයකට පසුව එක්වරම නිවෙසින් අතුරුදන්වී ඇත.

එසේ අතුරුදන්වූ තරුණියන් දෙදෙනා ඊට සති කිහිපයකට පසුව ඉඟිණිමිටිය තරුණියගේ නිවෙසේ සිටියදී සොයා ගැනීමට බිංගිරිය තරුණියගේ පියාට සහ ඥාතිවරියකට හැකි වී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුහු පසුගියදා කරන ලද පැමිණිල්ලකට අනුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා කරුණු කාරණා අවබෝධ කරදුන් බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් නවගත්තේම තරුණිය ඇගේ පියා සමඟත් බිංගිරියේ තරුණිය ඇගේ පියා සහ ඥාතිවරියක සමඟත් වෙන් වෙන්ව පොලිසියෙන් පිටව ගිය බව වාර්ථා වනවා.

එසේ තම පියා සමඟ පිටව ගිය නවගත්තේගම තරුණිය පොලිස් භූමියෙන් පිටවනවාත් සමඟම මෙසේ පිහියකින් ඇනගෙන ඇති බව පොළිස් ආරංචි මාර්ග uputa genima antharjalyenපවසයි.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි