Friday 28 February 2014

ලේසර් පණිවිඩ හුවමාරුවට නාසා ආයතනය මාරුවෙයි


THURSDAY, SEPTEMBER 5, 2013

Written on 

ලේසර් පණිවිඩ හුවමාරුවට නාසා ආයතනය මාරුවෙයි

අනාගතයේදී ගගනගාමීන් ට ඈත අභ්‍යාවකාශයේ සිට පෘතුවියේ HD චැනල්ස් නැරඹීමට හැකිවන තාක්ෂණයකට පියවර තැබීමට නාසා ආයතනය සූදානම් වෙනවා.

ඒ මෙතෙක් කලක් භාවිතා කළ රේඩියෝ පණිවිඩ හුවමාරු තාක්ෂණයෙන් ඔබ්බට ගොස් ලේසර් පණිවිඩ හුවමාරු ක්‍රමයට මාරුවීම නිසයි. මේ සඳහා එහි පලමු පියවර ආරම්භ වන්නේ හෙට දිනයේය.


ඒ මෙහි පරීක්ෂණ කටයුතු සඳහා පෘතුවියේ සිට චන්ද්‍රයා සමඟ පණිවිඩ හුවමාරුව සඳහා අවශ්‍ය LADEE හෙවත් Lunar Atmosphere and Dust Environment Explorer චන්ද්‍රයාගේ කක්ෂයේ රැඳවීමත් සමඟය. මෙහි පෘතුවිය මත වූ දත්ත ග්‍රාහක හා හුවමාරු මධ්‍යස්ථානය පිහිටවා තිබෙන්නේ නව මෙක්සිකෝ කාන්තාරයේය.

ඒ අනුව LADEE මඟින් තත්පරයට ලේසර් පල්ස් මිලියන ගනනක් මුදා හරින අතර ඒවා පෘතුවිය වටා පිහිටවා ඇති තවත් චන්ද්‍රිකා 3ක් හරහා ග්‍රහණය කරගනී. අනතුරුව පෘතුවියේ වලාකුළු වල තත්ත්වය විශ්ලේෂණය කර දත්ත හුවමාරු කිරීම ආරම්භ කරයි.

චන්ද්‍රයාගේ සිට පෘතුවියටත්, පෘතුවියේ සිට චන්ද්‍රයාටත් ලේසර් බීම් හරහා දත්ත හුවමාරු වන මෙය හඳුවන්නේ LLCD හෙවත් Lunar Laser Communication Demonstration ලෙසයි

මෙමඟින් තත්පරයකට මෙගාබිට්ස් 622ක් (622 Mbps or 77.75MB/S) වේගයක් සහිතව දත්ත හුවමාරු කළ හැකි අතර එය වැඩිදියුණු කරමින් තත්පරයට බිට්ස් මිලියන ගනනක දත්ත හුවමාරුවක් කිරීමට නාසා ආයතනය බලාපොරොත්තුවේ. එය HD චැනල්ස් 100ක් එක වර නැරඹීමකට අවශ්‍ය දත්ත හුවමාරුවකට සමාන බවයි සඳහන් වන්නේ.

1968 වර්ෂයේ ඇපලෝ-8 විසින් ජායාරූප ගත කල පෘතුවියේ ජායාරූපයක් එකල පෘතුවියට එවීමට දින ගනනක් ගතවිය. නමුත් මෙම ලේසර් තාක්ෂණය නිසා තත්පරයට HD හා 3D ජායාරූප සිය ගණනක් පෘතුවියට එවීමට හැකිවේ. එමෙන්ම අනාගතයේදී අහ්‍යාවකාශයේ වෙනත් ස්ථානයක ඇති රොබෝවරයෙක් පාලනය කිරීමට මෙමඟින් හැකිය.

මේ පිළිබඳ වීඩියෝවක් පහතින්.








Read more: http://www.33000.tv/2013/09/blog-post_5.html#ixzz2udw2XB26
Follow us: 33000lk on Facebook

Daiwaye Saradamin - Athula Adikari & Samitha Mudunkotuwa new song

Thursday 27 February 2014

ඖෂධ පාත‍්‍රයකින් මුනිරජුන් පුද දෙමු

ඖෂධ පාත‍්‍රයකින් මුනිරජුන් පුද දෙමු


අප පිවිසුණේ අනුරපුර මහමෙව්නා උයනේ උඩ මළුව වෙතටයි. දෙවියන්ට පි‍්‍රය වූ තිස්ස නිරිඳුන් විසින් රාජ කිරීටයෙන් අභිෂේක කරවා ලක්දිව බුදු සසුනට පූජා කරමින් පුදසත්කාර කරනු ලැබුයේ ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් ප‍්‍රදක්ෂිණා කොට වන්දනා කිරීමෙන් අනතුරුව බෝ සමිඳුන් අභියස අපි මඳ වේලාවක් විවේකයෙන් රැඳී සිටියෙමු.
පසෙකින් කණ වැකුණේ යාදිනි හඬකි. ඔහු ද අප මෙන් ම ලෙඩ වෙන, දිරන, වැනසෙන කයක් උරුම කරගෙන සිටියෙකි. නමුත් ඔහු පැතුවේ ‘‘ලෙඩ නො වේවා!” කියා ය. තෙරුවන් ගුණ කැටි කොට සැරසූ කොඩි වැලක්, ධජයක්, මනරම් කංචුකයන් වෙනුවට බෝධි ප‍්‍රාකාරය වටා වූයේ දරුවන්ගේ, වැඩිහිටියන්ගේ නම් සහිත ව ‘සියළු රෝග දුරු වේවා!’‘සියලූ කටයුතු සඵල වේවා!’ ආදී ලෙසින් සටහන් වූ කොඩි වැල් ය. එකී පැතුම් මා තුළ ද තිබිණි. වෙනසකට වූයේ එය සිදුකළ ආකාරය යි. නමුදු අවසන ඔහුගේ ද මාගේ ද පැතුම එක ම විය.
මම වෙනසට හේතුව විමසීමි. සැබැවින් ම කලණ මිතුරු ඇසුර සැබැවින් ම වාසනාවන්ත ය. ලෙඩ දුක් පිරි ජීවිතයක් ලබා සිටින්නවුන්ට ලෙඩ දුකින් අත්මිදෙන මඟ කියා දෙන්නේ සැබැවින් ම ඒ කලණ මිතුරාණෝ ය. පරම පූජනීය කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලා අතර අල්ප ආබාධ ඇති භික්ෂුන් වහන්සේලා අතුරින් අග‍්‍රස්ථානය හිමි වූයේ බක්කුල මහ රහතන් වහන්සේට ය.
අවුරුදු 160ක් පරමායුෂ වැළඳූ උන්වහන්සේට උණ සෙම්ප‍්‍රතිශ්‍යාවක් වත් ජීවිත කාලය පුරා වැළඳී තිබුණේ නැත. මේ කරුණ මෙසේ සිදු වූයේ යාතිකා කොට හෝ කොඩිවැල් හෝ ග‍්‍රහ වස්තූන්ට පුද පූජා දී නො වේ. උන්වහන්සේගේ පෙර ආත්මභවයක දී බුදුරජාණන් වහන්සේ සහ මහ රහතන් වහන්සේලා උදෙසා ඖෂධ පූජා කොට සිදු කළ දැහැමි ප‍්‍රාර්ථනාවක ප‍්‍රතිඵලයක් ලෙසට ලද ආනිසංසයකි.
එසේ නම් නිරෝගී බව කැමති අපි කුමක් කළ යුතු ද?
දෙතිසක් මංගල ලකුණින් යුතු වූ බුදු සමිඳුන් අද ජීවමානව අපට දැකගන්නට නො ලැබුණත් උන්වහන්සේගේ ශී‍්‍රමත් ධාතූන් වහන්සේලා ජීවමානව අදටත් වැඩ සිටිති. ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ විරාජමානව වැඩ හිඳිමින් ලෝසතට සම්බුදු ගුණ සිහිපත් කරමින් සිත්සතන් සුවපත් කරවයි. ඉතින් නිරෝගී බව පතමින් ලියූ කොඩිවැල් හෝ යාදිනි වෙනුවට උතුම් ධාතූන් වහන්සේලාට, උතුම් සඟ රුවනට ඖෂධ පූජා කිරීමෙන් එහි ආනිසංසයන් අප ජීවිත තුළට ද කැඳවාගන්නට, කුසල් දහම් වඩන්නට එදා මෙන් ම අද ද අපට අවස්ථාව පවතී.
මේ උතුම් පුණ්‍ය කර්මය පිළිබඳ ව පින්වත් වෙද මහත්මයකු හා අප යෙදුනු පිළිසඳරක් ඇසුරින් සකස්කොට ගත් විශේෂ කරුණු කිහිපයක් මෙලෙස ඔබ හමුවේ දක්වන්නෙමු.
‘‘ඖෂධ සකස් කරන්නේ ගිලන් වුණ අයගේ සුවපත් භාවයටයි. ඉතින් ගිලානෝපස්ථානය කියන්නේ බුද්ධෝපස්ථානය හා සම කටයුත්තක් ලෙස තමයි බුදුරජාණන් වහනසේ දේශනා කළේ. ඒ කියන්නේ ගිලන් වූ කෙනෙකුට ඇප උපස්ථාන කරනවා කියන්නේ දස මරසෙන් පරදවා තුන්ලොව ජයගත් අපගේ බුදු සමිඳුන් හට ඇප උපස්ථාන කරනවා කියන එකයි. ගිරිමානන්ද සූත‍්‍ර දේශනාවේ මිනිසුන් හට වැළඳෙන රෝග පීඩාවන් ගැන උන්වහන්සේ කරුණාවෙන් දේශනා කළා. වා, පිත්, සෙම් කෝප වීම් නිසා තමයි බොහොමයක් රෝග වැළඳෙන්නේ. ඒ වගේ ම විෂමාකාර වූ අද සමාජයේ අනෙකුත් රෝගාබාධයන්ගේ වැඩිවීමක් මිසක් අඩුවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ.
ඖෂධ සූදානම් කිරීම උතුම් කටයුත්තක් නිසා අපි බොහෝම පිරිසිදුව, ගෞරවයෙන් යුතු ව තමයි මේ කටයුතු ඉටුකරන්න ඕනි. හැම ඖෂධයක් ම සකස් කරන්නට පෙර සිට ම ‘‘සියළු සත්වයෝ සුවපත් වෙත්වා!” කියන පින් සිතුවිල්ල මුදුන් පත් කරගන්න ඕනි. පූජා කිරීම සඳහා පාත‍්‍රයක් හෝ පිරිසිදු වට්ටියක් තෝරා ගැනීම සිදුකරන්න ඕනි. පාත‍්‍රය හොඳින් කහ වතුරින් හෝ සුවඳ පැනින් සෝදා පිරිසිදු කර තමන්ට රිසි සේ සරසා ගන්න පුළුවන්.
ඖෂධ ලබාගන්න කලින් ඉඳලා ගස් වැල්වලට අපි ගරු බුහුමන් කරන්න ඕනි. ඒ වගේ ම ඖෂධ ලබා ගන්න පෙර සිට ම ඖෂධ සකසා අවසන් වනතුරු ම බුදුගුණ සිහි කිරීම ගොඩක් වටිනවා.
ගස් වැල්වලින් හෝ වෙළඳපලින් අවශ්‍ය කරන ඖෂධ වර්ග ලබාගෙන පිරිසිදු වතුරින් සෝදා හොඳින් වියළා ගන්න. ඖෂධ තෝරා ගන්නේ විශේෂ වට්ටෝරුවකට අනුව නම් එම ඖෂධ එක වට්ටියකට හෝ පාත‍්‍රයකට එන අයුරින් සකසා ගන්න පුළුවන්. විශේෂ වට්ටෝරුවක් නැති නම් තමන්ට රිසි සේ පිළිවෙළකට අලංකාරවත් ලෙසින් අන් අයගේ සිත් පහදින අයුරින් සකස් කරගන්න. යම් යම් රෝගයන්ට ගැළපෙන ඖෂධ වට්ටෝරු වෙන වෙනම සකසා ගන්නත් පුළුවන්. ශාක කොටස් වගේ ම වෙළඳ පොළින් අවශ්‍ය බෙහෙත් තෙල් වර්ග, බාම් වර්ග, දියර වර්ග මේ ඖෂධ මංජුසාවට එකතු කරගන්න අපිට පුළුවන්. මේ වටිනා පින්කම තනිවම සූදානම් කරනවාට වඩා නිවසේ ලොකු කුඩා සෑම දෙනා ම එකතු වී බුදුගුණ සිහි කරමින් මේ කටයුතු කරනවා නම් එය බොහෝ ම වටිනවා. ඉතින් මේ අයුරින් තමයි බුද්ධෝපස්ථානයක් සඳහා අපි ඖෂධ මංජුසාව පිළියෙළ කරන්න ඕනි.
බුදු සමිඳුන් සිහිපත් කරමින් නිවසේ හරි, ධාතූන් වහන්සේලා වැඩ සිටින සෑ රජුන්ට හරි, පූජනීය ස්ථානයකට හරි, ගිලන් වෙලා සිටින පින්වත් ස්වාමීන් වහන්සේ නමකට හරි, උතුම් ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා හරි සිත පහදවා ගෙන සකසා ගත්ත ඖෂධ මංජුසාව පූජා කිරීම කරගන්න පුළුවන්. මේ ඖෂධවල ගුණයෙන් සියලූ දෙනා සුවපත් වෙත්වා! සියලූ සත්වයෝ සුවසේ සිල් ගුණදම් පුරත්වා! කියන උදාරතර කරුණාවෙන් යුතු ව තමයි ඖෂධ පූජාවන් සිදු කරන්නට ඕනි.
වයසට යන ස්වභාවය ම, ලෙඩ වෙන ස්වභාවය ම උරුම කරගෙන සිටිනා අපට වටිනා ඖෂධ මංජුසාවක් සකසා උතුම් තෙරුවන් කෙරෙහි පහන් සිතින් පුද දෙන්නට හැකි ය. අපල දුරුවන්නට, රැකී රක්ෂා සරු කරන්නට බෝ මළුව වටා කොඩි වැල් එල්ලනවා වෙනුවට උතුම් තෙරුවන් ගුණ අර්ථවත් ව මෙවන් ඖෂධ පාත‍්‍රයක් පූජා කරගන්නට හැකි නම් එය කෙතරම් වටින්නේ ද? තෙරුවන් ගුණ සිත තුළ රඳවා ගනිමින් සැමදෙනා එකතු වී කරන මහඟු පින්කමෙන් නිවසේ සෑම දෙනාගේ ම සිත් සතන් සුවපත් කරගන්නට අප සැම දෙනාට මෙයින් අවස්ථාවක් උදා වේ. එලෙසින් ම එදවස බක්කුල මහ රහතන් වහන්සේ සිදු කළ උතුම් පුණ්‍ය කි‍්‍රයාවේ ආනිසංසයන් ලෙසින් උන්වහන්සේ උතුම් ජීවිතයක් උදාකර ගත්තා සේ ම අපට ද මෙම මහඟු පුණ්‍යකර්මයේ බලයෙන් උතුම් ජීවිතයක් කරා පිය නගන්නට වාසනාව උදා වේවි.
තවත් කුමට ද ලෙඩදුකින් අත් මිදෙන්නට යාතිකා පද වැල්…?
රෝග පීඩා බැහැර වේවා! සැමට සුවසෙත උදා වේවා!
අතදුන් සියළු දෙන හට පුණ්‍යානුමොදනා වේවා!
සියලූ සත්වයෝ සුවපත් වෙත්වා!
- See more at: http://mahamegha.lk

නො මැරී ජීවත් වීම’ කියන්නේ යුගයෙන් යුගයට නො වෙනස් ව පැවතගෙන ආව ප‍්‍රාර්ථනාවක්.

ඉර – හඳ – තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ…

‘නො මැරී ජීවත් වීම’ කියන්නේ යුගයෙන් යුගයට නො වෙනස් ව පැවතගෙන ආව ප‍්‍රාර්ථනාවක්. ඒ නිසා ම මැරෙන එක කොහොම හරි වළක්වන්න දුරාතීතයේ සිට ම මිනිස්සු ක‍්‍රම සහ විධි සෙව්වා. පාරාවරුන්ගේ අමරණීයත්වයේ සිහිනය දක්වා දිව ගියේ ඒ නො මැරී සදාතනික ව ජීවත් වීමේ වුවමනාව ම තමයි.
ඒත් ඉතින් නො මැරුණු කෙනෙක් ලෝකයේ කොහේවත් හොයාගන්න නැහැ. ‘අමර’ලත් හැමෝම නො වැරදී ම මිය ගියා. අනිත් අය ගැන කවර කථා ද?
ඒත් ඔන්න ආයෙමත් ‘අමර’ කෙනෙක් වෙන්න අපි ජීවත් වෙන ලෝකයේ එක්තරා මිනිසෙක් සූදානම් වෙනවා. මෙවර අමරණීයත්වයේ සටනට පිවිස සටන් වදින්නේ රුසියානු කෝටිපතියෙක්. ඔහු ‘දිමිත‍්‍රි ඉට්ස්කොච්’. තිස් එක් හැවිරිදි වියේ පසුවන දිමිත‍්‍රිගෙ එකම ඉලක්කය ඔහු පසුගිය දිනයක මාධ්‍යය වෙත හෙළිදරව් කළා. ඔහුගේ බලාපොරොත්තුව වෙන්නේ නව තාක්ෂණය ඔස්සේ නිපදවන කෘත‍්‍රිම සිරුරකට මොළය බද්ධ කරවාගෙන සදාතනිකත්වයට පත් වීම. විද්‍යා ප‍්‍රබන්ධයක් වගේ දැනෙන මේ කථාවට ඔහු තවදුරටත් පැහැදිලි කිරීම් එකතු කර තිබුණා.
ඔහුට අනුව නම් අභ්‍යවකාශය ජයගත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන, අයිෆෝන්, න්‍යෂ්ටික සබ්මැරීන ආදි අති සූක්ෂම, අති දියුණු තාක්ෂණික උපකරණ කිසිවක් මිනිස් සිරුරේ පවතින භෞතික හැකියාවන් ඉක්මවා යන්නට සමත් වී නැහැ. ඒ නිසා එවන් නිර්මාණයන් පරයන සහ සාමාන්‍ය මිනිස් සිරුරක පවතින සීමාවන් ඉක්මවා යන කෘති‍්‍රම සිරුරක් නිර්මාණය කළ යුතු වෙනවා.
එලෙස නිර්මාණය කරන නව සිරුරට ඉතා අධික උෂ්ණත්වයක්, ඉතා ඉහළ පීඩනයක් දරා ගැනීමට වගේ ම අති ප‍්‍රබල විකිරණවලට පවා ඔරොත්තු දීමට හැකිවිය යුතු බවයි ඔවුන්ගේ අදහස. මේ අරමුණ මුදුන් පමුණුවා ගන්නට බලාපොරොත්තු වන්නේ වර්ෂ 2045 දී. ‘ග්ලෝබල් ෆියුචර් කොන්ග‍්‍රස්’ යන නමින් පිහිටුවා ගත් පදනමක් යටතේ ලොව පුරා අනුගාමිකයන් බොහෝ පිරිසක් එකතු කරගෙන ඔහු මේ වනවිටත් 2045 දී අමරණීය වීමේ සිහිනය බෙදා හදා ගනිමින් සිටිනවා.
දැනට ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ 2015 වසර වන විට මිනිස් මනස පරිගණකගත කර ගැනීම. ඒ සඳහා කෘත‍්‍රිම මිනිස් සිරුරක් නිර්මාණය කිරීමේ සංකීර්ණ ක‍්‍රියාවලියට පවා ඔවුන් අත පොවා අවසන්. කෘත‍්‍රිම සිරුරක් තුළ තමන්ට සදාතනිකව ජීවත් වෙන්නට පුළුවන් කියා විශ්වාස කරන දිමිත‍්‍රි කෘත‍්‍රිම සිරුරකට ඇතුළු වී ‘අමර’ වීම හෝ ස්වභාවික සිරුරේ හිඳ මරණයට පත්වීම එකිනෙකාට ස්වාධීනව තීරණය කිරීමේ ඉඩකඩකුත් ලබා දෙනවා. 2045 වන විට අපි නො මැරී සිටියොත් (ඒ වගේ ම දිමිත‍්‍රි ඇතුළු අනුගාමික පිරිසත් නො මැරී සිටියොත්) මේ අමරණීයත්වයේ සිහිනයට කුමක් සිදු වේ ද? යන්න දැන ගන්න අපටත් හැකි වේවි.
ලෝ ප‍්‍රකට හොලිවුඞ් සිනමාකරු ජේම්ස් කැමරන්ගේ ‘ඇවටර්’ චිත‍්‍රපටයේ තේමාව දිමිත‍්‍රිලගේ මේ අමරණීය වීමේ ව්‍යාපෘතියට අතිශයින් සමානයි. ඒ නිසා ම ඔවුන් මරණයෙන් ගැලවීම පිණිස නිර්මාණය කරන්නට යන කෘත‍්‍රිම සිරුර හඳුන්වන්නෙත් ඇවටර් නමින්. (මේ නම අප විසින් ‘අවතාර’ යන වචනය ශබ්ද කරන ආකාරයටත් යම් සමානකමක් දක්වනවා නේ ද?)
මිනිස් පරිණාමය තුළ හමුවුණ අමරණීය ම සන්ධිස්ථානය බවට මේ අමරණීය වීමේ ව්‍යාපෘතිය පත්වනු ඇති බව තමයි එය කෙරෙහි උනන්දුවක් දක්වන සියල්ලන්ගේ ම අදහස…
කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් වැය කරමින්, සුවිශේෂී තාක්ෂණයක් උපයෝගී කර ගනිමින් ඔවුන් සිදු කරන මේ දේ ඇතැම් විට සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතන පිරිසක් වගේ ම සාර්ථක වේවා! යැයි පතන පිරිසකුත් ලෝකයේ ඉන්නවා. උපන්නා වූ සියලූ සත්වයන් ඒකාන්ත වශයෙන් ම මරණය උරුම කරගෙන සිටින බව මනාව පෙන්වා දෙන දහමක් අසන්නට නො ලැබෙන ඔවුන් නො මැරී සිටීමක් ගැන එවන් විශ්වාසයක් තැබීම පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි.
අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප‍්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා සියලූ රූප අනිත්‍ය බව, තම වසඟයේ පැවැත්විය නො හැකි බව, දුක් සහගත බව සම්බුදු දහම සවනට නො වැකුණ කවරෙක් නම් දැන ගන්න ද? ඔවුන්ට මිනිස් මොළය පරිගණකයටකට ගන්න පුළුවන් වෙයි. මොළය කෘත‍්‍රිම සිරුරකට බද්ධ කරවා පවත්වා ගන්නත් යම් දිනෙක පුළුවන් වෙයි. ඒත් ඒ කිසිවක් ඔවුන්ට සදාතනිකව පවත්වා ගන්න බෑ. කවදා හෝ දවසක ඒ සියල්ල කාලයේ පහර දීමට හසුවන බව සිකුරුයි. ලෙයින්, මසින් නෙමෙයි, ගලින් යකඩින් කළත් ඒ සියල්ලේ විනාශය නියතයක්.
ඔවුන්ට එක දෙයක් කරන්න පුළුවන් වෙයි. ඒ තමයි එන්න එන්න ම අඩු වෙවී යන ආයුෂ වර්ධනය කර ගන්න එක. දැන් අවුරුදු හැටක් හැත්තෑවක් ජීවත් වෙන එක අවුරුදු සියයකට එහා අගයකට තාක්ෂණික මෙවලම් ඔස්සේ යොමු කරන්න ඔවුන්ට හැකි වේවි. ඒත් මරණයෙන් නම් ගැලවීමක් නෑ. වසර දහස් ගණනින් ආයුෂ තිබුණ මිනිස්සු පවා මරණයට පත් වුණා. කෝටි ප‍්‍රකෝටි ගණන් වුණ දිව්‍ය ආයුෂ තිබෙන දෙව් බඹුන් පවා කම්ඵල පරිදි මරණයට පත්වෙනවා. එහෙම එකේ අවුරුදු සියයක් හමාරක් ජීවත් වෙලා මියැදෙන එක ගැන කියන්නවත් දෙයක් නෑ.
ඒ කොතැන වුණත්, කාට වුණත් ඒකාන්තයෙන් ම මරණය උරුම වෙනවා. ලෝකයා නො දන්න මේ ජීවිත කථන්දරය ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ වරෙක හරි අපූරු හෙළිදරව්වක් කළා. උන්වහන්සේ වදාළා, ‘‘උපන් සත්වයාට ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන් ම තිබෙන්නේ මරණය ම මිස නො මැරී සිටීමක් නම් නෙමෙයි” කියලා. සත්‍යවාදී සම්බුදු සමිඳුන්ගේ ළයෙහි උපන් ශ‍්‍රාවක පුතණුවන්ගේ ඒ සිංහනාදයේ අසිරිය බලන්න…!
ගෙවා දමන ජීවිතයේ දෙපස බලනකොට ඒකාන්තයෙන් ම මරණය මුණ ගැසෙනවා. සිදු වෙන්නේ කවදා ද? කියන්න බැරි වුණාට කවදා නමුත් එය සිදුවන බව නම් නියතයි. උපන්නා වූ සියලූ සත්වයන් එහෙව් ඉරණමකට ලක් වී සිටිය දී තමයි දිමිත‍්‍රිලා අමරණීය වෙන්න නො වරදින බෙහෙත් හොයන්නේ. ඔවුන් නො දැන සිටියාට ජීවිතය මරණයෙන් කෙළවර වීමේ සර්වකාලීන පොදු උරුමය අපේ මිනිස්සු දැනගෙන හිටියා. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ”ආවොතින් යා යුතු ය. නො ගොසින් යළි එනු බැරි ය. මේ ලොව ඇත්තේ යාම්-ඊම් පමණකි.” කියා සටහන් තැබුවේත් ඒ සත්‍යය ම යි.
හැබැයි මේ ලොව යාම්-ඊම් අතර කළ හැකි ඉතා වටිනා දේවලූත් තිබෙනවා. ඒ ඉතා වටිනා දේවල් හරියට කරන කෙනා නො වැරදී ම අමරණීය වෙනවා. නො මැරෙන කෙනෙක් බවට පත් වෙනවා. උපත් විපත් හැම දෙයකින් ම සදහට ම නිදහස් වෙනවා. කවුද ඒ කෙනා?
ඒ තමයි භව රැහැන් සුණු විසුණු කළ කෙනා. උපතක් කරා යොමු කරන ආශ‍්‍රවයන් සහමුලින් ම ප‍්‍රහාණය කළ කෙනා. කිසිවකට නො ඇළුණ කෙනා, නො ගැටුණ කෙනා, මුළා නො වුණ කෙනා… දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරපු කෙනා. දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රහාණය කළ කෙනා. දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ කෙනා. දුක නැති කිරීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රගුණ කරපු කෙනා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ, ශාන්ත වූ, ප‍්‍රණීත වූ නිවනින් සැනසෙන ඛීණාශ‍්‍රවයන් වහන්සේ, සම්බුදු ළය මඬලෙහි උපන් රහතන් වහන්සේ… එක් සම්බුදු බණ පදයක් තුළ මරු පරදවා ජයගත් රහතන් වහන්සේලා දහස් නමක් වැඩ සිටිනවා.
නො මැරී සිටින්නට කළ යුත්තේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම ම යි. දිමිත‍්‍රිලා වුණත්, අප වුණත් කළ යුත්තේ එයයි. වීරියෙන් යුතුව, ප‍්‍රඥවෙන් යුතුව ඒ සම්බුදු ගමන් මෙඟේ නිසි ලෙස ගමන් කරනවා නම් 2045 වෙනකල් ඉන්න ඕන නෑ, හරියට කළොත් දවස් හතකුත් හොඳට ම ඇති කියලයි තථාගතයන් වහන්සේ වදාළේ.
ඒ දේ හරියට කළොත් ඉර හඳ තරු පවතින තුරු විතරක් නෙමෙයි, ඉර හඳ තරු නැතිව ගියත් අපි මැරෙන්නෙ නෑ…!!!
‘‘අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා”
‘‘අප‍්‍රමාදී ව සීල, සමාධි, ප‍්‍රඥ වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ ආයෙ ආයෙම මරණය විතරයි. අප‍්‍රමාදී ව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළකඳන් වගේ තමයි.”
(ධම්ම පදය – අප්පමාද වර්ගය)

- See more at: http://mahamegha.lk

සමහර පුද්ගලයන් තමන් ප‍්‍රමාණවත් නින්දක් ලබන බව සිතුව ද සමහර අවස්ථාවල දී රාත‍්‍රිය පුරාවට ශ්වසනය කෙටි කාලීන ව නැවතීම සිදු වේ.

විඩාව – නින්ද දුරලා ප‍්‍රබෝධමත් වෙමු


1. ප‍්‍රමාණවත් නින්දක් නො ලැබීම
මෙය ඔබගේ ශරීර සෞඛ්‍යට මෙන් ම මානසික ඒකාග‍්‍රතාවයට අහිතකර ලෙසින් බලපායි. නිදාගැනීම ක‍්‍රමවත්ව නියමිත කාල සීමාවක සිදු කිරීමත් ජංගම දුරකථන පරිගණක විශේෂයෙන් ක්‍ෂුද්‍ර පරිගණක (Laptop” palmtop computers), රූපවාහිනීයන්ත‍්‍ර යනාදිය නිදන කාමරයෙන් ඉවත් කිරීමත් ප‍්‍රමාණවත් සුවපහසු නින්දක් සඳහා උපකාරී වෙයි.
2. නින්දේ දී ශ්වසනයට බාධා වීම (Sleep Apnea)
සමහර පුද්ගලයන් තමන් ප‍්‍රමාණවත් නින්දක් ලබන බව සිතුව ද සමහර අවස්ථාවල දී රාත‍්‍රිය පුරාවට ශ්වසනය කෙටි කාලීන ව නැවතීම සිදු වේ. එම අවස්ථාවල මොහොතකට නින්දෙන් අවදි වීම සිදු වුවත් ඒ පිළිබඳ අවධානයක් යොමු නො වේ. එනිසා ඒ ගැන මතකයක් ද නැත. නමුත් එලෙස කොපමණ නිදා ගත්ත ද ඒ කාලය තුළ සුවපසු නින්දක් නො ලැබේ.
සිරුරේ බර අඩු කරගැනීම, දුම්පානයෙන් වැළකීම, හොඳින් වාතාශ‍්‍රය ලැබෙන පරිදි නිදන කාමරය සකසා ගැනීම, නිවැරදි ඉරියව්වෙන් නිදා ගැනීම වැනි ක‍්‍රියාකාරකම් මඟින් සුවපහසු නින්දකට ඇති ඉහත සඳහන් බාධාව ඉවත් කරගත හැකි වේ.
3. ප‍්‍රමාණවත් ඉන්ධන නො මැති බව
ඉතා සුළු වශයෙන් ආහාර ගැනීම අධික වෙහෙසට හේතුවක් වන අතර වැරදි ආහාර පුරුදු ද ගැටලූ සහගත තත්වයන් ඇති කරයි. සමබර ආහාර වේලක් ගැනීම ඔබගේ රුධිර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමටත් රුධිර සීනි මට්ටම පහත ගිය විට අලසබව ඇති වීම වළක්වා ගැනීමටත් උපකාර වෙයි.
සමබර උදෑසන ආහාර වේලක් එක්කර ගැනීම විශේෂ වැදගත් අවශ්‍යතාවයකි. මෙහි දී ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර එක්කර ගැනීම ද වැදගත් ය. අනෙකුත් ආහාර වේල ද නියමිත පරිදි ක‍්‍රමවත් පිළිවෙළකට ගැනීම ශරීරයට අවශ්‍ය ශක්තිය නිසි පරිදි ලබා ගැනීමට උපකාරී වෙයි.
4. නිරක්තිය (Anemia)    
සිරුරේ ප‍්‍රමාණවත් ව නිරෝගී රතු රුධිර ෙසෙල නො මැති වීම නිරක්තිය යි. මේ සඳහා වකුගඩු ආබාධ, සිරුරෙන් අධික ව රුධිර වහනය, දුර්වල ආහාර වේල්, විටමින් ඊ12 ඌණතාවය, යකඩ ඌණතාවය, ෆෝලික් අම්ල ඌණතාවය, මත්පැන් භාවිතය ආදී නොයෙක් ඍජු හෝ වක‍්‍ර හේතුන් බලපායි. විශේෂයෙන් කාන්තාවන්ගේ අධික විඩාබර ගතියට හේතු වන්නකි, නිරක්තිය.
මෙයින් මිදීම සඳහා නිසි පෝෂක ආහාරයට එකතුකර ගැනීමත්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කළ හැකි ය.
5. විෂාදය  (Depression)
මෙය මානසික අසමතුලිතතාවයක් වුවත් අධික විඩාව, හිසරදය, ආහාර අරුචිය ආදී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබට සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතු ය.
6. මන්දතයිරොයිඩතාව (Hypothyroidism)
ප‍්‍රමාණවත් ලෙසින් තයිරොයිඞ් හෝමෝන තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් නිපද නො වීම නිසා ඇතිවන තත්වයකි. එම හෝමෝන පරිවෘද්‍රිතිය පාලනය කරයි. තයිරොයිඞ් ග‍්‍රන්ථිය නිසි පරිදි ක‍්‍රියා නො කිරීම නිසා පරිවෘත්තිය ශීඝ‍්‍රතාවය අඩු වී අලස බව, විඩාව, නිදිමත ඇති වේ. රුධිර පරීක්ෂාවක් මඟින් මේ පිළිබඳ ව නිගමනයකට පැමිණිය හැකි අතර නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වීම ද කළ හැකි ය.
7. වැඩිපුර කැෆෙන් භාවිතය
කැෆෙන් මධ්‍යස්ත මාත‍්‍රාවලින් භාවිත කිරීමෙන් පරීක්ෂාකාරී බව, ඒකාග‍්‍රතාවය වැඩි කරන බව සඳහන් වන නමුදු වැඩිපුර භාවිතයෙන් හෘද ස්පන්දනය, රුධිර පීඩනය, කලබලකාරී බව වැඩි වීම සිදු වෙයි. එලෙස ම සමහර පුද්ගලයන්ගේ විඩාබර ගතිය වැඩි වීම ද සිදු වෙයි.
එනිසා කෝපි, තේ, චොක්ලට්, පැණි බීම වැනි කැෆෙන් අඩු ආහාර පාන භාවිතයට ගැනීම ක‍්‍රමයෙන් අඩු කිරීම වැදගත් ය.
8. මූත‍්‍රා මාර්ගයේ ආසාධන (Urinary  tract  infection)
මූත‍්‍රා දැවිල්ල වැනි ප‍්‍රකට රෝග ලක්ෂණ නො මැති ව ම මූත‍්‍රා මාර්ගයේ ආසාදන තත්වයන් ඇති වී තිබිය හැකි ය. එවිට අධික විඩාබර ගතිය එක ම රෝග ලක්ෂණය වන අවස්ථා ඇත. මූත‍්‍රා පරීක්ෂාවක් මඟින් මේ පිළිබඳ ව නිගමනය කළ හැකි අතර මූත‍්‍රා මාර්ගයේ ආසාදනයට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම මඟින් විඩාව ද දුරු වී යයි.
9. දියවැඩියාව (Diabetes)
දියවැඩියා රෝගය නිසා ද දිගුකල් පවතින අධික විඩාබර ගතියක් හට ගන්නට පුළුවන. එවිට එම රෝගයට නිසි ප‍්‍රතිකාර කිරීමෙන් එනිසා හටගත් විඩාව ද දුරු කර ගත හැකි ය.
10. විජලනය (Dehydration)
විඩාව විජලනයේ ලක්ෂණයක් විය හැකි ය. ඔබ කුමන ආකාරයේ රැකියාවක් කළ ද කුමන ක‍්‍රියාකාරකම්වල යෙදුණ ද ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඔබට පිපාසය ඇති වන්නේ යම් විජලන තත්වයක සිටින විට ය. දවස පුරා ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම විජලනය වළක්වා ගෙන එනිසා ඇති වන වෙහෙස දුරුකර ගැනීමට උපකාරී වෙයි.
11. හෘද රෝග
නිවස පිරිසිදු කිරීම, මිදුල අතුගෑම වැනි දෛනික කටයුතුවල නිරත වනවිට ඔබට වෙහෙසක් දැනේ නම් ඔබගේ හෘදය මනා ලෙස ක‍්‍රියාකාරී නො වීම ඊට හේතු වන්නට පුළුවන. එවැනි අවස්ථාවල දී නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් ය.
12. වැඩ මුරය වෙනස් වීම නිසා නින්දට බාධා ඇති වීම (Shift work sleep disorder)
රාත‍්‍රී වැඩමුරය හෝ වැඩමුරය මාරු වීම ඔබගේ ජෛව ඔරලෝසුවේ (internal  clock) ක‍්‍රියාකාරීත්වය වෙනස් කරයි. එවිට ඔබ අවදියෙන් සිටිය යුතු අවස්ථාවල ඔබට වෙහෙසක් ඇති විය හැකි අතර දහවල් නිදා ගැනීමේ අපහසුතා ද ඇති විය හැකි ය.
මෙවැනි ගැටළු මඟහරවා ගැනීම සඳහා ඔබට විවේකය අවශ්‍ය අවස්ථාවල දී දිවා එළියට විවෘත වීම සීමා කළ හැකි ය. මේ සඳහා ඔබගේ කාමරය තුළ අඳුරු, නිශ්ශබ්ද, සිසිල් පරිසරයක් සකස් කර ගැනීම කළ හැකි ය. මෙවැනි උපක‍්‍රම ද අසාර්ථක නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.
13. ආහාර ආසාත්මිකතා (Food  allegies)
සමහර ආහාර ආසාත්මිකතා නිසා ද නිදිබර ගතිය ඇති වේ. ආහාර ගැනීමෙන් පසු ඔබගේ වෙහෙසකර බව, නිදිබර ගතිය තීව‍්‍ර වේ නම් යම් කිසි ආහාර ආසාත්මිකතාවක් ඊට හේතු වන්නට පුළුවන. එවැනි ආහාර මඟහැරීම කළ හැකි අතර ආහාර ආසාත්මිකතාව පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් මඟිනුත් මේ පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි ය.
14. නිදන්ගත විඩාබර බව (Chronic  fatigue  syndrome) සහ මාංශ පේශි සහසම්බන්ධක පටකවල වේදනාව (Fibromyalgia)
ඔබගේ දෛනික කටයුතු කළමනාකරණය කරගත නො හැකි ලෙසින් වෙහෙසකාරී බව මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පවතී නම් එය ඉහත හේතු නිසා විය හැකි ය. නො කඩවා පවතින අධික විඩාබර බව ඉහත රෝගාබාධ දෙකෙහි ම රෝග ලක්ෂණයකි. මෙම රෝගීන්ට තමන්ගේ දෛනික කාල සටහන ක‍්‍රමානුකූල ව වෙනස් කිරීමෙනුත්, සුවපහසු නින්දක් ලබා ගැනීමෙනුත්, ව්‍යායාම මඟිනුත් මෙම තත්වය මඟහරවා ගැනීමට කල්යත් ම හැකියාව ලැබේ.
15. මෘදු වෙහෙසකර බවින් මිදීම
ඉතා දැඩි නො වන වෙහෙසකර බවට හේතුව නිසි පරිදි ව්‍යායාම නො ලැබීම විය හැකි ය. එනිසා තම දෛනික ක‍්‍රියාකාරකම්වලට විනාඩි විස්සක පමණ ක‍්‍රමානුකූල ව්‍යායාමක් එකතු කරගත හැකි ය. එමඟින් මෘදු වෙහෙසකර බවින් මිදෙන්නට අවස්ථාව උදාවන බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.
මේ අයුරින් විඩාබර බවට (Fatigue) සහ නිදිබර ගතියට (Sleepiness) හේතු සහ එම හේතු නසන ක‍්‍රම නොයෙක් පර්යේෂණ මඟින් ලොවට ඉදිරිපත් වී ඇතත් තිසරණ සරණ ගිය පිරිසක් වශයෙන් ලොව අසමසම පර්යේෂකයාණන් වහන්සේ වන අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ පිළිබඳ කුමක් වදාළ සේක් දැයි දැනගන්නට ලැබේ නම් කෙතරම් ලාභයක් ද? මහා කාරුණික උන්වහන්සේ නොයෙක් අයුරින් නින්ද ගැන වදාළ සේක. අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත‍්‍රයේ දී මෛත‍්‍රී භාවනාව කරන පුද්ගලයෙකුට ලැබෙන ආනිසංස ලෙස පෙන්වා වදාළ කරුණු 11 අතර සැප සේ නිදා ගැනීම, සැපසේ අවදි වීම, නිදා සිටින විට නපුරු හීන නො දැකීම ආදිය ඇතුළත් වේ.
එසේ ම උන්වහන්සේ මහා සතිපට්ටාන සූත‍්‍රයේ ධම්මානුපස්සනාව යටතේ පංච නීවරණ භාවනාව තුළින් ථීනමිද්ධ නීවරණය පිළිබඳ ව පෙන්වා වදාළේ මෙසේ ය. කායිකව හා මානසිකව පවතින වෙහෙස හා අලසකම (ථීනමිද්ධය) තමා තුළ පවතින කල්හි, එය මා තුළ පවතී යයි මනා කොට දැන ගනී. ථීනමිද්ධය නො පවතින කල්හි මා තුළ නො පවතී යයි මනාකොට දැන ගනී. යම් ආකාරයකින් හීන වීර්යෙන් යුතු ව කටයුතු කිරීම නිසා තමා තුළ හට නො ගත්තා වූ ථීනමිද්ධය හට ගන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. යම් ආකාරයකින් සතර සතිපට්ටනයේ වීර්යෙන් යුතු ව සිත මනා ව පිහිටුවා ගැනීම නිසා කලින් හට ගෙන තිබුණා වූ ථීනමිද්ධය ප‍්‍රහීණ වී යන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. යම් ආකාරයකින් ප‍්‍රහීණ වී ගියා වූ ථීනමිද්ධය මතු කිසි කලෙකත් හට නො ගන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. ථීනමිද්ධය හට ගන්නේ අයෝනිසොමනසිකාරයත් ප‍්‍රමාදයත් නිසා බව උන්වහන්සේ පේනවා වදාළ සේක. මේ අයුරින් උන්වහන්සේ සොඳුරු පර්යේෂණයකින් සදාතනික පිළිසරණ සැලසෙන හෙළිදරව්වක් කළ සේක.
එසේ ම මහා කාරුණිකයන් වහන්සේ දන්ත භූමි සුත‍්‍රයේ දී මෙසේ වදාළ සේක. ‘‘දැන් ඉතින් නිදි වරා ගෙන භාවනා කරන්න ඕනේ” (එහි ත්වං භික්ඛු ජාගරියන් අනුයුත්තෝ විහරාහි). දවස පුරා සක්මන් කර කර, වාඩි වෙවී පුහුණු වෙන්න කියනවා. රාත‍්‍රියේ ප‍්‍රථම යාමයේ රෑ 10 වෙනකම් එහෙම කරන්න කියනවා. රෑ 10 සිට 2 – 3 වෙනතුරු හාන්සි වෙන්න කියනවා. සිංහ සෙයියාවෙන් මම සිහියෙන් ම නිදා ගන්නවා, සිහියෙන් ම අවදිවෙනවා කියල හොඳ සිහියෙන් හාන්සි වෙන්න කියනවා. නැවත පාන්දර ම අවදි වෙලා අයෙමත් සක්මන් කරන්න, භාවනා කරන්න කියනවා. එයා මෙතෙන්ට එන්න කලින් සිල්වත් වුණා කියනවා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තා කියනවා, ආහාරයේ පමණ දැන ගත්තා කියනවා. කෙතරම් සොඳුරු මඟ පෙන්වීමක් ද? මේ සදහම් සයුරෙන් දිය බිඳක් පමණි. කෙතරම් පිරිපුන් පර්යේෂණයක් ද? අපටත් ඒ අසහාය මාර්ගෝපදේශකයාණන් වහන්සේ වදාළ සොඳුරු මඟ යන්නට වාසනාව උදා වේවා..!
සදහම් ඇසුර : පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සිතට සුව දෙන භාවනා, ඒ අමා නිවන් සුව බොහෝ දුර නො වේ ග‍්‍රන්ථ ඇසුරිනි.
සුව සටහනපියුම්නිල් ගමගෙද

වයබර් දාගන්න.. Get Viber //Desktop. Windows 8' iOS, Android, Windows Phone. BlackBerry. Bada Nokia

Saturday 22 February 2014

ගෙදර Plan එක විතරක් නෙමෙයි ගෙදරට ඔබට අවශ්‍ය බඩුබාහිර ආදියද මේ software එක ආධාරයෙන් ඔබට නිර්මාණය කරගන්න


මම අද දෙන්න හදන්නේ නිවාස නිර්මාණ කරණයේදී නැත්නම් නිවාස  සැලසුම් කිරීමේදී අවශ්‍යවන software එකක්. මේ software එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේම කියල නිවසක් Design කරගන්න. මේ Software එක වැඩිය සංකීර්ණ software එකක් නෙමෙයි. Home Planning ගැන දන්නේ නැති ආධුනිකයෙකුට උනත් මේ software එක පාවිච්චි කරලා තමන්ගේ හිතේ ඇදිල තියෙන සිහින නිවස හදාගන්න පුළුවන්.





ගෙදර Plan එක විතරක් නෙමෙයි ගෙදරට ඔබට අවශ්‍ය බඩුබාහිර ආදියද මේ software එක ආධාරයෙන් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. 32MB තියෙන්නේ. Download කරන් install කරද්දී ගැටළු මතු උනොත් comment එකක් දාල කියන්න.

Software එක ගැන පිළිබදව කරුණු කිහිපයක් පහත දක්වා ඇත.


Publisher - etecks


License - Freeware


Language - English


Total Size - 41.5MB


Release Date - 14/01/14

අදුරු පැහැ ගැනිවී තිබූ රූපයක් හොද මට්ටමේ රූපයක් බවට පත්කරන්නේ කෙසේද


background image එකක් text එකක් අස්සට දාන්න පුලුවන්නම් කොහොමද.හරිම ලේසී.බලන්නකො මේ video එක


ඉර නොපෑයුවත් Photoshop තුලින් ඉර විනාඩියෙන් පායවමු


කැලැල් සහිත මූනක කැලැල් ඉවත් කර ලස්සන මූනක් බවට පත්කරන්නෙ කොහොමද


වර්ණ සහිත පින්තූරයක කොටසක් පමනක් කලුසුදු කරමු


Photoshop මගින් ලේසියෙන්ම වතුර බින්දු නිර්මාණය කරමු


photo shopයාලුවන්ව විහිලුවකට ගමුද.මෙන්න ඒකට නියම ක්රමය


PHOTOSHOP මගින් ගලක අකුරු කොටන්නෙ විදිහ බලමු


ඔබගේ කොන්ඩයත් කිසිම මුදලක් වැය නොකර ලේසියෙන්ම කලර් කරගන්න

ඔබගේ මුහුනටත් වයිවාරන මෝස්තර යොදන්න නැතිනම් පච්චයක් කොටන්න යන්නෙ විනාඩි 2යි


දාගත්ත කන්නාඩියක් Photoshop වලින් ගලවමුද.හරිම simpal.මේ video එක බලන්නකො


කිසිම Software එකක් නැතුව You Tube එකේ Videos Download කරමුද


You tube කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය අතර ප්‍රසිද්ධ එකක්නේ..ඉතින් හැමෝම වගේ ආසයි ඒකේ තියෙන අලුත් අලුත් Videos Download කරගන්න..ඉතින් ඒකට මොකක් හරි පොඩි Software එකක් අවශ්‍ය වෙනවනේ..ඒක නිසා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම Software එකක් නොමැතිව කොහොමද You tube Videos Download කරගන්නේ කියලා..ඉතින් මේකට හරිම ලේසි වැඩයි කරන්ඩ තියෙන්නේ..එහෙනම් වැඩිය කතා නැතුව වැඩේ කරමු...

මුලින්ම ඔයාල You tube එකට ගිහින් ඔයාලට අවශ්‍ය කරන Video එකේ Link එක කොපි කරගන්න..ඊට පස්සේ මම පහළින් දෙන සයිට් එකට ගිහින් ඔයාල කොපි කරගත්ත Link එක Paste කරන්න..

සයිට් එකට මෙතැන ක්ලික් කරන්න

ඊට පස්සේ ඉතින් එහා පැත්තේ තියෙන Download බටන් එක Click කරලා..ඔයාලට ඕන කරන කොලිටියත් තෝරගෙන Download කරගන්න තමා තියෙන්නේ..

මොනා හරි ගැටලු එහෙමත් තියෙනව නම් කියන්න..ඔයාලගේ අදහසකුත් පහළින් දාල යන්න 

වැඩ කෑලි දාල Online photo එකක් Edit කරගන්න ආසද-Editing Photos with Picmonkey

එහෙනම් ඔන්න ඉතින් අද ඔයාලට මම දෙන්න යන්නෙ Online photo Edit කරන නියම බාණ්ඩයක්..මේකෙ නම තමාPicmonkey ඉතින් මේකෙ ඔයාල දැකපු නැති නියම වැඩ කෑලි ගොඩක් තියෙනවා මේක අනිත් Online photo Editකරන ඒවලට වැඩිය නියම බාණ්ඩයක් තමා ඉතින් ඔයාලට පුලුවන් මේකෙන් photo එකක්  Edit කරල Face book එකේ Profile picture එකටත් දාගන්න ඉතින් මේකෙන් ඔයාලට එක එක වැඩ කෑලි දාන්න පුලුවන් එහෙනම් ඉතින් වැඩිය කතා ඕන නෑ මම පහලින් Link එක දෙන්නම් එතනින් ගිහිල්ල ඔයාලට ඕන විදිහකට photo එකක් Edit කරගන්න තමා තියෙන්නෙ....


ඔයාල මේකට යනකොට  Google Chrome එකෙන් යන්න මොකද ඔයාල firefox එකෙන් යද්දි සමහර වෙලාවකටFlash Player එක ඉල්ලනව එක නිසා Google Chrome එකෙන් යන එක හොදයි...........
මෙතන ක්ලික් කරන්න  එහෙනම් ඉතින් දැන් ඇති තරම්  ඔයාලට photos Edit කරන්න පුලුවන්

හරි එහෙනම් මම ගිහිල්ල එන්නම් ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම මට Comment එකක් මගින් දන්වන්න  ඔයාලට මේක වැදගත් උනා නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා ☺☺
එහෙනම් ඉතින් අපේ Site එක පැත්තෙ ඇවිල්ල  යන්න අමතක කරන්න එපා.......එහෙනම් ඉතින්  අපි තවත් මේ වගේ වැඩ කෑල්ලකින් ආයිත් හම්බවෙමු






Thursday 20 February 2014

සංවේදී අය නොබලන්න ,,වීඩියෝව බලන්න ..

දරු සෙනෙහසට තෙත් වූ මවකගේ උතුම් හදවත දෙකට පලා තම බිරිදගේ දොළ සංසිදුවන පාපකාරී පුතාගේ කතාව ඇතුලත් සම්පුර්ණ කවි බන කතාව. මස්සැන්නේ විජිත පොඩි හාමුදුරුවෝ

දරු සෙනෙහසට තෙත් වූ මවකගේ උතුම් හදවත දෙකට පලා තම බිරිදගේ දොළ සංසිදුවන පාපකාරී පුතාගේ කතාව ඇතුලත් සම්පුර්ණ කවි බන කතාව.
මස්සැන්නේ විජිත පොඩි හාමුදුරුවෝ

English uganwana sinhala website

කවදාවත් කිසිකෙනෙකුට චෝදනා කරන්නවත් බණින්නවත් උත්සුක වෙන්න එපා

හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ කඩිනමින්. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත කඩා පැන්නා. “ඇයි ඔයා එන්න මෙච්චර වෙලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි!”
වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. “මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ…!”
“කලබල නොවී ඉන්න?! කලබල නොවී ඉන්නෙ කොහොමද?! ඔයාගේ පුතාට මෙහෙම දෙය වුනොත් ඔයා කලබල නොවී ඉන්නවද?!” පියා තරහින් කෑ ගහුවා.
තවමත් සිනහමුසුව ඉන්න වෛද්‍යවරයා පියාට උත්තර දුන්නේ මෙහෙම. “මිනිස්සු ඉපදෙනවා. ඒ වගේම මැරෙනවා. වෛද්‍යවරයෙකුට ඒක නවත්තන්න බැහැ. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැම දෙයක්ම කරනවා.”
“මහ ලොකුවට උපදෙස් නම් දෙනවා” පියා තමාටම කියා ගත්තා.
සැත්කමට පැය කිහිපයක් ගත් වුනා. වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ආවේ සතුටින්…
“ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා!” වෛද්‍යවරයා එයාගේ වාහනය වෙත දුවමින් කිව්වා. “ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.” එහෙම කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.
“ඇයි එයා එච්චර ආඩම්බර? මගේ පුතාගේ තත්වය ගැන අහන්කන්වත් ඉන්නේ නැතුව එයා යන්න ගියා.” පියා වෛද්‍යවරයා ගැන හෙදියට කිව්වේ එහෙම.
හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහුණින්. “එයාගේ පුතා ඊයේ සිද්ද වෙච්ච ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ පුතාගේ අවසන් කටයුතු අද. ඔයාගේ පුතාගේ ජීවිතේ බේරගත්තට පස්සේ එයා ඉක්මනට ගියේ එයාගේ පුතාගේ ආදාහන කටයුතු ඉවර කරන්න”
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
කවදාවත් කිසිකෙනෙකුට චෝදනා කරන්නවත් බණින්නවත් උත්සුක වෙන්න එපා. ඒ, ඔබ ඒ පුද්ගලයාගේ ජීවිතය ගැන හෝ එයාගේ කරදර බාධක ගැන දන්නේ නැති නිසා. මෙය Share කර යාලුවන්ටත් පවසන්න.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
මූලාශ්‍රය: lankacnews.com

Wednesday 19 February 2014

WhatsApp for Nokia Phones


http://bit.ly/1gYfWej   ඔබ දවසකට SMS කියක් විතර ඔබේ ජංගම දුරකතනයෙන් යවනවා ඇතිද .. හැබැයි SMS වලට වඩා ලාබදායි පණිවිඩ හුවමාරු සේවාවක් තමයි WhatsApp. දැනටත් ලොව පුරා මිලියන 450 කට අධික usersලා පිරිසක් ඉන්න WhatsApp සේවාව මිලදි ගැනිමට Facebook සමාගම අද දවසේදි තිරණය කරලා තියෙනවා.

WhatsApp for Android..free

http://bit.ly/1dPtyZo ඔබ දවසකට SMS කියක් විතර ඔබේ ජංගම දුරකතනයෙන් යවනවා ඇතිද .. හැබැයි SMS වලට වඩා ලාබදායි පණිවිඩ හුවමාරු සේවාවක් තමයි WhatsApp. දැනටත් ලොව පුරා මිලියන 450 කට අධික usersලා පිරිසක් ඉන්න WhatsApp සේවාව මිලදි ගැනිමට Facebook සමාගම අද දවසේදි තිරණය කරලා තියෙනවා.

WhatsApp for Android..free

http://bit.ly/1gIxYBRඔබ දවසකට SMS කියක් විතර ඔබේ ජංගම දුරකතනයෙන් යවනවා ඇතිද .. හැබැයි SMS වලට වඩා ලාබදායි පණිවිඩ හුවමාරු සේවාවක් තමයි WhatsApp. දැනටත් ලොව පුරා මිලියන 450 කට අධික usersලා පිරිසක් ඉන්න WhatsApp සේවාව මිලදි ගැනිමට Facebook සමාගම අද දවසේදි තිරණය කරලා තියෙනවා.
http://panoraadvertising.net/http://panoraadvertising.net/

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි