Wednesday 2 April 2014

කාන්තාවක් වූ ඔබට ඇතිවිය හැකි රෝගාබාධ 1


women's illnesses බොහොමයක් තරුණියන් සිය විවාහයට පසු අහස උසට බලාපොරොත්තු ගොඩ නංවා ගන්නේ දරු සම්පත ලැබීමටයි. නමුත් එයට පෙර තමා නිරෝගී වී සිටීම ඉතා වැදගත්. මන්දයත් ගර්භනී සමයේදී ඔබට කායික සහ මානසිකව වැඩි පීඩනයකට යටත් වීමට සිදුවන නිසා. අපි විමසා බලමු තරුණියක් වන ඔබට වැළඳීමට ඉඩ ඇති රෝගාබාධ සහ මාතෘත්වයට, ඔබේ අනාගතයට සහ එදිනෙදා ජීවිතයට එනිසා ඇතිවන බලපෑම්.

Polycystic Ovary Syndrome (PCOS or PCOD)

මෙම තත්ත්වය ඇතිවූ විට නිසි ආකාරයට ඩිම්බයන් මෝචනය සිදු නොවේ. එහිදී මසකට වරක් ඉහල තත්වයේ ඩිම්බයක් පිට කරනු වෙනුවට කුඩා බුබුළු වැනි ව්‍යුහයන් ජනනය වේ. මේවා ඩිම්බ බවට පත් නොවන අතර මෙම තත්වය පවතින විට ගැබ් ගැනීමක් සිදුවීමේ හැකියාව ඉතා පහල යයි. තවද, මෙම තත්වය පවතින විට ශරීරය තුල පිරිමි හෝමෝන වැඩි වේ. මෙහි රෝග ලක්ෂණ වන්නේ, - නිසි ආකාරයට මාසික ආර්තවය සිදු නොවීම සහ සමහර විට මාසික ආර්තවය මුළුමුනින්ම සිදු නොවීම - ගැබ් ගැනීමක් සිදු නොවීම - මුහුණේ, පපුවේ සහ ශරීරයේ අනෙකුත් කොටස් වල කෙස් වැවීම (මයිල්) - බර වැඩි වීම - හිසෙහි කෙස් සිනිදු වීම සහ කෙස් ගලවීයාම - තෙල් සහිත සම සහ කුරුලෑ වැඩිවීම මෙය ජානමය සහ හෝමෝන නිසා සිදුවන ක්‍රියාවලියකි. ඔබේ එක් එක් රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සිදුවේ. ඉහත ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න. අපි තවත් ලිපියකින් මේ ගැන විස්තරාත්මකව සාකච්චා කරමු.

Fibroids

මෙය අද සමාජයේ 25% - 33% අතර පවතින සුලභ තත්වයකි. මාසික ආර්තවයේදී අධික ලෙස රුධිර වහනය, අධික වේදනාව, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය ලෙස දැනීම, ලිංගික සේවනයේදී වේදනාව දැනීම ආදිය මෙහි රෝග ලක්ෂණ වේ. ගර්භාෂයේ ඇති සෛල වලින් තන්තුමය ආකාරයේ වර්ධනයන් නිසා Fibroids තත්වය ඇතිවේ. මේවා ඉතා කුඩා ගැටිති ලෙස වර්ධනය වීම ආරම්භ වේ. වෛද්‍ය වරයා ඔබව පරීක්ෂාකර අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව මගින් මෙම ගැටිති වර්ධනය වී ඇති බව තහවුරු කර ගනු ඇත. මෙයද හෝමෝන ආශ්‍රිත රෝග තත්වයකි. එනිසා වෛද්‍ය වරයා එය පාලනයට නිසි ප්‍රතිකාර දෙනු ඇත. මෙහි භයානකත්වය වන්නේ ඇතැම් විට ඔබට රෝග ලක්ෂණ පහල නොවී මෙය පැවතිය හැකි වීමයි. එම නිසා විවාහ වන වයසේ/ විවාහ වී දරුවන් ලැබීමට සැලසුම් කරන අවධියේදී නාරී රෝග වෛද්‍ය වරයකු හමුවී මෙම තත්වය සහ තවත් තත්වයන් ඇතිවීම පිලිබඳ පරීක්ෂා කරගන්න.

Vaginal Infections (Vaginitis)

යෝනි මාර්ගයේ ඇතිවන ආසාදනද දුර්ලභ නොවේ. යෝනි මාර්ගයෙන් දුගඳ ශ්‍රාවයක් ගලා එම, මුත්‍ර කරන විට දැවිල්ලක් ඇතිවීම, ලිංගික සේවනයේදී වේදනාවක් ඇතිවීම ආදිය ඔබටත් පෙනේ නම් යෝනි මාර්ගයේ ආසාදනයක් විය හැකිය. යෝනි මාර්ගය තුල බැක්ටීරියාවන් පැවතීම සාමාන්‍ය දෙයකි. අපේ ශරීරයේ බොහෝ කොටස් වල හිතකර බැක්ටීරියා පවතී. නමුත් අහිතකර බැක්ටීරියා වල වර්ධනයක් ඇති වී විට මෙම යෝනි මාර්ගයේ ආසාදන ඇතිවිය හැක. Candida albicans නිසාද යෝනි මාර්ගයේ ආසාදන ඇති විය හැක. එවිට යෝනි මාර්ගයෙන් උකු සුදු පැහැති ශ්‍රාවයක් දැකිය හැක. මෙහි අවදානම වන්නේ මෙම ආසාදනය ශරීරයේ පැතිරීමට ඉඩ ඇති වීමයි. මෙම තත්වය ඔබට ඇති වූ විට බාහිර රොගී අංශයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුව කර ගත හැක. නමුත් මෙම ආසාදන සමග උණ, වමනය සහ ආසාදනය දිගින් දිගටම වැඩිවන ලකුණු පෙන්වන විට වහාම වෛද්‍ය වරයා හමුවී වැඩිදුර ප්‍රතිකාර ගත යුතුය. යම් ආකාරයකින් මෙම ආසාදනය රුධිරයට ඇතුළු උනොත් එය මාරාන්තික විය හැක. ඉහත දැක්වුනේ ඉතා සුලභ තත්වයන් 3ක් පමණි. නමුත් තවත් බොහෝ තත්වයන් ඔබට අපහසුතා ඇතිකළ හැක. ඒ පිලිබඳ ලිපි පෙළක් අපි ළඟදීම ගෙන එමු. 
................
................

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි