Thursday 17 April 2014

පිළිකා සඳහා හේතු කවරේද?

පිළිකා සඳහා හේතු කවරේද?



අප සියලුදෙනාටම පිළිකා සෑදීමේ අවධානමක් පවතී. බෝහෝ පිළිකාවන් බිහිවනුයේ කිසිමහේතුවක් දක්නට නොමැතිවය. කෙසේ නමුත් සමහර අවදානම් සාධක (Risk factors) නිසා ඔබගේ ශරීරයේ සෛල එකක් හෝ කිහිපයක් අසාමාන්‍ය සෛලබවට පත්කර පිළිකාබවට හැරවීමට හැකියාව පවතී. පහත දක්නට ඇත්තේ එවැනි අවධානම් සාධක කිහිපයකි. 







1. රසායන පිළිකාකාරක (chemical carcinogens)



“පිළිකාකාරකයක” යනු සමාන්‍ය සෛල විනාශකර එය වඩාත් පිළිකාකාරී සෛලයක් බවට පත් කළහැකි දෙයකි. රසායන, විකිරණ, ආදී වශයෙන් පිළිකාකාරක පවති. පිළිකාකාරකයකට වැඩිපුර නිරාවරණයවීම, පිළිකාවක් සෑදීමට ඇති හැකියාව වැඩිවනබව පොදු නීතියක් ලෙස සලකනු ලබයි. හොඳින්ම දන්නා පිළිකාකරක කිහිපයක් පහත දැක්වේ.





§ දුම් පානය - දුම් බොන්නන්ගේ සිරැරේ පෙනහළු, මුඛය, අන්නසෝත්‍රය, මුත්‍රාශය සහ අග්න්‍යාශය යන ප්‍රධාන අවයව තුළ පිළිකා හටගනී. සියලුම පිළිකාවලින් හතරෙන් එකක් පමණ දුම් පානය නිසා හට ගනී. දුම් බොන්නන්ගෙන් දහයෙන් එක් අයෙක් පමණ පිළිකා නිසා මියයයි. ඔබ තදින්ම දුම් පානය කරන්නේ නම් , පිළිකා අවධානමද වැඩිය. ඔබ දුම් පානය නවත්වන්නේනම් පිළිකා අවධානමද සැළකිය යුතුලෙස පහල බසී.





§ රැකියාස්ථානයේ රසායානද්‍රව්‍ය - උදාහරණ ලෙස බෙන්සීන්, ඇස්බැස්ටස්, ෆොර්මැල්ඩිහයිඩ්, යනාදිය. ඔබ මේවා සමග ගැවසෙමින්, ගැටෙමින් අනාරක්ෂිතව කටයුතු කළහොත්, ඔබට සමහර පිළිකා වැළඳීමේ හැකියාව වැඩිවීයයි. උදාහරණ වශයෙන් “මෙසෝතීලියෝමා”(mesothiliyoma) නමැති පිළිකා තත්වය පවතින රෝගියෙකුට ,පෙර අවස්ථාවකදී ඇස්බැස්ටස්වලට නිරාවරණයවීමත් අතර සම්බන්ධයක් පවතී.





2. වයස



ඔබ වයසට යත්ම පිළිකා සෑදීමට ඇති අවධානමද වැඩිවයයි. මෙයට හේතුවනම් ශරීරයේ සෛලවලට කාලයත් සමග සිදුවන හානිය එක් රැස්වීමයි.එසේම ඔබ වයසටයත්ම අසාමාන්‍ය සෛලවලට එරෙහිව සිරුරේ ඇති සටන් කිරීමේ හැකියාවද අඩුවීයයි. එනම්, හානියට පත්වූසෛල නැවත අළුත්වැඩියාවටත්,සිරුරේ අසාමාන්‍ය සෛලවලට විරුද්ධව සටන්කරන ප්‍රතිශක්ති පද්ධතියත්, කාලයත් සමගම අකාර්යක්ෂමබවට පත්වීමයි. එමනිසා අවසානයේදී එක් විනාශයටපත්වූ සෛලයක් නොනැසී පැවතීමට හැකියාවලබා , පසුව පාලනයකින් තොරව ගුණනයවේ. බොහෝ පිළිකා වයස්ගත පුද්ගලයින්ගේ දක්නටලැබේ.







3. ජීවන ක්‍රමය



ආහාර සහ අනෙකුත් ජීවනක්‍රමයේ සාධක පිළිකා ඇතිවීමකෙරෙහි බලපායි.



උදාහරණවශයෙන්:



§ ඔබ විශාල වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගත්හොත් සමහර පිළිකාවලින් වැළකීමට හැකිය.එවා මගින් පිළිකා වළක්වන ආකාරය තවමත් සම්පූර්ණයෙන් අවබෝධකරගෙන නොමැත. මෙම ආහාරවර්ග විටමින් හා ඛනිජ ලවණවලින් අනූණවන අතර 'ප්‍රතිඔක්සිකාරක' නම් වූ රසායන ද්‍රව්‍ය අන්තර්ගතවේ.

එවා ශරීරය තුලට එන විනාශකාරී රසායන ද්‍රව්‍යවලින් ශරීරය ආරක්ෂාකරයි. පළතුරු සහ එළවළු කොටස් පහක් අවම වශ්යෙන්වත් අප දිනකට ගතයුතුය. සමහර ප්‍රවීණ යෝ මීටත් වඩා ඒවා ආහාරයට ගැනීමට නිර්දේශ කරති.





§ තෙල් සහිත ආහාර පමණට වඩා ආහාරයට ගැනීම සමහර පිළිකා ඇති කරවීමට හේතුවේ.





§ සමහර පිළිකා ඇතිකරවීම කෙරෙහි අධික තරබාරු බව , නිති පතා ව්‍යායාම නොමැතිකම සහ අධික ලෙස මත්පැන් පානය හේතුපාදකවේ.





4. විකිරණය



විකිරණය යනු පිළිකාකාරකයකි. උදාහරණ ලෙස විකිරණශීල ද්‍රව්ය්‍ය සහ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා, ලියුකීමියා (leukemia) සහ අනෙකුත් පිළිකා ඇතිකරයි. අධික ලෙස හිරු නිරාවරණයවීම සහ අව්වට පිළිස්සීම මගින් (අධෝරක්ත විකිරණ ඒ-UVA සහ බී-UVB මගින්) සමෙහි පිළිකා ඇතිවීමේ අවධානම වැඩිකරයි. විකිරණ මාත්‍රා (radiation dose) ප්‍රමාණය විශාලවත්ම පිළිකා ඇතිවීමේ අවධානමද ඉහළයයි.කුඩා ප්‍රමාණයේ විකිරණ මාත්‍රා නිකුත් කරන තනි එක්ස් කිරණ පරීක්ෂණයකින් වන හානිය ඉතා අවමවේ.





5. ලෙඩරෝග බෝවීම



සමහර වෛරස හා පිළිකා අතර සම්බන්ධයක් පවතී. උදාහරණ ලෙස හෙපටයිටිස් ඒ සහ බී (hepatitis A & B) වෛරස දිගටම ආසාදනයවී පවතින පුද්ගලයෙකුට අක්මාවේ පිළිකා සෑදීමට ඇති අවධානම වැඩිවේ. එසේම හ්‍යුමන් පැපිලෝමා වෛරසය (human papiloma virus) සහ ගැබ්ගෙල පිළිකා අතර සම්බන්ධයක් පවතී. ගැබ්ගෙල පිළිකා වැළැඳී ඇති බොහෝ කාන්තාවන් හට ජීවිතයේ කුමන අවධියකදී හෝ හ්‍යුමන් පැපිලෝම වෛරසයේ උප-කාණ්ඩයක් (sub-types) වැළඳී ඇතිබව්ට සොයා ගෙනඇත. කෙසේ නමුත් බොහෝමයක් වෛරස සහ වෛරස ආසාධනයන් හා පිළිකා අතර සමිබන්ධයක් නොපවතී.





6. ප්‍රතිශක්ති පද්ධතිය



දුර්වල වූ ප්‍රතිශක්ති පද්ධතියක් හිමි සමහරඅයට සමහර පිළිකා වැළඳිමට ඇති ඉඩකඩ වැඩිය. උදාහරණ ලෙස ඒඩිස් (AIDS) හෝ ප්‍රතිශ්ක්තිය වලක්වන ප්‍රතිකාර(immune suppressive therapy) ගනු ලබන පිරිස්.



7. ඔබගේ ජාන සැකැස්ම.



සමහර පිළිකාවලට ජාන සමග දැඩි සම්බන්ධතාවක් පවතී. උදාහරණ ලෙස සමහර ළමාවිය පිළිකා තත්වවලදී අසාමාන්‍ය ජාන, සෛලයන් අසාමාන්‍ය බවට උත්තෙජනය කරවීම, ජාන පිළිකාකාරක වනබවට නිදසුන්වේ. අනෙක් වර්ගයේ පිළිකාවලට සමහර ජාන හේතුවන බව එතරම් පැහැදිළි නොමැත. එලෙසම උපතින්ම ලද සමහර ජාන නිසා ඔවුන් පිළිකාකාරක සහ වැරදි ආහාර පුරැදු වැනි අනිසි බලපෑම්වලට සුළු ප්‍රතිරෝධිතාවයක් දැක්වීමද පිළිකා ඇතිවීමට බලපායි.







බොහෝ පිළිකා ඇතිවනුයේ සාධක කිහිපයක සම්මිශ්‍රණයක් වශයෙනි !



පිළිකාකාරයක් සමග ගටෙන සෑමදෙනාම සහ සෞඛ්‍ය සම්පන්න නොවන ජීවිත ගතකරන සියලුදෙනාටම පිළිකා සෑදේයයි, කීම වැරදිවේ. උදාහරණ ලෙස දුම් බොන සියලුදෙනාටම පිළිකා නොවැළඳේ. ඇත්ත වශයෙන්ම අප සියලුදෙනාම බොහෝ අවස්ථාවලදී, ඉතා සුළු සාන්ද්‍රණ වශයෙන් පිළිකාකාරක ද්‍රව්‍යවලට නිරාවරණයට ලක්වේ.පිළිකාවලින් වළක්වාගැනීම සඳහා අප ශරීරයට විශේෂිත යාන්ත්‍රණ පවතී.



උදාහරණ වශයෙන්, පිළිකාකාරක මගින් හානියට පත්වන බොහෝ සෛල තමන් විසින්ම අළුත්වැඩියා කරගැනීමට හැකියාව පවතී. ඒලෙසම ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය සමහර අසාමාන්‍ය සෛල පිළිකාබවට පත්වීමට පෙර විනාශකරදමයි. එලෙසම එක් පිළිකාකාරකයක් එක ජානයකට පමණක් හානි ගෙනදේ.



නමුත් සෛල පාලනයකින් තොරව ගුණනයවීම ඇරඹුම සඳහා ජාන දෙකක් හෝ වැඩි ගණනක් හානිවී හෝ වෙනස්වී තිබියයුතුය.බොහෝ අවස්ථාවලදී ජාන සැකැස්ම , පිළිකාකාරකවලට නිරාවරණයවීම, වයස , ආහාර පුරැදු , ඔබගේ ප්‍රතිශක්ති මට්ටම, ආදී වශයෙන් සාධක සමූහයක එකතුවක් ලෙස පිළිකාවක් හට ගනියි.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි