Monday 17 March 2014

ගර්භණි සමයේදී ඇදුම රෝගය


asthma during pregnancy  ඇදුම අද සමාජයේ සුලබව දැක ගත හැකි රෝගී තතත්වයකි. මෙය ලිංග භේදයකින් තොරව සැමටම බලපායි. එම නිසා ගර්භනී ඔබ එය කෙසේ බලපාන්නේදැයි දන සිටීම වැදගත් වේ. ඖෂධ පාලනයෙන් හෝ ප්‍රේරක මග හැරිම තුලින් මෙම තත්වය මග හරවා ගත හැක. අඩුම ගැබ් ගැනීම මග හැරීමට හේතුවක් නොවේ. මෙම ලිපිය මගින්. අපි ඔබට ඇදුම සහ ගර්භනී බාවය පිළිබදවිස්තර කරන්නෙමු.

* ඇදුම රෝගයෙන් පෙලෙන මව

ඇදුම යනු ඔබේ පෙනහැල්ලේ සිට වාතය හුවමාරු කරන කුඩා නල වලට බලපෑම් කරනා තත්වයකි. ඔබ ඇදුම රෝගයෙන් පෙලෙන්නේ නම් ඔබේ එම නල ඉතා සංවේදී සහ ඉතා පහසුවෙන් ඉදිමුණු සහ පීඩාකාරී තත්වයට පත් වේ. එම නිසා නල මාර්ග පටු වන අතර ශ්ලේෂ්මලය නිපදවීම වර්ධනය වේ. මෙම තත්වය ඔබට වාතය පෙනහළු තුලට ගෙන යාම සහ පිට කිරීම අපහසු කරන අතර weezing , කැස්ස පපුවේ තද ගතියට ද හේතු වේ. ඇදුම තත්වය ඉතා සුළු ලෙස ආරම්භ කොට දරුණු තත්වය දක්වා විහිදේ.

* ගර්භනී බාවයට සහ නුපන් දරුවාට වන බලපෑම

ගර්භනී සමය තුල ඇදුම රෝගය පමණක් ඔබට බලපෑම් කරනු නොලැබේ. නමුත් මෙම තත්වයට ඔබගේ කලලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු කරයි. එහෙත් ඇදුම රෝගය ගර්භනී කාලය තුල ඔබට හෝ ඔබේ දරුවාට අපහසු හෝ අනතුරුදායක තත්වයක් ඇති නොකරයි. නියමිත ආකාරයට පාලනය කරන ලද ඇදුම රෝගය සහිත ගැබිණි මව්වරු සාමාන්‍ය මව්වරු මෙන් අවධානම් තත්වයකින් තොර හෝ අඩු අවධානම් තත්වයකින් යුතු වේ. ඔබේ ඇදුම රෝගය සහිහැ මව්වරු නිරෝගී දරුවන් ලැබුවත්, පාලනයක් රහිත ඇදුම රෝගය සහිත මව්වරුන්ගේ දරුවන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා ගත හැකි අවස්ථාව අඩු වේ.
පාලනයෙන් තොර ඇදුම රෝගය, ගැබ් වලිප්පුව ( කලලබන්ධය නිසියාකාරව ක්‍රියා නොකරන විට), අධි රුධිර පීඩනය, නොමේරු දරු උපත්, අඩු බර දරු උපත් සහ ප්‍රමාණයෙන් කුඩා දරුවෙකු වීමේ අවධානම වැඩි කරයි.

* ඇදුම රෝගය සදහා ප්‍රතිකාර

බොහෝ ඇදුම සදහා භාවිතා කරන ඖෂධ වර්ග ගර්භනී සමයේ භාවිතයට සුදුසු වේ. ඔබට නියම කරන ලද ඖෂධ වර්ග ගර්භනී කාලය තුලත් නොකඩවා ලබා ගත යුතු වේ. ඔබේ ඇදුම රෝගී තත්වය නරක අතට හැරුනේ නැත්නම් පෙර ලෙසම ඔබට ඖෂධ ලබා ගත හැක. ඔබ ඖෂධ ලබා ගැනීම නතර කොට ඇදුම රෝගය පාලනය නොකළහොත්, එය ඔබේ සෞඛ්‍ය තාවයට බලපෑම් කරනවා සේම අඩු බර දරු උපතකට හේතු විය හැක. අවුරුදු ගණනාවක පරීක්ෂණ වලින් පසුව විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ ඇදුම රෝගය පාලනයකින් තෝර වීම ගර්භනී සමයේ ඖෂධ ලබා ගැනීමට වඩා දරුණු තත්වයක් බවයි.ඔබේ වෛද්‍යවරයා හමු වී ඔබට සුදුසු ආරක්ෂාකාරී ප්‍රතිකාර ලබා ගන්න.

* ගර්භණි සමය තුල ඇදුම රෝගය පාලනය

ඔබ ඇදුම රෝගයෙන් පෙළෙන්නේ නම් ඔබ තුල ස්වයං පාලනයක් තිබිය යුතු වේ. එනම් ඔබේ ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් මත සකසා ගත හැකි වේ. ඔබ එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු සහ ව්‍යායාම වල නිරත වන අතරතුර ඇදුම රෝගය දරුණු තත්වයට පත්වීම වැලැක්වීම සදහා දුම්පානය නතර කිරීම, සුරතල් සතුන්, පිදුරු,ප්‍රතිහිස්ටමින් වැනි ආසාදිත හේතු මග හරින්න. ගර්භනී කාලය තුල ඔබ ලබා ගත යුතු ඖෂධ පිළිබද ඔබේ වෛද්‍යවරයා සමග සාකච්චා කර ගන්න. විශේෂයන් මතක තබා ගත යුතු කරුණ නම් ඇදුම රෝගයට ලබා ගන්නා ප්‍රතිකාර එය පාලනයෙන් තොර වීමට වඩා මවට සහ දරුවාට ඇති අවධානම අඩු බවයි. ගර්භනී බාවයට පෙර ඇදුම රෝගය සහ ආසාධිත ඖෂධ පිළිබද වෛද්‍යවරයා සමග සාකච්චා කර තිබීම වැදගත් වේ

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි