Thursday 27 March 2014

මවුකිරි දීමේදී සැලකිලි මත් විය යුතු කරුණු කිහිපයක්


Few Important Points when You are Breastfeedingමවු කිරි යනු ඔබේ දරුවාට ලබාදිය හැකි ඉතාම වටිනා දායාදයකි. දරුවාගේ උපතේ  අවධියේ මවුකිරි තරම් සුදුසු වෙනත් ආහාරයක් දරුවාට නොමැත. මව් කිරි ඔබේ දරුවාට ඉමහත් වාසි  රැසක් ලබා දේ. එය දරුවා මනා ලෙස ශක්තිමත් කරන අතර ඔබ සමඟ බැඳීම තවත් වැඩි කරයි. පහත ක්රම භාවිතයෙන් ඔබේ දරුවට නිවැරදි ආකාරයට මව් කිරි ලබා දීමට ඔබට හැකියාව ලැබේ.


* නිසි ලෙස දැනුවත් වන්න

මව් කිරි ලබා දීම පිළිබද දැන ගැනීමට දරු ප්රසුතිය තෙක් බලා සිටීමට අවශ්ය නොවේ. ඔබ ගර්භණී සමයේදී මව් කිරි ලබා දීම පිළිබද විස්තර සොයා මව් කිරි ලබා දීම නිවැරදි ලෙස කිරීමට දැනුවත් වන්න. ඔබේ මවගෙන් හෝ නිසිලෙස මව් කිරි ලබා දුන් අත්දැකීම් සහිත පුද්ගලයෙකුගෙන් හෝ ඔබේ සායනයෙන් ඔබට අවශ්ය තොරතුරු ලබා ගත හැක.

* උපන් අවස්ථාවේ සිටම ඔබේ උණුසුමට දරුවා හුරු කරන්න

ප්රසුතියෙන් පසු ඔබට හැකි වහාම දරුවා තුරුල් කර මව්කිරි ලබා දීම නිවැරදි ආරම්භයක් ගෙන දේ. දරුවා නිවැරදි ආකාරයට දරුවා ඔබ සමීපයට ගැනීම ඉතාම වැදගත්ය. එහිදී දරුවාගේ මුව ඔබ ආසන්නයට ගෙන දරුවාගේ නාසය නොවැසෙන සේ තනපුඩුව උරාබීමට සලස්වන්න. මනා ලෙස සම්බන්ධ වූ විට දරුවාගේ මුවින් කිරි වෑස්සීමට ඉඩක් නැත. උපන් අවස්ථාවේ සිට දරුවා ඔබේ උණුසුමට හුරු වූ විට සහ නිවැරදි ඉරියවුවට දරුවා ලං කර ගන්නා විට ඉබේම දරුවා කිරි බීමට සුඋදානම්  වීමට පුරුදු වේ.

* සමෙන් සම ගැටීම

බිලිදාගේ සහ මවගේ සරීර කොටස් එකිනෙක ගැටීම ඉතා වැදගත් වේ. කිරි ලබා දීමේදී බිලිදා කලබල හෝ අතරමන් වූ විට ඔබේ නිරුවත් පපු පෙදෙසේ පහස දැනෙන්නට සලසන්න. (ඔබට ලැජ්ජාවක් ඇති වේ නම් රෙද්දකින් ආවරණය කරන්න) සමීප සම්බන්ධතාවය බිලිදා තැම්පත් කරවන අතර කිරි බිම සදහා උනන්දුවක් ඇති කරවයි.

* සංඥා හදුනා ගන්න

කල්තියා ඔබේ දරුවාගේ මුල් හැසිරීම හදුනා  ගැනීම  මෙන්ම දරුවාටද පහසුවක් වේ. ඔබේ දරුවාට  බඩගිනි වූ විට අත සැපීම, මුඛයේ සිදුවන චලන හෝ හිස ඒ මේ ඇත හැර වීම, බිලිදු අතින් මුහුණ අත ගා ගනු ඔබට දැක ගත හැකි වේ. මව් කිරි ලබා දීමේදී මෙවැනි සංඥා හදුනා ගැනීම ඉතා වැදගත් වේ.

* Engorgement: (පියයුරු ඉතා තද, ඝන, විශාල සහ උණුසුම් වීම)

මුලදී ඔබේ බිලිදාට පැය දෙක තුනකට වරක් මව් කිරි ලබා දීම සිදු කල යුතු වේ. උපතින් දින කිහිපයකට පසු ඔබේ ලේ පිරුණු පියයුරු ඉතා තද, ඝන, විශාල සහ උණුසුම් වීම භීතියට පත් වීමට හේතුවක් නොවේ. එය පැසුණු කිරි එරීම නිසා සිදුවන්නකි. මෙම තත්වය දවස් කිහිපයකින් පහව යයි. නමුත් පියයුරු වල ඝන බව දරුවාගේ කිරි ඉරීම ආපහසු කල හැක. ඔබේ දරුවා එවැනි අපහසු තත්වයකට මුහුණ දෙන්නේ නම් කිරි දීමට පෙර අතින් මිරිකා හෝ කිරි ස්වල්පයක් පිට කිරීමෙන් ඔබේ පියයුරු මෘදු කර දරුවාට සුව පහසුව සලසන්න. නිතරම දරුවා කිරි උරා නොබිවූ විට පියවුරු වලින් කිරි ඉවත් නොවීම නිසා මෙසේ පියවුරු ඉදමීමට අවස්තාව ඇත. එනිසා එවැනි අවස්තාවක ඔබේ අතින් මඳක් මිරිකා කිරි ස්වල්පයක් මුදාහරින්න එවිට නැවතත් මෘදු භාවයට පත්වී දරුවාට ඉරීම පහසු වේ. මෙම තත්ත්වය දිගින් දිගටම පවතී නම් (මිරිකා කිරි ස්වල්පයක් මුදාහරින්න විට නැවත මෘදු නොවේ නම්) වෛද්ය උපදෙස් පතන්න. මන්ද යත් කිරි හිරවී තිබීම ආසාදන ඇති වීමට මඟ පාදන නිසා.

* විශේෂඥ උපදෙස් පතන්න:

මව් කිරි දීම වේදනාවක් ඇති නොකරයි. මව් කිරි දීමේදී ඔබට වේදනාවක් ඇති වන්නේනම් හෝ ඔබේ දරුවා දිනකට වාර  8ත් 10 ත් අතර මුත්රා නොකරන්නේ නම් විශේෂඥ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ. කුඩා ගැටළු ඔඩු දුවන්නට පෙර හැකි ඉක්මනින් විසදා ගැනීම වැදගත් වේ.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි