Tuesday 8 April 2014

ඔබේ දරුවාගේ පළමු මාසය


one 1 month old baby අලුත උපන් බිළිදාගේ සුරතල් දැකීම මවටත් පියාටත් විශ්මය ජනක අත්දැකීමකි. මේ නිසා ඔවුන් නිතරම දරුවාගේ හැසිරීම සහ අනෙකුත් ක්‍රියාකාරකම් පිළිබද වැඩි අවදානයක් යොමු කරමින් සිටිති. දෙමාපියන් වීම අලුත්ම අත්දැකීමක් වන මව්වරු සහ පියවරු දරුවා ඇතැම් හැසිරීම් නොදක්වන විට බොහෝ තැති ගැන්මකට ලක්වෙති. මෙම ලිපිය එවන් ඔබට සහනයක් සලසනු ඇත.
අලුත උපන් ඔබේ බිළිදා නිතරම දක්වන හැසිරීම් කිහිපයක් ගැන පහත දක්වමු. සමහර දරුවන් මෙයට වඩා මඳක් ප්‍රමාද වී සමහර හැසිරීම් දක්වති. එනිසා ඔබ ඒ පිලිබඳ කලබල නොවී, තවත් සතියක් දෙකක පමණ බලන්න. සති දෙකක් පමණ හැසිරීම් ප්‍රමාද නම් වෛද්‍ය උපදෙස් පතන්න.

* අදහස් හුවමාරු කර ගැනීමට උත්සාහ කරයි.

ඔබේ අලුත උපන් බිළිදා ඔබ සමග අදහස් හුවමාරු කර ගැනීමට කැමැත්තක් දක්වයි. එසේම වදනින් නැතත් හැසිරීමෙන් සහ අංග චලනයෙන් ඔහුට අවශ්‍ය සහ අනවශ්‍ය දේ ඔබ වෙත දක්වයි. එම හැසිරීම තේරුම් ගැනීම ඔබ අතර සබදතාව පවත්වා ගැනීමට ඉතා වැදගත් වනවා සේම බිළිදා සහ ඔබව වඩාත් සමීප කිරීමට හේතුවේ. මෙහි ක්ලික් කර ලිපිය බැලීමෙන් ඔබට දරුවා කතා නොකලත් කියන දේවල් දැනගත හැක.

* ඔබව අධ්‍යනය කරයි.

විශේෂයෙන්ම බිළිදා ඔබ පිළිබද අධ්‍යනය කර ඉගෙන ගනී. ඔහු ඔබගේ හැසිරීම, මුහුණේ ඉරියව් සහ කට හඩේ නාදය හදුනා ගැනීම මගින් ඔබ පිළිබද නිගමනයන්ට එලබේ.

* නිදා ගැනීම

අලුත උපන් දරුවා නිදා ගැනීමට ඉතා වැඩි කාලයක් ගත කරයි. මුල්ම අවධියේ දරුවා ඉතා ක්‍රියාකාරී නොවීම ගැන බිය නොවන්න. සාමාන්‍යයෙන් දරුවා දිනකට පැය 15ත් 16ත් අතර කාලයක් නිදයි. එනිසා දරුවා නිදා ගැනීම ඉතාම අඩු නම් ඔහු/ඇය අපහසුවෙන්ද යන්න සොයා බලන්න.

* ආහාර ගැනීම

මෙම වයසේ දරුවාගේ එකම ආහාරය මවු කිරි වේ (අසාමාන්‍ය තත්වයක් මත වෙනත් කිරි නොදෙයි නම්). පැය දෙක තුනකට වරක් දරුවා කිරි උරා බොනු ඇත. අපේ අනෙකුත් ලිප්යේ සඳහන් කල පරිදි දරුවා බඩගිනි වූ විට කෑගසා ඇඩීමට වඩා දුර්වල ඇඩීමක් දක්වයි. දරුවා නිදා සිටියත් පැය දෙක තුනකට වරක් අවදී වී දුර්වල ඇඩීමක් දක්වනවාද යන්න සොයා බලන්න.

* ශරීර බර, උස සහ වැඩීම

දරුවාගේ බර කෙමෙන් කෙමෙන් වැඩේ වන අතර රාත්තල් 1.5ත් 2ත් අතර බර වැඩිවීමක් සහ අගල් 1.5ත් 2ත් අතර වර්ධනයක් පෙන්වයි. හිස උපතට වැඩ අගලක් පමණ විශාල වේ. තවමත් සිනහ සීම ආරම්භ කර නැති නමුත් බොහෝ විට පළමු මස අවසාන වනවිට දරුවාගේ මඳ හසක් ඔබට දැක ගත හැක.

 

* දරුවාගේ හැසිරීම්

දරුවා උපන් විට කල සේම තවමත් අත් මිටි මොලවාගෙන සිටි. ඇසීම හොදින් වර්ධනය වී ඇති අතර පුරුදු කට හඩ දෙසට හිස හරවයි. වෙන කිසිවකට වඩා මුහුණ දෙස බල සිටීමට කැමැත්තක් දක්වයි. විසිතුරු සෙල්ලම් බඩු අවශ්‍ය නොවේ. ඔබ ඇය/ඔහු සමග මුහුණ දෙස බලා කතා කිරීම පමණක් ප්‍රමාණවත් වේ.
මෙම හැසිරීම් රටාවෙන් යුත් ඔබේ බිළිදා නිරෝගිමත් වේ. වද වීම උවමනා නොවේ. මවගේ සහ පියාගේ ආදරය සහ රැකවරණය මැද ඇය සාමාන්‍ය ලෝකය තුළ නිරෝමත්ව ජිවත් වේ. ඔබේ එදිනෙදා වැඩ මේ අලුත් අමුත්තා නිසා විශ්වාස කල නොහැකි තරමට වෙනස් වී ඇත.ඔබේ ලෝකය උඩු යටි කුරු කරවන තරමට බිළිදා ඔබේ ජීවිතය අලුත් මාවතකට යොමු කර ඇත. ඔබේ අලුත උපන් බිළිදා ඔබ මත යැපෙයි. ඔබේ ආදරයෙන් පිරි ගිය මව් පදවිය තුල ඔබ මසකට පෙර සිටියාට වඩා සුව පහසු ලෙස ජීවිතය ගෙවයි.

* වැදගත් කරුණු

දරුවා ඔබේ කට හඬට ප්‍රතිචාර නොදක්වයි නම් හෝ ඇස් වල අස්වාභාවික තත්වයක් තිබෙයි නම් හෝ ඉතා විමසිලිමත් වන්න. වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.

......................
......................

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි