Monday 17 March 2014

දරුවා කතා නොකලත් ඔබට කියන දේ


what-baby-says-without-speaking-baby-body-language-sinhalaඔබේ දරුවා කතා කිරීම ආරම්භ වනතුරු ඔබට ඔහු/ඇය කියන දේ වටහා ගැනීමට අපහසු විය හැක. නමුත් එම අංග චලන මගින් ඔහුගේ අවශ්‍යතා හදුනා ගැනීම අතිශයින්ම වැදගත්ය. මන්දයත් එම ළදරුවාට දැනෙන අපහසුතා සහ අවශ්‍යතා ඔබට දැනුම් දීමට ඇති එකම විදිය අන්ගචලන හෝ ඇඩීම හෝ සිනාසීම හෝ කෑ ගැසීම පමණක් වීමයි. අපි බලමු එවැනි වැදගත් ඉඟි කිහිපයක් ගැන.
මේ සියළු ක්‍රියාවකටම කිසියම් වූ හේතුවක් වේ. මවක් ලෙස ඔබේ අලුත උපන් බිලිදා පිළිබද ඔබ බොහෝ කල්පනාකාරී විය යුතු වේ. ඔබට දරුවා පෙනෙන දේට, ඇසෙනදේට සහ ස්පර්ශයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබද බොහේ දේ ඉගෙන ගත හැක. දරුවා නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ විලාසය කැමති අකැමැති දේ පිළිබද ඔබට වටහා ගත හැක. දරුවාගේ අංග චලන නිරීක්ෂණය ඔබට වාසියක් ගෙන දේ.මවක් ලෙස බිලිදාගේ අවශ්‍යතා හදුනා ගැනීම ඔබට සුවදායක අත්දැකීමක් මෙන්ම පරිනත බවක් ගෙන දේ.
ඔහුගේ හැගීම් හදුනා ගැනීම හා ඒවාට මුහුණේ ඉරියව් මගින් ප්‍රතිචාර දැක්වීමෙන් දරුවා දිරි ගැන්වෙන අතර ඔහුට එලෙසම කිරීමට ඉගෙනීමක් ලැබේ. ඉරියව් කියවීමට ඉගෙන ගැනීම තුලින් ඔබට දරුවාගේ දිනපතා රටාව මෙන්ම අවශ්‍යතා උවමනා හදුනා ගැනීම ඔබට මෙන්ම දරුවාටද සුවපහසු බවක් ගෙන දේ. ඔබගේ නිවැරදි ප්‍රතිචාර ඔහුට නිදහස ගෙන දේ. දරුවාගේ චලනයන්ට නිවැරදි ඉක්මන් ප්‍රතිචාර දැක්වීම මගින් ඔහුගේ ආතති තත්වය මග හැරී අවට පරිසරය සහ පුද්ගලයන් පිළිබද විශ්වාසය මෙන්ම ස්වයං වටිනාකම වැඩි දියුණු වේ.

* කැමති බව

යම් දෙයකට කැමති නම් නිහඩව ශාන්තව හොදින් ඔබ දෙස බලා සිටීවි. දරුවාගේ අවධානය එය වෙත ලැබෙන බව ඔබට වටහා ගත හැක.

* යමකට අකමැති බව

කිසියම් දෙයකට අකැමැති බව පෙන්වීමට අනෙක් පසට හැරේවි, දගලාවි, එසෙත් නැතිනම් කලබල කරවී.

* ගැඹුරු නින්ද

ඔබේ බිළිදාගේ ඇස් තදින් පියවි තිබේවි. ඇස් වල චලන දැක ගත නොහැකිවේ. ක්‍රමවත් හුස්ම ගැනීම් රටාවක් සහ විටින් විට ගැස්සීම් ස්වභාවයක් දැක ගත හැක.

*අඩ නින්ද

ඔබේ බිළිදා අඩක් ඇස් වසා නිදන අතර එය rapid eye movement (REM) sleep ලෙස හදුන්වනු ලැබේ. ඔබේ දරුවා නින්දේදී චලන දක්වාවි, ගැස්සේවි, සුප්පු කරාවි.

*අලස බව

ඔබේ බිළිදාගේ ඇස් හැර නිදි කිරා වැටෙමින් සිටීවි. කලබල රහිත චලන දක්වයි. සමහර විට ඔබ සහ ඔබේ නෑදෑයන් එක්ව දරුවා සුරතල් කරමින් සිටීමට කැමති වනු ඇති. නමුත් දරුවා උද්යෝගය රහිතව මෙවැනි ලක්ෂණ පෙන්වන විට දරුවා නින්දට ගෙන යන්න.

*පරිෂාකාරී බව

ඔහුගේ දෑස ඉතා දීප්තිමත්ව එක් ස්ථානයකට කේන්ද්‍ර ගත වේවි. ඔහු චලන දක්වාවි. මෙය දරුවාට වර්ධනාත්මක ක්‍රියාකාරීකමක් කිරීමට කදිම අවස්ථාවකි. අප ඉහත කියූ පරිදී, දරුවා වචන ඉගන ගන්නෙත්, ක්‍රියාකාරකම් ඉගන ගන්නෙත් එය දකින සහ අසන විටය. දරුවා පරීක්ෂාකාරීව, උද්යෝගයෙන් සිටින විට දරුවා සමග කතා කරන්න, ඔබ කරනේ දේ දරුවාට කියමින් කරන්න. ක්ෂණිකව නැති වුනත් කල් යන විට දරුවා වචන ඉගන ගැනීමට උත්සහ කරනු ඇත.

*හැඩීම

සෑම මවක්ම මේ පිළිබද අපහසුතාවයට පත් වේ. ඔබේ බිළිදා නලවා ගත නොහැකි ලෙස ඉතා තද බල ලෙස හඩමින් ශරීරය චලනය කරාවි. බඩගිනි වූ විට දරුවා උස හැඳින් හඬන්නේ නැත (ශක්තිය නැති නිසා) එය සුළු වෙලාවක් පහත් හඬින් කරයි. එවිට නිසි පරිදි කිරි උරා බීමට සලස්වන්න. හිටිවනම බෙරිහන් දෙමින් හඬන්නේ නම් බොහෝ විට එය ශාරීරික අපහසුතාවයක් නිසා විය හැක. උණුසුම් වැඩිකම, ඇඳුම් මුත්‍රා වලින් තෙත්වීම, දාඩිය දැමීම හෝ වෙනත් අපහසු දනවන කරුණක් විය හැක. මහන්සි වූ විට දරුවා බෙරිහන් දෙමින් අඬන්නේ නැති නමුත් බඩගිනි වූ විට අන්ඩන ආකාරයට වඩා මඳක් උස හඬක් නගනු ඇත.

* ඇස් සහ මුහුණ කැසීම (අතින් පිරිමැදීම හෝ කොට්ටය මත පිරිමැදීම)

මෙය දරුවා වෙහෙස වූ විට හෝ එම ප්‍රදේශය කසන බවක් දැනුන විට කරනු ඇත. මුහුණේ කිරි හෝ වෙනත් අපවිත්‍ර යමක් තිබේදැයි බලන්න. සුදුසු ලෙස තෙත රෙදි කඩකින් මෘදුව පිරිමදින්න. නමුත් දිගටම දරුවා තම අතින් මුහුණ පිරිමදින්නේ නම් එය නිදිමත හඟවන සලකුණක් විය හැක. නිදාගැනීමට පහසුකම් සලසන්න, ඇත්තටම නිදි මත නම් දරුවා නිදා ගනු ඇත.

* කොන්දෙන් පිටු පසට නැවීම (බඩ ඉදිරියට එන සේ, arching the back)

මෙය දක්වන්නේ කිරි වමනය වීමට එන බවක් විය හැකිය. එසේ උනොත් පිසින්නට රෙදි කෑල්ලක් සුඋදානම් කරගන්න. එය ස්වභාවිකව වෙන්නට ඉඩ දී දරුවා සුව පහසු ඉරියවුවක තබන්න.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි