Saturday 5 April 2014

ශුක්‍රාණුවක් හමුවී සන්සේචනය වුවහොත් පමණි දරුවකු පිළිසිඳ ගනු ලබන්නේ.ආර්තවය පිළිබද කරුණු කිහිපයක්


Missed or Irregular Periods ආර්තවය නිසි දිනට සිදු නොවීම ගර්භනී වීමට සැලසුම් කරන හෝ නොකරන ඕනෑම කාන්තාවක් භීතියට පත් කරවයි. සැම කාන්තාවකටම නිසි දිනට ආර්තවය සිදු නොවේ. එම නිසා ඒ පිළිබද භීතියට පත් විය යුතුද නැද්ද යන වෙනස පිළිබද දැනුවත්ව සිටීම වැදගත් වේ. මෙමෙ ලිපිය මගින් නිසි දිනට සිදු නොවන හෝ අක්‍රමවත් ආර්තවය පිළිබද කරුණු කිහිපයක් පහදනු ලැබේ

* ආර්තවය පිළිබද කරුණු කිහිපයක්

ඔබේ ආර්තව චක්‍රයේ මසකට වරක් ශරීරය ඩිම්බයක් නිකුත් කරයි. එයට ශුක්‍රාණුවක් හමුවී සන්සේචනය වුවහොත් පමණි දරුවකු පිළිසිඳ ගනු ලබන්නේ. යම් ආකාරයකින් එය සිදු වුවහොත් ශරීරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජේස්ට්‍රෝන් හෝමෝනය ඉහල යාම සිදුවේ. ගර්භාෂ බිත්ති ආස්තරය ගනකම් වීම මගින් ඩිම්බය රෝපණය වීමට ඉඩ සලසයි. එමගින් එයට ආරක්ෂාව සලසා දෙයි. නමුත් ඔබේ ඩිම්බය සංසේචනය නොවුන මාසයක මාසික ආර්තවය මගින් එම ආස්තරය ශරීරයෙන් පිටවීම සිදු වේ. සාමාන්‍යයෙන් කාන්තාවකට සෑම දින 24ත් 31ත් කාලය අතර සිදු වන ආර්තවය දින 4 සිට 7ක් දක්වා පවතින අතර එහිදී රුධිරය මේස හැදී 4ත් 12 ත් අතර ප්‍රමාණයක් පිට වේ.

* නිසි දිනට සිදු නොවන ආර්තවය

සමහර කාන්තාවන් මුළුමනින් ආර්තවය නිසි දිනට සිදු නොවන හෝ අක්‍රමවත් වේ. ඔබට දින කිහිපයක් හෝ දින ගණනාවක් හෝ අධික හෝ කුඩා ප්‍රමාණයේ රුධිර වහනය සහිත ආර්තවයක් හෝ පැවතිය හැක. මෙම තත්වය නිදන්ගත රෝග තත්වයක් නිසා හෝ ඖෂධ වල හෝ හැගීම් වල වෙනසක් නිසා හෝ සිදු විය හැක. බොහෝ අවස්ථාවල අක්‍රමවත් ආර්තවයට හේතුවන තත්වයන් විසදාලීමට හෝ ප්‍රතිකාර කල හැක.

* ගර්භනි බව සහ ආර්තවය

නිසි දිනට ආර්තවය සිදු නොවීමට ගර්භනී බාවය පොදු හේතුවකි. ඔබ ගර්භනී නොවන්නට පුළුවන, එහෙත් විශ්වාසවන්තව දැන ගන්නා තෙක් ඔබ ගර්භනි බව සලකන්න. නිවසේදී කල හැකි ගර්භනී පරීක්ෂණ පළමු අදියර ලෙස භාවිතයෙන් ගර්භනි බව පරික්ෂා කර ගන්න. එය ඔබ ගර්භණී බවට පත්වී ඇති බවට දක්වයි නම් ඉදිරියට කලයුතු දේ ආරම්භ කරන්න. නිවසේදී කරන පරීක්ෂාව ගැබ් ගැනීමක් පෙන්වන්නේ නැති වුවද, පහත දැක්වෙන ලිපියේ ආකාරයට ලක්ෂණ පෙනේ නම් වෛද්‍ය පරීක්ෂනාගාරයකින් ගර්භණී පරීක්ෂාව කර ගන්න. අදාළ ලිපිය: ගර්භණී බවට පත්වී ඇති බව පෙන්වන ලකුණු පිලිබඳ දක්වන ලිපිය

* ආර්තවය ඇති නොවීමට හේතු

ඔබ ගර්භනී නොවේ නම් නිසි දිනට සිදු නොවන හෝ අක්‍රමවත් ආර්තවය සදහා වෙනත් හේතු වේ. අධික ස්ථුලතාවය හෙවත් බර අධික වීම, ආහාර ගැනීමේ අක්‍රමවත් බව, චිත්තවේගී ආතතිය, රෝගී තත්වයන්, ගමන් මහන්සිය, හොමෝන ගැටළු, උපත් පාලන පෙති වැනි ඖෂධ, නිතර හෝ කලතිරකින් සිදුවන හෝ නිසි දිනට සිදු නොවන ආර්තවය සදහා හේතු වන අතර නීති විරෝධී ඖෂධ භාවිතය, ශ්‍රෝණිය සම්බන්ධ ගැටළු සහ මව් කිරි ලබාදීම ද මෙයට හේතු වේ. බොහෝ මව්වරු මව් කිරි ලබා දීම සම්පුර්ණ වන තුරු සාමාන්‍ය ආර්තවය ක්‍රියාත්මක නොවේ. ඉහත රෝගී ලක්ෂණ පවතී නම් නාරී හා ප්‍රසව වෛද්‍ය වරයකුට අමතරව කායික රෝග වෛද්‍ය වරයකුද හමුවන්න.

* ආර්තවය නිසි දිනට සිදු නොවන විට හෝ අක්‍රමවත් විට කල යුත්තේ කුමක්ද?

ඔබට ආර්තවය මග හැරීම සිදු වුණි නම් නොසන්සුන් වන්න එපා. මානසික සහ ශාරීරික සමබරතාවය නිසි ආර්තව චක්‍රයක් පවත්වා ගැනීමට උදවු වේ. ආර්තවය නිසි දිනට සිදු නොවූ විට ඉවසීමෙන් යුතුව;
i) ඔබ පසුගිය සති කිහිපය තුල ලිංගික එක් වීමක් සිදු වූවානම් ගර්භණී භාවය සඳහා පරීක්ෂාවක් කරන්න
ii) ඔබ ලිංගික එක වීමක් වී නැතිනම් ඉහත සඳහන් කල අනෙකුත් හේතු පිලිබඳ විමසිලිමත් වී කායික හෝ නාරී රෝග වෛද්‍ය වරයකු හමුවන්න.
ඔබ ගැබ් ගෙන නැත්නම් ආර්තවය ඊලග මස සිට සුපුරුදු පරිදි සිදු වේ. නමුත් නොකඩවා මාස 3ක් ඔබට ආර්තවය සිදු නොවේ නම් සහ ඔබ ගැබ් ගෙන නැත්නම් වෛද්‍යවරයෙකු හමු වීම සුදුසු වේ. මෙය වෛද්‍ය ගැටලුවක්ද හැගීම් පිළිබද ගැටලුවක්ද යන්න දන ගැනීමට ඔහු විසින් ඔබගෙන් ප්‍රශ්න කරනු ඇත. බොහෝ ඔසප් නොවීම පිළිබද ගැටළු ස්වභාවිකවම හෝ වෛද්‍ය ප්‍රතිකාර සමග අවසන් වේ. එසේම ඔබට ප්‍රතිකාර වලින් පසුවත් ඔසප් වීමක් සිදු නොවුනි නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ
..............

...................
...................

1 comment:

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි