Wednesday 5 March 2014

F1- F12 යතුරු වලින් කරන දේවල්

F1- F12 යතුරු වලින් කරන දේවල්
හැමෝගෙම මැසිමේ යතුරු පුවරුවේ උඩින්ම තියෙන්නේ මේ යතුරු ටික තමයි. මේවාට පොදුවේ කියන්නේ Function keys කියලා.
F1= කොතැනදී එබුවත් එම තැනට අදාල Help වින්ඩෝ එක දැක ගත හැකි වේ.
සමහර පරිගණක boot වන අවස්ථාවේදී මෙය එබීමෙන් BIOS වෙත පිවිසීමට හැක.
F2= ඕනෑම දෙයක් rename කිරීමට (files, folders, icons)
සමහර පරිගණක වල BIOS වෙත පිවිසීමට.
Ctrl + F2- MS Word වලදී Print Preview ලබා ගැනීමට.
F3= Win + F3- Ms Outlook වලදී Advanced Search window එකට පීවිසීමට.
Shift + F3- MS Word වලදී තෝරාගත් කොටසක සියලුම අකුරු කැපිටල් හෝ සිම්පල් කිරීමට
F4= Windows Explorerවලදී හෝ Internet Explorer වලදී location bar විවෘත කිරීමට
Ctrl + F4- Internet Explorer වැනි මෘදුකාංගයක Tabs වසා දැමීමට
Alt + F4- සම්පූර්ණයෙන්ම window එකක් වැසීමට
F5= refresh කිරීමට
powerpoint වල Start slideshow කිරීමට
F6= location bar එකේ ඇති cursor එක ගමන් කරවීමට
F7= Ms word වැනි වැඩසටහන් වලදී spelling and grammar ලබා ගැනීමට
F8= පරිගණකය boot වන අවස්ථාවේදී safe mode වලින් boot කිරීමට
F9= Mac OS 10.3 හෝ පසුව ආ සංස්කරණ වලදී විවෘතව ඇති සියලුම වින්ඩෝවන් පෙන්වීමට
Quark 5.0හිදී Measurements toolbar විවෘත කිරීමට
F10= menu bar එක activate කිරීමට
boot වන විට CMOS Setup වෙත යාමට
Shift + F10- right click
F11= ඕනෑම Browser එකක full screen mode
F12= Ms Word වලදී Save as ලබා ගැනීමට
ඕනැම Browser එකකදී Code වගයක් තියෙන බාර් එකක් ලැබීම(Inspect element box)
Shift + F12- Word document එකක් Save කිරීමට
Ctrl + Shift + F12- Word document එකක් කිරීමට කිරීමට

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි