Sunday 13 April 2014

ඔබේ දරුවාගේ පළමු සති කිහිපය

new born baby බිළිඳකු සමග අරඹන නැවුම් දිවිය අලුත් සුන්දර අත්දැකීමක් වනවා සේම ඔබට වගකීම් රැසක් ද ගෙන දෙයි. අලුත උපන් බිලිඳා මෙන්ම ඔබට වැඩිමහල් දරුවන් සිටීනම් ඔවුන්ද රැක බලා ගැනීම පහසු කාර්යයක් නොවේ! ඔබේ අලුත උපන් බිළිදා සමග ගත කරන පළමු සති කිහිපය ඔබව ව්‍යකුලත්වයට පත් කිරීමට ඉඩ ඇත. මෙම ලිපිය ඔබට එම ව්‍යකුලත්වයෙන් මිදී ජීවිතය පසාහු කිරීමට උපකාරී විය හැක.

* ඔබේ බිළිදා නිවැරදි ආකාරයට අල්ලා ගන්නේ කෙසේද?

ඔබේ බිළිදා පපුවට තුරුල් කරගෙන අල්ලා ගෙන සිටීම බිළිදා බාහිර ලෝකයට හුරු කිරීමට සුදුසුම ක්‍රමයයි. මේ ආකාරයට දරුවා තබා ගැනීම ඔබේ ඔව් කිරි නිෂ්පාදනය ඉහල නංවයි. මෙම ක්‍රමය මව්කිරි මෙන්ම බෝතලයෙන් කිරි බොන දරුවන්ටද සුදුසු වේ (පළමු මාස කිහිපයෙදී මවු කිරි පමණක් දී ඔබ එක අවස්තාවක වෙනත් කිරි හඳුන්වා දෙන විට එසේ කරන්න). බිළිදා උපන් පසු හැකි ඉක්මනින් මෙලෙස අල්ලා ගැනීම වඩා සුදුසු වේ. එය ඔබ සහ දරුවා අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට උදවු වේ.

* පළමු සතිය තුළ කහ උණ තත්වය

උපතින් පළමු සති කිහිපය තුල දරුවා හොදින් නිරීක්ෂණය කර කහ උණ තත්වය හදුනා ගැනීම වැඩ වැදගත් වේ. බෝහෝ අලුත උපන් බිළිදුන් තරමක් කහ ගතියක් පෙන්නුම් කිරීම සාමාන්‍ය සිදු වීමකි. මෙය සතියක් දෙකක් අතර නැතිවී යා යුතුය. කෙසේ වෙතත් සමහර බිළිදුන් අධ්ක කහ ගතියක් පෙන්නුම් කිරීම බරපතල තත්වයක් වන අතර නිරීක්ෂණය සහ ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ. ප්‍රතිකාර නොකළ ආධික කහ උණ තත්වය බිළිදාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට  හානි පමුණුවයි. Newborn jaundice තත්වය ඇති වන්නේ දරුවාගේ අක්මාව මගින් Bilirubin නමැති ශරීරයේ ඇති රසායනිකය බිඳහෙලීමට අපහසු වන විටය. දරුවා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුකරන්න. ඊට අමතරව කුඩා ප්‍රමාන වලින් හෝ නිතරම (පැය 2කට වරක් පමණ) කිරි බීමට සලස්වන්න. එය දරුවාගේ ශරීරයේ ජල ප්‍රතිශතය පවත්වාගෙන යාමට උපකාරී වේ.

* සුවපහසු නින්දක් ලබා දීම

පැතලි මෙට්ටයක බිළිදා උඩු අතට තබන්න. සිනිදු පොරවනයක් භාවිතය වෙනුවට සුදුසු උණුසුම් පොරවනයකින් බිළිදා ආවරණය කරන්න. නමුත් ඔබ සිටින්නේ උෂ්ණාධික ප්‍රදේශයක නම් නිතරම දරුවාට පහසු උෂ්ණත්වයක් ලබා දෙන්න උත්සහ කරන්න. කොට්ට හෝ සෙල්ලම් බඩු බිළිදා නිදන ස්ථානයේ නොතබන්න. එමගින් බිළිදාගේ මුහුණ ආවරණය විය හැක.

* මුනින් අතට සිටින කාලය

සෑම දිනකම ඔබේ බිළිදාට මුනින් අතට සිටීමට කාලයක් අවශ්‍ය වේ. ඔබේ බිළිදා නින්දෙන් ඇහැරුණු පසු මුනින් අතට බඩ යට වනසේ තැබිය යුතු වේ. මෙම කාලය තුල බිළිදාට හිස හැරවීමට අවස්ථාව සැලසේ. මෙය බිළිදාගේ ගෙල සහ උරහිස් ශක්තිමත් වීමට මෙන්ම හිස එසවීමට මෙන්ම පෙරලීමට බිළිදා පුහුණු කරයි.

* සුව පහසුව සලසන්න

ඔබේ දරුවාගේ පෙකෙනි වැල වියලී පළමු සති තුන ඇතුලත හැලේ. මෙම කාලය තුල බිළිදා අවට පරිසරය පිරිසිදුව මෙන්ම වියලිව තබන්න. මෙම කාලය තුල බිළිදා නෑවීම සුදුසු වේ. නෑවීමෙන් පසු පෙකණි වැල ආශ්‍රිත ප්‍රදේශය හොදින් වියලන්න. පෙකෙනි වැල වියලීමත් සමග දරුවාගේ උදරයේ නාභිය ඇති වීම සිදු වේ. ඔබේ දරුවට සුව පහසු උෂ්ණත්වයක් අවශ්‍ය වේ. දරුවා අධික රස්නය හෝ අධික සීතලට නිරාවරණය නොකළ යුතු වේ. ඉහත කී පරිදි ඔබ දරුවාව ඔබේ පපුවට තුරුළු කරගෙන සිටින විට එමගින් දරුවාට උණුසුමක් ලැබෙයි. එම අවස්ථාවේ අමතර ඇඳුම් අන්දවා උණුසුම පමණට වඩා වැඩි කිරීම අවශ්‍ය නොවේ.
.................
.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි