Thursday 17 April 2014

අර්සස්.. අති වන්නේ අපගේ ගුද මර්ගයේ.අර්ශස් මුලාරම්භය මලබද්ධයය.['යමෙක් යමි රටක උපන්නේ වීද ඔහුට එම රටේ උපදනා ඔසු වර්ග හිතවේ'.









අර්ශස්
අර්සස් අති වන්නේ අපගේ ගුද මර්ගයේ.ලේ අර්ශස් අති වලදි සිදුවන්නෙ ලේ නහර එකතුවක් තුල රුදිර ගමනට බාධා අති වී රුදිරය එකතුවීමයී.මෙසේ රුධිරය එකතු වී පිම්ඹුන ස්වභාවයක් ගන්නා නහර ගුලියක් ලෙස පිටතට නෙරා එ්ම අපි අර්සස් ගෙඩි ලෙස ගැමි ව්වහරයේ හදුන්වනවා.අර්ශස් ගෙඩි තුල ඇත්තේ රුදිරය පිරුන නහර නිසා එහි අැති වන තුවාල වීම් වලදි ගුද මර්ගයෙන් මලපහ සමග ලේ පිටවීම් අර්සස් අමාරුවේ රෝග ලක්‍ෂණ හදුන්වනවා.අර්සස් ගෙඩි තුල අැත්තේ රුදිරය පිරුන නහර නිසා එහි අැති තුවාල වීම් වලදි ගුද මාර්ගයෙන් මලපහ සමග ලේ පිටවීම අර්ශස් අමරුවෙි රෝග ලක්‍ෂණයයි෴අර්ශස් අමරුව අැති අයට දෑනෙන රෝග ලක්‍ෂණ අතර ගුද මර්ගයේ ගෙඩි වෙනි දේ අතට අසුවීම,මලපහ සමග ලේ පිටවීම ,ඇතැම්විට ගුද මර්ගයේ කැසීම්,අදික වෙිදනා ,කටු වලින් අනින්නා මෙන් දැනිම එම වෙිදනා වැඩි වු විට කේන්ති යාම් අාධී දේ දක්නට ලැබෙනවා.
අර්ශස් අකාර 2 ට දක්නට ලැබේ.එනම් ගුද මාර්ගයේ කිසියම් ස්ථානයට පිටතින් අැති අර්ශස් ගෙඩි හා එම ස්ථානයතට එතුළතින් ඇති ගෙඩි ලෙස එ්වා නම් කරන්න පුලුවනි.කෙසේ වෙතත් ජීවිතයම එපා කරවන මෙම රෝගය නොසෑදෙන්නේ ගේ කුරුල්ලට පමනකි.
අර්ශස් මුලාරම්භය මලබද්ධයය.අර්සස් රෝගියෙකුට අාහාර අරුචිය ,බඩ පුරවා දැමීම,උගුරට ඒම,උදරයේ වෙිදනාව,මලබද්ධය,උදරය තුළ ශබිධ ඇතිවීම්,අාදි ලක්‍ෂණ රාශියක් පවතී.වාත අර්ශස් වලදි වියළි අංකුර අැතිවිම්,වෙිදනාව පිත්ත අර්ශස් වලදි අධික දැවිල්ල,සහ ලේ ගැලීමද, කඵ අර්ශස් වලදි ලොකු අර්ශස් ගෙඩි අැති වේ.රක්ත අර්ශස් වලදි ලේ පිට වීම් සිදුවෙි.නමුත් ගුද මාර්ගයෙන් ලේ පිටවීම අර්ශස්ම නොවන බව සිහි තබා ගත යුතුය෴අධෝගත අමිල පිත්‍ත යේ දී ගුදයෙන් ලේ පිටවෙ.මහ බඩවැලේ තුවාල ඇති අවස්ථා වලදි,ගුද ගත පිළිකා නිසාත් ලේ පිටවෙ.කෙසේ නමුත් රෝග පරික්‍ෂවෙ දි නිවැරදි රොග නිර්ණයකදි ගුද මගින් රුදිරය පිටවන අවස්ථා කෙරෙහි සැළකිළමත් වීම අමතක නොකළ යුතුය.මා කලින් සදහන් කළා අර්ශස් රෝගීන් කේන්ති කාරයින් කියලා.මීට හේතුව ගුදවලි වල හට ගනු ලබන කුඩා ගෙඩි දැඩිවීම,හා මළබද්ධය හේතුවෙන් ගුද මාර්ගය කෙළවර තද දැවිල්ලක් හා උෂ්ණයක් හට ගැනීම තුළින් මොළයේ තාප නියාමක කේන්දරය උත්තේජණය වීමයි.දෝ‍ෂ කෝපතාව මත හෝ රක්ත දුෂණය,නිසා හෝ පරම්පරාවෙන්ද අර්ශස් රෝගය හට ගන්නා බව දේශීය වෛද‍්‍ය මතයයි.සහජ අර්සස් උප්පත්තියත් සමග ඇතිවෙි.එසේ වන්නේ මව පියන්ගේ අවදිමත් ආහාර විහරණය අනුව අාර්ථව ස්‍රොණිත,ශ‍ුක‍්‍ර දෙකේ ස‍ංයෝගයයි.මෙසේ හට ගන්නා වු අර්ශස් ගුද මර්ගයේ ගුදද්වාරයේ සිට අගල් හතර හමාරක් පමන අවකාශ කොටසේ අැති ගුදවලි 3 හි හටගනි.තවද යෝනි ලිගු ගෙල,තල්ල,මුඛය නාසය කණ ඇස් පිහාටූ ඇස් තුළ ආදි තැන්වල හට ගන්නා බව කියතත් එවා අධි මාංශ නම් වු මස් දලුය.ගුද මර්ගයේ හට ගන්නා වු මාංශඅංකුරයන් පමනක් අර්ශස් වෙ.ගුද මර්ගයෙන් ස්‍රාවයක් හෝ රක්තය පිටවන ද්‍රව්‍ය ස්‍රාවයක් රහිත නම් ශුෂ්කාර්ශස් නමින් හදුන්වයි.අර්ශස් ඇති වීමට හේතු රශියකි.සුව පහසු අසුන්,යහන්,ඇසුරු කරන්නන්ටද මෙ රෝගය ඇති වීමට හේතු වන්නේ ගුද නලිකාවත් මුත්‍ර ධාරා ආදියත් පිහිටා ඇත් තේ මුලාධාර පේශිය මත නිසාය.වාඩි වී සිටීමෙදී මෙම පේශිය පීඩාවට පත් වී එ් ආස්‍රිත ගුද බිත්ති තුළ ගමන් කරන ශිරා පිම්බී දැඩි වී ගෙඩි බවට පත් වී මිදි පොකුරක් අාකාර වෙයි.ගුද මර්ගයේ ශිරා නාල තුළ රුදිරය එක්‍ රැස් වී එම නාළය පිටතට නෙරා එ්ම අර්ශස් රෝගයේ ස්වභාවයයි.අාහාර රසය බඩවැල් සිට අක්මාව කරා ගෙන යන ප්‍රථිහාරිණි මහා ශිරාව උදරාගත අර්බුද වලින් ඇහිරි අධෝගත වන පීඩනය ගුද ශිරාවන්ට බලපෑමෙන් අර්සස් රෝගය සෑදේ.මෙසේ වන්නේ කාලයක් තිස්සේ පවත්නා මල බද්ධය නිසාය.තැටමීම් මගින්ද ගුද ශිරවන් පීඩාවට පත් වෙ.
.නිතර මලබද්‍ධය
ශරීර උෂ්ණතවය,ජලය පානය අඩු කම.කෙදි සහිත ආහාර අඩුවෙන් ගැනිම,කෘතිම ආහාර නිතර ගැනීමද අර්සස් රෝගයට හේතුවකි.
මලපහ කිරිමෙදි නිතර නිතර තැටමීමද හේතුවකි.මලපහකළ යුතු බව දැනුනද පිටකළ යුතු අතර මළවෙග දරා සිටීමෙන් පසුව පිට කිරිම සදහා මළ හිරකරගෙන රෝගයට තවත් හෙතුවකි.තවද ගමනක් යාමට මලපහ පෙර මළ පිට කිරිමෙ අවශ්‍ය තා නැතිව මළ පිට කිරිම අහිතකරයි.ආහාර සදහා පළා හා කෙදි සහිත එළවලු,පළතුරු අඩුවෙන් ගැනිම,කෘතිම රස කාරක අර්ශස් රෝගයට තවත් හේතුවකි.එක් තැනක බොහෝ වේලා වාඩි වී කය නොවෙහෙසා දිගු වේලාවක් එක තැන හිද කටයුතු කරන අයට අර්ශස් ඇති වීමට ඉඩ ඇත.උෂ්ණ වීර්‍යෙන් යුතු අාහාර,නිතර ගැනිම,බල,ඉස්සන්,දැල්ලන්,ජාඩී,හුරුල්ලන්,සැමන්,විනාකිරි,අන්නාසි,දුරියන්,නිතර මත්පැන් පානය,බඩගිනි මද බව දවල් නිදා ගැනිම,අධික මෙවුන්දම අර්ශස් රෝගයට හේතු කාරණා වේ෴
වෛද්‍ය-අමා සේනානි,
සිංහල වෙද මැදුර
කුරුණෑගල පාර
දිවුලපිටිය.0713199571
21

9 comments:

  1. මම පෝස්ට් එකක් ඉස්සුවා ,

    බලන්ඩ දේවල් තියනව වගේ , දිගටම ලියන්ඩ

    සමහරක් පොස්ට් වල අකුරු එලියටත් යන සීන් එකක් තියනව නේද

    පොටෝ උනත් එලියට පනින්ඩ දාන්ඩ එපා

    ඕනවට වඩා ලොකුවට ෆොටෝ දැම්මහම බ්ලොග් එක ලෝඩ් වෙන්ඩ වෙලා යනවා

    එහෙනං ජය වේවා

    වර්ඩ්වෙරිපිකේෂන් අයින් කරහං බං

    ReplyDelete
    Replies
    1. ආ තව එකක් පොස්ට් දාන කොට දවස් දෙකකට සැරයක්වත් දාහං
      ඒක දිගට දාන්ඩ එපා

      Delete
  2. අටම් තමා පාර පෙන්නුවේ. ගොඩක් වටින ලිපි රාශියක්!

    ReplyDelete
  3. ඔන්න ආව බලන්න....... ලෙඩ රෝග බොහොමයක් මේකෙන් බලා ගන්න පුළුවන් නේ.....

    ReplyDelete
  4. බොහොම වැදගත් බ්ලොග් එකක් වගේ. අටම් ගෙන් අහගෙන තමයි ගොඩ උනේ.

    ඉස්සරහටත් එන්නම්,

    දිගට ම ලියන්න.

    ජයවේව...

    ReplyDelete
  5. අටම් අයියගෙ පාර පෙන්වීමෙන් ආවෙ.

    වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා. ස්තූතියි ඔබට.

    ReplyDelete
  6. මමත් අටම් අයියගෙ පාර පෙන්වීමෙන් තමා ආවෙ.වැදගත් බ්ලොග් එකක්.ලෙඩ රෝග බොහොමයක් ගොඩක් දැන ගත්තා.ජයවේවා ඔබට......!!

    ReplyDelete
  7. අටමාගේ මග පෙන්වීම උඩ ඔන්න මමත් ආවා. මේකෙ බලන ගොඩක් දේවල් තියෙනවානේ.

    ReplyDelete

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි