Saturday 1 March 2014

Facebook Account එක බ්ලොක් වීම නවත්තමුද?

Facebook Account එක බ්ලොක් වීම නවත්තමුද?


මේ දවස් වල හමෝටම තියෙන ගැටලුවක් තමා  පරිගණක පිටුව තුළින් අද මම ගෙනාවෙ.Facebook එකේ Security වැඩි නිසා දැන් සෑහෙන කරදරයි නේද? නිතරම Account එක බ්ලොක් වෙනවා නේද? මේ බ්ලොක් වීමෙන් වළක්වාගන්න ක්‍රම කිහිපයක් දැන් මන් දෙන්න යන්නෙ.

මුලින්ම අපි මෙහෙම පටන් ගමු .ඔයගොල්ලො දන්නවාද FB එකේ බ්ලොක්ස් ජාති කිහිපයක් තියෙනවා කියලා අපි ඒ ගැන එකින් එක කතා කරමු .

1. සම්පූර්ණයෙන් ගිණුම අත්හි‍ටුවීම


ගොඩාක් දුරට මෙහෙම වෙන්නෙ ඔයාගෙ එකවුන්ට් එක Fake කියලා අඳුරගත්තොත් තමයි. මේකට නම් අපි මුළ ඉඳන්ම ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. කොච්චරද කියනවා නම් එකවුන්ට් එක හදන වෙලාවෙ ඉඳලම. ඒ ගැන වෙනම ලිපියක් පසුවට. දැන් එකවුන්ට් එක මෙහෙම බ්ලොක් වුණාම ඔයාට නැවත ගන්න ක්‍රම දෙකක් දෙනවා.

* කළින්ම එකවුන්ට් එකට සම්බන්ධ කළ දුරකථන අංකයට තහවුරු කිරීමේ අංකයක් එවීමෙන්
* ඔබේ මිතුරන්ගේ ඡායාරූප හඳුනාගැනීමට දීමෙන්

පිළියම අංක 1 (දැනටමත් දුරකථනයක් සම්බන්ධ කරලා නම් තියෙන්නෙ, මේ පියවර මගහරින්න.)

අපිට මේකෙන් ගොඩ එන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මුළ ඉඳලම එකවුන්ට් එකට දුරකථන අංකයක් ඇතුළත් කර තිබීම. ගැහැණු ළමයින්ට එහෙම නම් ජංගම දුරකථන අංකය ඇතුළත් කිරීමට බයයි නේ. නමුත් බයවෙන්නෙපා ඔබේ අංකය ඔබට විතරක් දිස්වීමට සකස් කරන්න පුළුවන්. අපි දැන් බලමු FB Account එකට ජංගම දුරකථනයක් ඇතුළත් කරගන්නෙ කෙසේද කියා.

*මුළින්ම ඔයාගෙ Profile එකට ගිහින් About Tab එකට යන්න. දැන් පල්ලෙහාට යන්න Contact Information වෙනකල්


දැන් Contact Information ඉස්සරහ තියෙන Edit දෙන්න. එහි Mobile Phones වලට ඔබේ ජංගම දුරකථන අංකයේ ඉදිරියේ ඇති 0 නොමැතිව ඇතුළු කරන්න. එහි අංක 3න් පෙන්වන තැනින් මෙම දුරකථන අංකය පෙන්විය යුතු අය ‍තෝරන්න. දැන් පහළින් ඇති Save දෙන්න.


දැන් ඔබේ දුරකථන අංකය Contact Information ඉදිරියේ වැටී ඇත. දැන් එහි ඉදිරියෙන් ඇති Verify ක්ලික් කරන්න. එවිට ඔබගේ ගිණුමේ පාස්වර්ඩ් එක ඉල්ලනු ඇත. එය ලබාදී ඉදිරියට යන්න.


දැන් ඔබේ ජංගම දුරකථනය තහවුරු කිරීමට ආකාරය අසනු ඇත. එවිට පහත රූපයේ පරිදී Send Me a Text ලබාදී ඉදිරියට යන්න.


දැන් ඔබ පෙර ලබාදුන් ජංගම දුරකථනයට තහවුරු කිරීමේ අංකයක් (Confirmation Code) එනු ඇත. එය ලබාදී Save කරන්න.
ඉන්පසු ඔබගේ දුරකථන අංකයට Notification ගෙන්වා ගැනීමට අවශ්‍ය දැයි අසනු ඇත. කැමති නම් එහි හරි ලකුණ ලබාදී ඉදිරියට යන්න. (මගේ මතය නම් මෙය නොකළ යුතු බවයි. මන්ද මෙය ටික දිනයකින් කරදරයක් වනු ඇත)

දැන් ඔබේ ගිණුම සම්පූර්ණ අත්හි‍ටුවීමකට ලක්වුවහොත් පළමු වතාවේ ඔබේ දුරකථන අංකයට එවන අංකය ලබාදීමෙන් ගිණුම නැවත ලබාගැනීමට හැකිවනු ඇත.



පිළියම අංක 2

මෙහිදී සිදුවන්නේ ඔබේ මිතුරන්ගේ ඡායාරූප ලබාදී එහි සිටින අයව හඳුනාගැනීමට ඉඩදීමයි. ඔබ ඉතා ඉහළ නිවැරදිතාවයකින් හඳුනාගත්තොත් ඔබට නැවත ගිණුම ලබාදෙනු ඇත.

නමුත් ගැටලුව වන්නෙ හඳුනාගැනීම නෙවේ. ඇත්තටම පුද්ගලයා නොමැති ඡායාරූපවලට අපිව අනන්තවත් Tag කරනවනෙ. ඒ කියන්නෙ හිතන්නකො මුහුදු වෙරළක පින්තූරයක් අරං ඒකට ඉන්න යාළුවො ඔක්කොම ටැග් කරනවා. ඉතින් අපි මෙහෙම බ්ලොක් වුණාම අපිට ඒ මුහුදු වෙරළෙ පින්තූරෙ පෙන්නලා එක තැනක් කො‍ටු කරලා අහනවා මෙතැන ඉන්නෙ කවුද කියලා. ඉතින් අපි අඳුනගන්නෙ කොහොමද?

මේකට නම් කරන්න තියෙන්නෙ බොහොම සියුම්ව කරන්න ඕනෙ වැඩක්. අපි සාමාන්‍ය ෆේස්බුක් සයිට් එකෙන් ගියොත් අපිට ලබාදෙන්නෙ ඉන්න පුද්ගලයගේ නම ලියන්න. නමුත් මම සොයාගත්තා Mobile Basic සයිට් එකෙන් යනකොට හය දෙනෙකුගේ නම් දීලා එයාලගෙන් කවුද කියලා අහනවා කියලා. ඉතින් මේකෙන් තමයි ප්‍රයෝජනේ ගන්න තියෙන්නෙ. ඒ වගේම අපිට මගහැර යන්න අවස්ථා දෙකක් දෙනවා. ඒ කියන්නෙ අපිට Skip Chances දෙකක් දෙනවා. දැන් අපි බලමු මේකෙන් ගිණුම ගොඩ දාන්නෙ කොහොමද කියලා.

'mbasic.facebook.com'

කියන එක '' නැතුව බ්‍රවුසර් එකේ ටයිප් කරලා ඔබේ ගිණුමට ඇතුළු වෙන්න. මෙහි ප්‍රධාන වාසිය වන්නේ උත්තර දෙන්න කාලය කෙතරම් ගත්තත් ගැටලුවක් නොමැති නිසා. බයවෙන්නෙපා මේක Phishing site එකක් නෙවෙයි. පරණ ජංගම දුරකථනවලටම  ෆේස්බුක් එකෙන්ම සකස් කරපු සයිට් එක මේ. මම තහවුරු කරනවා. දැන් ඔබට Capcha Code එකක් දේවි. එවිට එය නිවැරදිව ලබාදීලා ඉදිරියට යන්න. දැන් ඔබට ඡායාරූපයක් පෙන්වාවි.

බලන්න එය හඳුනාගන්න පුළුවන් ද කියලා. ඇත්ත පුද්ගලයෙක්ගේ ඡායාරූපයක් නම් මගහැර යන්නෙපා. වෙන ගිණුමක් භාවිතයෙන් හරි සොයාගන්න කවුද කියලා. එම ඡායාරූපය හඳුනාගන්න බැරි නම් ඔහුගේ/ඇයගේ ම තවත් ඡායාරූපයක් බැලීමට See Another Photo දෙන්න. මෙසේ ඡායාරූප 3ක් දෙනවා. ඒවායින් හඳුනාගැනීමට උපරිමයෙන් උත්සාහ කරන්න. පහත නම් ලබාදී ඇති අයගේ නම් සමග බලන්න. නොහැකි නම් Skip දෙන්න. ඔබට නැවත ඡායාරූපයක් ලබාදේවි. පෙරසේම හඳුනාගැනීමට බලන්න.

හඳුනාගැනීමට නොහැකි නම් මෙසේ කරන්නත් පුළුවන්. ඔයා නිතරම ෆේස්බුක් එනවා නම් යාළුවොන්ගේ personality එක දන්නවනේ. ඉතින් සමහර වෙලාවට Personality එකෙනුත් Guess කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෙනෙක් ඉන්නවා ටිකක් දුක් සීන්.. එයා නිතරම දාන්නෙ බූට් ගැන වාක්‍ය තියෙන ෆොටෝ. ඉතින් එයා ටැග් වෙන්නෙත් ඒ වගේ ෆොටෝවලට. ඒ නිසා ෆොටෝ 3ම බලලා ගෙස් කරන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා අන්තවාදී විරෝධී. එයා ටැග් වෙන්නෙ ඒ වගේ ෆොටෝවලට. ඒ නිසා දීලා තියෙන Names එක්ක සංසන්දනය කරලා බලලා තීරණය කරන්න. නමුත් Skip Chances තියෙනවා නම් මෙහෙම කරන්නෙපා.

තව දෙයක් තියෙනවා. ඉස්සර අපිට දුන්නු Image එක Google එකේ සර්ච් කරලා පුද්ගලයා සොයාගන්නත් පුළුවන්කම තිබුණා. නමුත් දැන් එහෙම බෑ කියලයි මම හිතන්නෙ. මොකද දැන් ඒ ක්‍රමේ මට සාර්ථක ප්‍රතිඵල දුන්නෙ නැති නිසා. කැමති නම් ඔයාට දෙන Photo 3න් ටිකක් ආවෙණික වගේ කියලා හිතෙන ෆොටෝ එකක් Hard එකට සේව් කරගන්න. දැන් පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් ගූගල් එකේ ටයිප් කරන්න තියෙන බාර් එකේ Camera එක උඩ ක්ලික් කරලා Upload an Image දීලා ඔබ සේව් කරගත් ඡායාරූපය ලබාදෙන්න. එවිට එම ඡායාරූපය අයිති පුද්ගලයා සමග Google Result එනු ඇත. එතකොට පුළුවන් පුද්ගලයගේ නම දෙන්න.

CLICK HERE


2. Friend Request බ්ලොක්

මුළින්ම කියන්න ඕනෙ මේ බ්ලොක් එක වැ‍ටුණොත් ගොඩ එන්න නම් ඔවුන් ලබාදෙන දින ගණන ඉවසන්නම වෙනවා. කරන්න කිසිම දෙයක් නෑ. ඒ නිසා කරන්න තියෙන එකම දේ බ්ලොක් නොවී තියාගන්න එක. මේක නම් වෙන්නෙ දිගට හරහට Friend Request යැව්වම තමයි. මේක නවත්වගන්න තියෙන්නෙ ක්‍රම 3යි.

a) Friend Request යැවීම සීමා කිරීම

ඔබ කළින් යවලා තවම Confirm හෝ Delete නොකරපු Friend Request කිසිවක් නොමැති නම් දිනකට Friend Request 100+ යැව්වත් මුකුත් වෙන්නෙ නෑ. ඒත් දැනට බොහෝදුරට එම Friend Request යවා තිබෙන බැවින් සීමාසහිතව Friend Request යවන්න වගබලාගන්න.

එසේම එකම වෙලාවේ Friend Request යැවීම කරන්න හොඳ නෑ. උදාහරණයකට මෙහෙම ගමු. දවසකට Friend Request 20ක් යවන්න තීරණය කළා නම් 10 ක් උදේට, 10ක් රෑට වගේ යවන්න. යවන කාලපරාසය වැඩිවන තරමට බ්ලොක් වෙන ප්‍රමාණය අඩුයි.

b) පෙර යවා Confirm නොවූ Friend Request අයින් කිරීම

ෆේස්බුක් එකේ නීතියක් තමයි ෆේස්බුක් එකෙන් පිටත සෑබෑ ලෝකයේ හඳුනන අයට පමණක් Friend Request යවන්න කියන එක. නමුත් මේක ඇත්තටම සිදුවන්නෙ නෑනෙ ගොඩාක් දුරට. ඒකම තමයි උපරිම යාළුවන් 5000 යැයි සීමාවකුත් පණවලා තියෙන්නෙ. මේ නීතිය නිසා ඔබ යවාතිබෙන, Accept නොවූ Friend Request තිබෙන තරමට ඔබේ ගිණුමට හොඳ නෑ. ඒ නිසා මේවා තිබෙන තරමට බ්ලොක් වීමේ ඉඩකඩ වැඩියි. එම නිසා මෙසේ Accept නොවූ ඒවා අයින් කරමු. ඒ සඳහා පහත ලින්ක් එකෙන් ගිහින් යන්න. 


එවිට ඔබට මෙතෙක් යවා, Accept නොවු ඒවා පෙන්වනු ඇත. ඒවා එකින් එක ඡායාරූපයේ පරිදි අයින් කරන්න. 




c) නොදන්නා අයට හැකිතරමින් Friend Request නොයවා සිටීම

පෙර කීවා වගේ නොදන්නා අයට Friend Request යැවීමේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමට ෆේස්බුක් විසින් අලුත් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ කියන්නෙ අපි කාට හරි Friend Request එකක් යැව්වාම එයා Accept කරත් Ignore කරත් එයාගෙන් අහනවා ෆේස්බුක් එකෙන් පිටතදී ඔබව අඳුරනවද කියලා. මෙහිදී No කියලා දුන්නොත් ඔබට අනතුරු ඇඟවීමක් එනවා මුළින්ම. පසුව කිහිපයක් මෙසේ වුවහොත් ඔබේ ගිණුම අත්හි‍ටුවන්න පුළුවන්. ඒ නිසා Friend Request යවනකොට ප්‍රවේසම් වන්න. ඉන්නා Friendsලා බැලුවම අපිට තීරණය කරන්න පුළුවන් කෙනෙක් නොදන්නා අයවත් ඇඩ් කරගන්නවද කියලා. ඒවගේ දේවල්වලින් Guess කරලා ‍තෝරලා බලලා Friend Request අරින්න.

3. Feature Block for 30 Days


මෙහිදී වෙන්නෙ ඔබේ ගිණුමේ Features බ්ලොක් කිරීමයි. Like, Comment, Messege, Sending Friend Request වගේ ගොඩාක් දේවල් බ්ලොක් වෙනවා දවස් 30කට. ඔබට Status Update එකක් දාන්න පුළුවන් වේවි. නමුත් එයට ලැබෙන ප්‍රතිචාරවලට පවා උත්තර දෙන්න Comment කරන්න බැරිවෙනවා. මේක හරිම කරදරකාරී බ්ලොක් එකක්. බ්ලොක් වුණොත් කරන්න දෙයක් නෑ, කරන්න තියෙන්නෙ බ්ලොක් වෙන එක නවත්වාගන්න එක විතරයි. කළ හැකි දේවල් කිහිපයයි තියෙන්නෙ.

a) අනවශ්‍ය විදිහට Like නොකිරීම
b) Spam ලින්ක්ස් නොදැමීම (මැසේජ්වලින් පවා)
c) අනවශ්‍ය ලෙස Facebook එකෙන් පිටතට යන ලින්ක්ස් නොදැමීම (ෆේස්බුක් එක තුළ දේවල් link කිරීම ගැටලුවක් නොවේ)

ලින්ක්ස් ගොඩාක් දාන කෙනෙක් නම් වෙනම එකවුන්ට් කිහිපයක් තියාගන්නවා නම් හොඳයි. ඒවගේම නිසි කාල ප්‍රාන්තරවලින් දාන්න. ඒ කියන්නෙ ලින්ක්ස් 100ක් දානවා නම් ඒක උදේට ඔක්කොම දාන්නෙපා. උදේට කොටසක්, දවල්ට කොටසක්, රෑට කොටසක් ලෙස දමන්න පුරුදු වීමෙන් එකවුන්ට් එක බ්ලොක් වීම වළක්වාගත හැකිවේවි.

යාළුවොන්ටත් පේන්න Facebook එකට Share පාරකුත් දාලා යමුද?

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි