Wednesday 26 March 2014

ගර්භණි සමයේ සායනයට යාම/ වෛද්‍යවරයෙකු මුණ ගැසීම


when to meet the doctor once you are pregnant ගර්භනී අවධිය කාන්තාවකගේ ජිවිතයේ බොහෝ බලාපොරොත්තු සහිත සුන්දරම අවධියකි. මෙම අවධියේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. ඔබ ගැබ් ගෙන ඇති බව හැගුන විට, ගර්භනී සමයේත්, දරුවා බිහිවන තුරු හා ඉන් පසුවත් සායනයට සහභාගී වී උපදෙස් ලබා ගැනිම යෝග්‍ය වේ. මෙම ලිපිය මගින් ඔබව ඒ පිළිබද දැනුවත් කරනු ඇත.

* පළමු වෛද්‍ය හමුව

ඔබේ පළමු වෛද්‍ය හමුව ඔබ ස්ථිරව ගැබ් ගෙන ඇද්ද යන්න දන ගැනීම සදහා වේ. එහිදී ඔබ හා වෛද්‍යවරයා අතර වැදගත් තොරතුරු හුවමාරු වීමක් සිදු වේ. වෛද්‍යවරයා විසින් ඔබට සම්පුර්ණ වෛද්‍ය ඇගයීමක් ලබා දෙනු ලැබේ. එය ඔබේ ගර්භනී සමය පුරාවටම ඔබේ අවශ්‍යතා හදුනා ගැනීමට මෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය සහ දරුවාගේ වර්ධනය පිළිබද දෙන ගැනීමට උපකාරී වේ. මෙම පළමු හමුවීම ඔබේ වෛද්‍යවරයා සමග සිදුවන තීරණාත්මක මෙන්ම දීර්ඝතම හමුවීම් මලින් එකකි.මෙය ඔබ රෝහලකට ගමන් කරන පළමු අවස්ථාව විය හැක.ඔබ කිසියම් දෙයකට භය නම් හෝ කලබල සහිත නම් ඒ බව වෛද්‍යවරයා දැනුවත් කරන්න.

* ඔබේ ආර්තවය නැවතුනේ කවදාද?

ඔබගේ ආර්තවය නැවතී ඇත්නම් සේම නිවසේදී කරන ලද ගර්භණි පරීක්ෂණය ධනාත්මක නම් (ගැබ් ගැනීමක් ලෙස පෙන්වයි නම්) වහාම වෛද්‍යවරයා හමු වීමට වෙලාවක් යොදා ගත යුතු වේ. ආර්තවය මග හැරීම නිසා සමහර කාන්තාවන් තමන් ගැබ් ගෙන ඇති බව සැක කරයි. කුමන අවස්ථාවක උවද ආර්තවය මහා හැරී ඇත්නම් සහ ගර්භණි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍යවරයෙකු හමු වීම සුදුසු වේ.

* වෛද්‍යවරයෙකු තෝරා ගැනීම

ඔබේ කැමැත්ත අනුව ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු මුණ ගැසිය හැක.ඔබ දැනටමත් කෙනෙකු තීරණය කර තිබෙන්නට පුළුවන. ඔබ එසේ කිසිවෙකු තීරණය කර නැත්නම් ඔබ කැමති රෝහලට ගොස් ඒ වන විට රාජකාරියේ යෙදෙන වෛද්‍යවරයා මුණ ගැසෙන්න. ඔබට කිසියම් බරපතල වෛද්‍ය ගැටළු හෝ සංකුලතාවයන් පවතින්නේ නම් ඔබ තෝරා ගන්නා ලද වෛද්‍යවරයා විසින් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ඇත. එවිට ගර්භණි සමය තුල ඔබව වෛද්‍යවරුන් දෙදෙනාගේම අධීක්ෂණය යටතට පත්වනු ඇත. 

* සියළු දත්ත ලබා දෙන්න

බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට සුදානම්ව වෛද්‍යවරයා මුන ගැසෙන්න. ඔබේ වෛදයවරයට ඔබේ සෞඛ්‍ය තත්වය, ඔබේ සහකරුගේ සහ පවුලේ වෛද්‍ය ඉතිහාසය පිළිබද නිවැරදි නිරවුල් තොරතුරු අවශ්‍ය වේ. ඔබෙන් වෛද්‍යවරයා විමසාවි යැයි අනුමාන කල හැකි ප්‍රශ්න කිහිපයක් පහත දැක්වේ.
  • ඔබ ඔසප් වුනු අවසාන දිනය : ඔබේ අවසාන දිනය ඔසප් දිනය දැන ගැනීමෙන් ඔබේ වෛදයවරයට ඔබේ ප්‍රසුත දිනය ගණනය පහසු වේ.
  • කලින් සිදු වූ ගබ්සා වීම්, කෙලවර වීම හෝ උපත් පිළිබද විස්තර : මෙම තොරතුරු ඔබ ගර්භනී සාමය සහ ප්‍රසුතිය නිරෝගිමත්ව සිදු කර ගැනීම සදහා වැදගත් වේ.
  • ආසාදන සහ ජානමය තත්ත්ව පිළිබද පවුලේ ඉතිහාසය : ඔබේ දෙමාපියන්ගේ සහ ඥාති වෛද්‍ය ඉතිහාස තොරතුරු පිළිබද ඔබ දැනුවත් වන්න. තැලසීමිය වැනි ජානමය රෝගී තත්ත්ව නිවාරණය දැන් විශේෂ වෛද්‍ය මධ්‍යස්ථාන වලදී සිදු වේ. තවද, අසාත්මිකතා සහිත පවුලේ ඉතිහාසය හදවත් රෝග සහ අනෙකුත් ප්‍රධාන වෛද්‍ය තත්ත්ව ඔබේ ගර්භනී බාවයට බලපෑම් කල හැක.
  • උපත් පාලන භාවිතා කලේ නම්, සරු බාවය වැඩි කිරීමට අවශ්‍ය ඖෂධ භාවිතා කලේනම්, විශේෂ ඖෂධ බාවිතා කලේ නම්, ඒ පිළිබද ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න.

* ඔබේ ජිවන රටාව

ඔබ වෛද්‍යවරයා විසින් ඔබේ ජිඅන රටාව පිළිබද ප්‍රශ්න කිහිපයක් ඔබෙන් විමසනු ඇත. දරුවට හානි කර වන බෙහෙත් වර්ග, මත් ද්‍රව්‍ය, මත පැන් සහ දුම් වැටි භාවිතය පිලිබදව ඔබෙන් විමසනු ඇත. එසේම ඔබේ ආහාර සහ අනෙකුත් දේ පිළිබද ඔබට උපදෙස් සපයනු ඇත. එසේත් නැතහොත් ආහාර පිළිබද විශේෂඥයෙකු හමුවී ඒ පිළිබද උපදෙස් ලබා ගන්න ලෙස ඔබව දැනුවත් කරනු ඇත. 
...................

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි