Wednesday 26 March 2014

නිවුන් දරු උපත සම්බන්ධ ගැටලු


problems in a twin pregnancy නිවුන් දරු උපතක් යනු ඔබේ සතුට ඉහ වහා යන අවස්ථාවක්... නමුත් ඒ සතුට දුකකට හැරුනොත්? එසේ පිළිසිද ගැනීමකදී මව මෙන්ම දැරුවාද අවදානම් තත්වයකට පත් වන බව ඔබ දන්නවාද? කෙසේද ඔබ ප්‍රවේසම් විය යුත්තේ? මෙම ලිපිය මගින් අපි ඔබව ඒ පිළිබද දැනුවත් කරන්නෙමු.
ඔබ බොහෝ විට නිවුන් හෝ ඊට වැඩි ගැබ් ගැනීමකදී අධි අවධානම් තත්වයක් පිළිබද අසා තිබෙන්නට පුළුවන. එය බොහො විට භය උපදවයි. නමුත් එම අවදානම් තත්ත්වය පිළිබද දැනුවත් වීම මගින් එම තත්වය මග හරවා ගැනීමට ඔබට හැකියාව ලැබේ. එම වෙනස් කල හැකි අවධානම් තත්ත්ව සහ සංකුලතා පිළිබද මෙන්ම ලක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබද අවබෝධයකින් පසු වීම නිවුන් හෝ ඊට වැඩි ගැබ් ගැනීමක් සහිත මවගේ ගර්භනී සමය පහසු කරාවි.

* නිවුන් දරු උපත් සහ ගබ්සා වීම:

නිවුන් දරු පිළිසිද ගැනීමකදී ගබ්සා වීමේ සම්භාවිතාව වැඩි වේ.සමහර අවස්ථා වල එක් කලලයක් පමණක් ගබ්සාවිමක් හෝ සරලව එක් දරුවෙකු අනෙකා ඇත හැර යයි. (අතුරුදහන් වේ ) මෙම තත්වය Vanishing Twin Syndrome ලෙස හදුන්වයි. මෙම තත්වය මුල් මාස 3 තුල සාමාන්‍යයෙන් සිදුවිය හැකි තත්වයකි. මුල් අවධියේ ස්කෑන් පරීක්ෂාවකින් ඔබට නිවුන් දරුවන් පිළිසිඳ ගෙන ඇති බව පෙනී ගියත් මාස 3ක් ඇතුලත එක දරුවෙකු අතුරුදහන් වීම සිතට මහත් අසහනයක් ගෙන දෙයි. නමුත් ඔබ මතක තබා ගත යුතුය මෙය සිදුවීමේ සම්භාවිතාව ඕනෑම කෙනෙකුට පවතින බව. මුල් මාස 3 ඇතුලත එක දරුවකු අතුරුදහන් වීමකදී අනෙක් දරුවාට හානි වීමට ඇති ඉඩ අඩුය. නමුත් ඉන් පසුව මෙය සිදු වුවහොත් මවටත් ඉතිරි වූ දරුවාටත් හානි විය හැක. එම නිසා ඔබ නිවුන් දරු පිළිසිඳ ගැනීමකදී අවධානයෙන් සිටින්න. නිසි පරිධි වෛද්‍ය උපදෙස් අනුව නියමිත දින ගනනේදී ස්කෑන් පරීක්ෂාව කරගන්න.

* අන්තර් ගර්භාෂ විසමානුකුලතා:

නිවුන් දරුවන් අන්තර් ගර්භාෂ විසමානුකුලතා අවධානමට මුහුණ දේ. එනම් එක් දරුවෙකු අනෙකාට සාපේක්ෂව සෙමෙන් වර්ධනය වීමයි. සර්ව සම නිවුන් පිළිසිද ගැනීමකදී හෝ දරුවන් දෙදෙනාම එකම කලලබන්ධය තුල සිටින ගැබ් ගැනීමකදී සිදී වන මෙය twin-to-twin transfusion syndrome (TTTS) ලක්ෂණයකි. TTTS තත්වය එකම කලලබන්ධය බෙදා ගන්නා ඒකාණ්ඩජ නිඹුල්ලු අවස්ථාවේදී විශේෂයෙන් දැක ගත හැක. කලලබන්ධය සමග ඇති රුධිර වාහිනිය දෙමුහුන් වේ. මේ නිසා දරුවන් අතර රුධිරය අසමාන ලෙස බෙදී යයි. එක දරුවෙකු අනෙකා වෙනුවෙන් ප්‍රධානවම දායකයා බවට පත් වන අතර අනෙකා ප්‍රතිග්‍රාහකයා වේ. (සරලව කියනවානම් එක දරුවෙකුගේ පෝෂණය අනික් දරුවා උරා ගනී!) මෙම තත්වය දරුවන් දෙදෙනාටම භයානක වේ, නමුත් මවගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. වර්තමාන දියුණු තාක්ෂණය මගින් ලේසර් භාවිතයෙන් විශේෂ ශල්‍යකර්ම ක්‍රියා මාර්ගයක් මගින් මෙම තත්වය වෙනස් කිරීමට වෛදයවරයට හැකියාව ඇත.

* අඩු බර උපත් නිවුන් දරුවන්

බොහෝ විට නියම කාලයට ඉපදුනද අඩු බර සහිත වේ. සියලු නිවුන් උපත් සලකා බැලීමේදී බොහෝ නිවුන් දරුවන් (40% - 50% පමණ) කලින් උපත් ලබයි (සති 37 කට පෙර) සහ 2.5 kg වැනි අඩු බර සහිත වේ. තුන් නිවුන් දරුවෝ අඩු බර සහිතව කලින් ඉපදීමේ හැකියාව 90% කි. නිවුන් දරුවන් අපරිණත වීමේ වැඩි අවධානමක් පවතී. එනම් උපත් සති 20 පසු එහෙත් සති 37 ට පෙර සිදු වීමයි. සාමාන්‍ය දරු ප්‍රසුතිය සති 39ක් වුවද, නිවුන් දරු ප්‍රසුතියේ සාමාන්‍ය කාලය සති 35කි. ඉපදී සතියක් ඇතුලත අපරිණත නිවුන් දරුවන්ගේ මිය යාමේ සම්භාවිතාව අපරිණත එක දරු මිය යාම මෙන් 5 ගුණයකි.තුන් නිවුන් දරුවන්ගේ මෙම තත්වය 9 ගුණයකි.

* නොමේරු දරු උපත් සම්බන්ධ ගැටලු

මෙය බොහෝ ගැටළු වලට හේතු වේ. ඉන් කිහිපයක් පහත පරිදි වේ:
අපරිපූර්ණ පෙණහළු ස්වසන අපහසුතා ඇති කරයි. නොමේරු දරුවට පෙණහළු පරිපූර්ණ වාතමාර්ග දැමීමක් සිදු කරයි.
උදරය සහ අන්තක මාර්ගය පිළිබද ගැටළු
ස්නායු පද්ධතිය පිළිබද ගැටළු ( මොලය තුල රුධිර ගැලීම් වැනි)
අඩු බර සහිත වීම්
පෝෂක ලබා දීම පිළිබද ගැටළු (මව්කිරි ලබා දීම ඇතුළුව)

* අමතක නොකරන්න 

ඉහත කරුණු පිළිබඳව දැනුවත්ව සිටීමෙන් ඔබටත් නිවුන් දරු උපතකදී වන ගැටළු වලට සාර්ථකව මුහුණ දිය හැක. නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති අවධියේදී ඔබ නිතර වෛද්‍ය පරීක්ෂාවට භාජනය විය යුතු අතර විටමින්, යකඩ ආදියද නිසි ලෙස ලබා ගත යුතුය. බෙහෙත් නියම කිරීම වෛද්‍යවරයා සතු කාර්ය භාරයකි. එම නිසා එය 100% පිළිපදින්න. ඒ අතර ඔබගේ කාර්ය භාරය වන්නේ නිසි පෝෂණය සහිත ආහාර ගැනීමයි. දවසට පැය 8ක් වත් නිදා ගැනීමට උත්සාහ කරන්න. අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදී ලක්ෂණ පෙන්නුම් කරන්නේද යන්න ගැන අවධානයෙන් සිටින්න. අපි ඔබට සුභ පතමු!

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි