Saturday 1 March 2014

පලා අතරින්ද පෝෂණීය සහ ඖෂධීය ගුණ උපරිම වශයෙන් ඇත්තේ කතුරුමුරුංගා, මුකුණුවැන්න, ගොටුකොල, කන්කුන්, සාරණ, නිවිති, තම්පලා ආදී තද කොලපාට පලා වර්ග වලයි.

දේශීය පලා වලට එරෙහිව නැගෙන කටකථා ත්‍රස්‌තවාදය

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

එළවළු අතරින් ඉහළම පෝෂණීය සහ ඖෂධීය ගුණ ඇත්තේ පලා වලයි. පලා අතරින්ද පෝෂණීය සහ ඖෂධීය ගුණ උපරිම වශයෙන් ඇත්තේ කතුරුමුරුංගා, මුකුණුවැන්න, ගොටුකොල, කන්කුන්, සාරණ, නිවිති, තම්පලා ආදී තද කොලපාට පලා වර්ග වලයි.

එහෙත් මිනිසුන් විසින් පලා ආහාරයට ගැනීම වළක්‌වන කටකථා වරින් වර සමාජයේ ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි. එසේ ව්‍යාප්ත වන කටකථා අතුරින් අලුත් කටකථාවක්‌ වන්නේ ''කතුරුමුරුංගා කාපුවහම ප්‍රෙෂර් හැදෙනවා'' යන්නයි.

දැනට වසර ගණනාවක සිට විවිධ පලා වර්ග ආහාරයට ගැනීම නුසුදුසු බවත් එම පලා වර්ග ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවන බවත් අප සමාජයේ පතුරුවා ඇති කටකථාවන්ය. මෙය වරින් වර ඉස්‌මතු කරවන තත්ත්වයක්‌ වන අතර වරක්‌ මෙම කටකථාවලින් කියවුනේ පැෂන්පෘට්‌ කොල පිළිකාකාරක බවය. ඊළගට ජපන් බටු කොළ පිළිකාකාරක බවට මත පතුරුවා තිබූ අතර ඉන් පසුව කියවුණේ කතුරුමුරුංගා කොළ පිළිකාකාරක නිසා ඒවා ආහාරයට නොගත යුතු බවය. කරපිංචා ස`දහාද මේ කටකතාවම පතුරුවා තිබූ අතර එහි නවතම අංගය වන්නේ රම්පේ පිළිකාකාරක නිසා ආහාරයට නොගත යුතු බවය. මෙසේ කිරීමට ඇති සාධකය ලෙස මේ කට කථා පතුරුවන්නන් යොදාගන්නේ ඒ බව ස`දහන් දැන්වීම් මහරගම පිළිකා රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ බවයි.

මෙම කට කථා වලට මහරගම පිළිකා රෝහල ඈඳා තිබෙන නිසා මෙහි ඇත්ත නැත්ත සොයාබැලීමට ඉරිදා ජාතික පුවත්පතක්‌ මීට වසර පහකට පමණ පෙර මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‌ෂවරයා සමග සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා තිබුණ බවද අපට මතකය. එහිදී රෝහල් අධ්‍යක්‌ෂවරයා පවසා තිබුණේ තම රෝහලෙන් කිසිම දිනක එවැනි පණිවිඩයක්‌ මහජනතාවට ලබා දී නැති බවයි.

ඇත්ත වශයෙන්ම කතුරුමුරුංගා පලා වර්ග අතර රජු ලෙස සැලකිය හැකිය. මුලින් කී පරිදි එළවළු වලින් වඩාත්ම ගුණදායක වන්නේ පලා වර්ග වන නිසා කතුරුමුරුංගා එළවළු අතර සක්‌විති රජු සේ සැලකීමේ කිසිම වරදක්‌ නැත. කතුරු මුරුංගා කොළ වල පෝෂණීය සහ ඖෂධීය ගුණ එතරම්ම උසස්‌ය. ලෝකයේ මෙතෙක්‌ පහල වී ඇති කුමන වෛද්‍ය විද්‍යාවට අනුව විග්‍රහ කළද, කුමන පෝෂණ විද්‍යාවට අනුව විග්‍රහ කළද තත්ත්වයේ වෙනසක්‌ නැත.

කතුරුමුරුංගා පිළිකාකාරක නොවනවා පමණක්‌ නොව එය පිළිකාවලට ඖෂධයක්‌ ලෙස ආයුර්වේදයේ බොහෝ දුරාතීතයේ එනම් චරක සුස්‌සෘත යුගයේ සිට භාවිත කර ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවද පිළිකා වළක්‌වන ස්‌වභාවික ආහාර අතුරෙන් ප්‍රමුඛස්‌ථානය ලබාගන්නේ කතුරුමුරුංගා ඇතුළු පලා වර්ග බව විවාදයකින් තොරව පිළිගනියි. පලාවර්ග ඇතුළු එළවළු වැඩි වැඩියෙන් ආහාරයට එක්‌ කර ගැනීමෙන් පිළිකා අවදානම අඩුවන බවට ලෝකයේ ඕනෑතරම් සාක්‌ෂි සාධක ඇත. ඒ නිසාම පිළිකා අවමකර ගැනීම ස`දහා ලෝක මට්‌ටමෙන්ම මහජනයාට කරන නිර්දේශයක්‌ වන්නේ පලාවර්ග ඇතුළු එළවළු පරිභෝජනය හැකිතරම් වැඩිකිරීමය. පලා වර්ග වල ගුණ අප ජන සමාජයේ කොතරම් මුළු බැස ඇත්දැයි හො`දින් දන්නා කිරිපිටි සමාගම් ඇතැම් කිරිපිටි වර්ග විකුණාගැනීම ස`දහාද ගොටුකොළ ඈ¹ගෙන ඇත. ඒ අනුව කිරිපිටි පැකැට්‌වල ගොටුකොළ වල පින්තූර පවා ඇතුළත් කර ඇත.

පිළිකාවලට පමණක්‌ නොව අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩිකම සහ හෘදයාබාධ ආදී ලෙඩ රෝග වළක්‌වාගැනීමට ද කතුරුමුරුංගා ඇතුළු පලාවර්ග මහ`ගු මෙහෙයක්‌ ඉටුකරයි. එපමණක්‌ නොව එම රෝගවලින් පෙළෙන අයට ඒවා හො`දින් පාලනය කරගැනීමටද කතුරුමුරුංගා ඇතුළු පලා වර්ග බෙහෙවින්ම උදව් කරයි. එසේ නම් නිවැරදි පණිවිඩය විය යුත්තේ ''කතුරුමුරුගා කාපුවහම ප්‍රෙෂර් එක හැදෙන්නෙ නැතිලු'' යන්නයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග අංශයෙන්ද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන්ද අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ සහ පිළිකා වළක්‌වාගැනීම අරමුණු කරගනිමින් එළිදක්‌වා ඇති පෝස්‌ටර්වලින් සහ වෙනත් සෞඛ්‍ය පණිවිඩවලින් කියවෙන්නේ පලා වර්ග, එළවළු වර්ග සහ පලතුරු වර්ග වැඩි වැඩියෙන් දෛනික ආහාරයට එකතු කර ගන්නා ලෙසයි. එය එසේ වන විට ''කතුරු මුරුංගා කාපුවහම ප්‍රෙෂර් හැදෙනවා'' යන්න සත්‍යයක්‌ වන්නේ කෙසේද? එය පැහැදිලිව මෙරට ජනතාව බරපතළ අයුරින් නොමග යවන අසත්‍යයකි.

දැන් ඕනෑම කෙනෙක්‌ නූතන දැනුම පහසුවෙන්ම සොයාගත හැකි මාර්ගය ලෙස සලකන්නේ අන්තර්ජාලයයි. කතුරුමුරුංගා සම්බන්ධව සෙවීමට අන්තර්ජාලයට පිවිසුනොත් ඔබට පිළිකා වැළැක්‌වීම, අධිරුධිර පීඩනය වැළැක්‌වීම, දියවැඩියාව වැළැක්‌වීම, හෘදයාබාධ වැළැක්‌වීම ඇතුළු ගුණ සිය ගණනක්‌ද කතුරුමුරුංගා ඖෂධයක්‌ සේ භාවිත කරන රෝග තත්ත්වයන් අති විශාල සංඛ්‍යාවක්‌ද සොයා ගත හැකිය. ඔබ කළ යුත්තේ ඉංග්‍රීසියෙන් කතුරුමුරුංගා හැ`දින්වෙන Aට්‌එයස යන්න ටයිප් කර ඒ පිළිබ`ද වෙබ් අඩවි ලැයිස්‌තුව ඉල්ලා සිටීමයි. 


No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි