Sunday 13 April 2014

මාස 1ත් 7ත් අතර ළදරුවා

Your Child between 1 month to 7th monthඔබේ දරුවාගේ උපත ඔබගේ ජීවිතයේ සුවිසල්ම සිහිනයක් සැබෑවීමන් ලෙස හැඳින්වීම වැරදි නැත. දැන් ඔබ ඉතා උද්යෝගයෙන් බලා සිටින්නේ දරුවාගේ ක්රියාකාරී දඟකාරකම් බලමින් සතුටු වීමටයි. එනිසා අපි දරුවාගේ ජීවිතයේ පළමු මාස හය තුල වන විශේෂ සන්ධිස්ඨාන කිහිපයක් සලකා බලමු.


මෙම ලිපියේ දැක්වෙන ඇතැම් හැසිරීම් දරුවා හරියටම ඒ ඒ සති හෝ මාස ගණන් වලදී පෙන්නුම් නොකරයි නම් කලබල වන්න එපා. මන්දයත් එම හැසිරීම් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වන නිසා. නමුත් මෙම හැසිරීම් පෙන්වන්නට පමණට වඩා කල් ගත වෙනවානම් (සති තුනක් පමණ ප්රමාද නම්) වෛද්ය උපදෙස් පැතීම අත්යවශ්යයි.

* පළමු මාසය

දරුවා සමග ඔබ ගත කරන මුල් දින කිහිපය වැඩිපුරම වය වන්නේ දරුවාගේ ඇඳුම් මාරු කිරීමට, කිරි පෙවීමට සහ දරුවා නිදි කර තබා ගැනීමටයි. නමුත් සතියක් දෙකක් යන විට දරුවා ටිකෙන් ටික ක්රියාශීලී වන්න පටන් ගනු ඇත. එවිට දරුවා සමග ඉතා ලඟින් ආශ්රය කිරීමෙන් දරුවා තේරුම් ගැනීමට උත්සහ කරන්න. එවිට දරුවා බඩගිනි වූ විට, නිදිමත වූ විට, තෙමා ගත විට ආදී අවස්ථාවල දක්වන හැසිරීම් ඔබ තේරුම් ගනියි. එය ඉතා වැදගත්, මන්දයත් දරුවාට මෙම වයසේදී කතා කරන්න බැරි නිසා.

මෙම වයසේදී දරුවාගේ ඇස් පෙනීම අඟල් 8ත් 12ත් අතර වෙයි. එවිට දරුවා මෝස්තර සහිත කොලයක් හෝ රෙද්දක් දෙස අවධානයෙන් බලනු ඇත. ඊට අමතරව කන් ඇසීමද සන්වර්ධනය වී ඇත. ඔබේ හඬ අසුන විට දරුවා ඔබ දෙස බැලීමටද පටන් ගනී. දරුවා ඇහැරී සිටින විට උදරය මත දිගාවී (මුහුණ පහතට/මුනින් තලාවී) සිටින්න ඉඩ දෙන්න. දරුවා අවට සෙල්ලම් බඩු තබා ඒවා ඇල්ලීමට උනන්දු කරවන්න. දරුවා සමග නිතරම කතා කරමින්, ගී කියමින් සහ සුළු වශයෙන් සෙල්ලම් කරමින් සිටීම දරුවාගේ වර්ධනයට උදවු වනු ඇත.

පළමු මාසය පසුවන විට දරුවා තනිවම හිස එසවීම, හැරෙන්නට උත්සහ කිරීම ආදියට උත්සහ කරනු ඇත. නමුත් මුහුණ උඩ අතට එන සේ දිගාවී සිටීමේදී (උඩුබැලි අතට) තවමත් හිසට ආධාරකයක් අවශ්යයි.


මෙම වයස වන විට දරුවා ඔබ පෙන්වන දෙය දෙස උනන්දුවෙන් බලන්නේ නැතිනම්, ඔබේ හඬට ප්රතිචාර නොදක්වයි නම්, සහ දුර්වල බවක් පෙන්වයි නම් වහාම වෛද්ය උපදෙස් පතන්න. බොහොමයක් ඇස් සහ කන් ඇසීම සම්බන්ධ දුර්වලතා පිලිබඳව මුල් අවධියේම හඳුනාගෙන ප්රතිකාර ලබා දීම වැදගත් වේ.

* දෙවැනි සහ තුන්වැනි මාස 

මාස දෙක පහු වන විට දරුවා සිනහ වීමට පටන් ගනු ඇත. ඊට අමතරව සෙල්ලම් කිරීමටද කැමැත්තක් දක්වයි. ඔබේ මුහුණේ ඉරියවු අනුකරණය කරන්නට පෙළඹෙන අතර ඔබේ හඬද අනුගමනය කරමින් යම් යම් දේ මුමුණන්නට උත්සහ කරයි. එවිට දරුවා සමග නිතර සිටීමෙන්, දරුවාට අවධානය දීමෙන් ඔබේ ආදරය ප්රකාශ කර හැකි අතර එය දරුවාගේ වර්ධනය වේගවත් කරයි. ඔබ කරන දේවල් දරුවා සමග කියමින් කරන්න. එවිට දරුවාගේ කන් මෙම වචන වලට පුරුදු වේ. මෙම වයස වන විට දරුවාට උරන්නට සූප්පුවක් දීමේද වරදක් නැත.

දරුවාගේ ඇස් පෙනීමේ වර්ධනයක් ඇති වන නිසා, ඔහු/ඇය දකින දේ ගැන උනන්දුවෙන් බලන අතර ඔබේ මුහුණ දෙස ඉතා අවධානයෙන් බලනු ඇත. මඳින් මඳ දරුවා ඔබව කාමරයේ එහා කොනේ සිටියත් හඳුනා ගැනීමට පටන් ගනී.

මෙම වයසේදී දරුවාට තම හිසට ආධාරකයක් නැතිවම කෙලින් තබා ගැනීමට හැකි විය යුතු අතර, තනිවම පෙරලී යාමටද උත්සහ කරනු ඇත. තවද අතේ ඇඟිලි නැමීම දිග හැරීම, සෙල්ලම් බඩු හෙලවීම, ඇත උරන්නට තැත් කිරීම, කකුල් දෙකින් යමක් තල්ලු කිරීම ආදී ක්රියාකාරී ලක්ෂණ පෙන්විය යුතුය.

එම ලක්ෂණ පෙන්වීමට මාස 2 පිරී තරමක් කල් ගත වන බව ඔබට හිතෙනවානම් වෛද්ය වරයෙකු හමුවන්න.

* 4 වැනි මාසයේ සිට 7 වැනි මාසය දක්වා

මේ වන විට ඔබේ දරුවා සම්පූර්නයෙන්ම ක්රියාශීලී වනු ඇති අතර, හිනාවීම, කතා කිරීමට උත්සහ කිරීම, ඔබේ උදවු ඇතිව වාදී වීමට උත්සහ කිරීම, ඔබ උස්සා අල්ලාගෙන සිටින විට කකුල් දෙක සෙලවීම ආදී ලක්ෂණ පෙන්වන්නට පටන් ගනු ඇත.

ඔබේ හඬට දරුවා ඉතා සංවේදී වනු ඇති අතර ඔබ යමකට එපා කියන විට එයට ප්රතිචාර දක්වයි. ඔබේ දරුවා මේ වන විට තමන්ගේ නමටද ප්රතිචාර දක්වයි (මේ වන විට ඔබ ඔහුගේ / ඇයගේ සමග සිටින හැම විටම මෙම නම් ඔවුන් සමග කියා ඇති නම් මෙය ඉතා පහසු වේ.

දරුවාගේ ඇස් පෙනීම මේවන විට හොඳින් වර්ධනය වී ඇති නිසා, ඔබ දරුවාට පෙන්වන සෙල්ලම් බඩු ගැන අවධානය යොමු කිරීමත්, තම රූපය කන්නාඩිය මත බැලීමත් දරුව ඉතාම කැමැති දේවල් වවනු ඇත.

මෙම වයස වනවිට දරුවා ඉහත කී ලක්ෂණ නොදක්වයි නම් ඔබ වෛද්ය උපදෙස් පැතීමට හැකි ලබාගන්න. 

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි