Sunday 13 April 2014

දරුවකු බිහි කිරීමෙන් පසු,,

දරු උපතක් සමග තම සිරුරේ බර වැඩිවීම ඉතාම සාමාන්ය කරුණක්. නමුත් දරු ප්රසුඋතියෙන් මාස 6ක් ගත වන විට පෙර තිබු සාමාන්ය බර දක්වා ශරීර ස්කන්ධය අඩු කර ගැනීමට හැකි වීම ඔබේ සුවතස්වයට හේතු වෙයි. නමුත් දිගින් දිගටම බර ඉහල යන්නේ නම් එමගින් වෙනත් ලෙඩ රෝග වලට අවස්තාව ලබා දෙයි. එනිසා නිවැරදි ආහාර පුරුදු සහ ව්යායාම මගින් සිරුරේ බර අඩු කර ගැනීමට ක්රියා කරන්න.


* ඉක්මනින් නොව ක්රම ක්රමයෙන් බර අඩු කර ගන්න

දරුවකු බිහි කිරීමෙන් පසු ඔබේ ශරීරය නැවත ප්රකෘති තත්වයට පත් වීමට කලක් ගත වේ. එනිසා ඔබ එක වරම බර අඩුවන ව්යායාම හෝ අධික ලෙස බඩගින්නේ සිටීම නොකල යුතුය. දරු උපතින් මාස 2ක් හෝ 3ක් ගතවන තුරු මේ ගැන කලබල වන්න එපා... නමුත් ඉන්පසු ඔබේ පවුලේ වෛද්ය වරයාගේ උපදෙස් සහිතව ක්රම ක්රමයෙන් බර අඩු කර ගැනීමට උත්සහ කරන්න. විශේෂයෙන්ම මවු කිරි දෙන කාලයේදී ඔබේ ශරීරයට අතිමහත් පෝෂණයක් අවශ්යයි. එම කාලයේ බර අඩු කිරීමට බලාපොරොත්තුවෙන් නිරාහාරව සිටීම ඉතා භයානකයි.

* නිරාහාරව නොසිටින්න, කුඩා ආහාර වෙල් වැඩි ප්රමාණයක් ගන්න

බර ක්රමක්රමයෙන් අඩු කර ගැනීමට හොඳම ක්රමය සමතුලිත පෝෂණය සහිත ආහාර කුඩා ප්රමාන වලින් දවස පුරා ලබා ගැනීමයි. ඒ සඳහා ඔබ මුලින්ම සැලසුම් කිරීම අවශ්ය වේ. සම දිනකම එකම වෙලාවක ආහාර ගන්න සැලසුම් කරන්න. ඒ වගේම උදේ දවල් සහ රාත්රී ආහාර අතරමැද ගන්න කුඩා ආහාර වේල් සඳහා පලතුරු,  සීනි සහ මේද අඩු බිස්කට්, යෝගට් ආදී දේවල් සූදානම් කර ශීතකරණයේ තබන්න.

* උදෑසන ආහාරයේ වටිනාකම!

නිවැරදි පෝෂ්යදායක උදෑසන ආහාර වේලක වටිනා කම කියා නිම කල නොහැකි තරම්. බොහෝ මවුපියන් පාන් සමග කිරි හොදි, පන් සමග බටර් හෝ ජෑම් ආදිය උදෑසන ආහාරයට ගනිති, දරුවන්ටද දෙති. මෙය ඉතා නොසැලකිලිමත් ක්රියාවකි. පාන් සහ ජෑම්/ බටර් පමණක් කන විට එමගින් වැඩිපුර ලැබෙන්නේ කබෝහයිඩ්රේට සහ මේද පමණි. ප්රෝටීන, විටමින් ආදිය අඩුය. එම නිසා උදෑසන ආහාරයට සලාද කොළ, බිත්තරයක්, එළවලු ආශ්රිත හොද්දක් සමග පාන් පෙති 3ක් හෝ 4කට සීමා කරන්න. බඩ පිරෙන්නේ නැති බව දැනේ නම් කෙසෙල් ගෙඩියක්ද එක කර ගන්න. මේ සමග මේද අඩු කිරි වීදුරුවක් බීමට හැකි නම් තවත් ප්රයෝජනවත් වේ.

* සතියකට කොපමණ බර අඩු කර ගත යුතුද?

ඇඟට අපහසුවක් නොවන සේ සතියකට කිලෝ භාගයක් හෝ එයට මඳක් වැඩියෙන් බර අඩු කර ගන්නේ නම් මැනවි. එය අනිවාර්යයෙන්ම කල හැකි දෙයකි. මුලින්ම ඔබේ ආහාර පුරුදු නිසි ලෙස හද ගස්වා ගන්න. ඉන්පසු ඔබ දිනකට වරක් කෙටි ව්යායාම පෙළක නිරත වන්න.

* දවස පුර වරින් වර ජලය පානය ඉතා වැදගත්!

ජලය මගින් ඔබේ ආහාර දිරවීමත්, ශරීරය පුරා පෝෂණය ගෙනයන රුධිරයටත් දැඩි උපකාරයක් ලැබෙයි. එනිසා අමතක නොකර ඔබ වැඩකරන තැනම වතුර ජෝග්ගුවක්, වීදුරුවක් තබාගෙන වරින් වර පානය කරන්න.

* ව්යායාම

ක්රීඩා පිටියකට ගොස් දිවීම අතය වශය නොවනවා සේම, ගේදොර හෝ කුස්සියේ වැඩ පමණක් මෙයට ප්රමාණවත් නොවන බවද මතක තබා ගන්න. ඔබට හොඳ උපදේශකයකු සිටීනම් යෝග ව්යායාම ඉතා සුදුසුයි. බොහෝ මවුවරුන් කියන්නේ මෙයට වෙලාවක් නැති බවයි. නමුත් හැකි අවස්තාවක් විනාඩි 10ක් ගෙන ව්යායාම කරනන් උත්සාහ කරන්න. නැවතත් හවසට විනාඩි 10ක් ගැනීමට හැකි නම් සුදුසුය. අද කාලයේ ප්රධාන නගර වල දරු උපත් සිදු කල මවු වරුන් සඳහාම විශේෂ ව්යායාම පන්තිද පැවැත්වේ.
................
ඔබට ඇති වෛද්ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්යවරයාගෙන් අසන්න

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි