Sunday 16 March 2014

ලොව ජිවත් වන සැවොම මනෝ ව්‍යාධි වලින් පෙලෙන්නෝ වෙති

ලොව ජිවත් වන සැවොම මනෝ ව්‍යාධි වලින් පෙලෙන්නෝ වෙති. නැතහොත් ඔල්මාද කාරයෝය. මට සාපේක්ෂව මා පිස්සෙකු නොවේ. එහෙත් මට සාපේක්ෂව වෙනත් අයෙකු, මගේ චින්තන සම්ප්‍රදාය ඉක්මවා ගිය හොත් මට ඔහු පිස්සෙකි. එහෙත් ඔහුට ඔහු පිස්සෙකු නොවේ. නමුත් ඔහුට මා පිස්සෙකි. මේ ආකාරයෙන් බැලු කල පිස්සුව සාපේක්ෂය. මේ ලොව නිරපේක්ෂ වූ මිනිසෙකු නැත. සිටි නම් ඒ ලොවුතුරා බුදුවරයෙකි. තමන්ගේ සම්ප්‍රදායට පිට පාන්නේ කවුරුන්ද ඔවුන් පිස්සන් යයි හංවඩු ගැසීම සාමාන්‍ය මානව ගති ලක්ෂණයයි. නුතන විද්‍යාවට අනුව ලොව සෑම පුද්ගලයෙකු හටම කුමක් හෝ මනෝ ව්‍යාධියක් ඇත. ( එසේ වර්ග කොට ඇත්තේද ඔවුන්ගේ සංස්කෘතියට, සභ්‍යත්වයට සහ චින්තනයට සාපේක්ෂවය.) නමුත් බුදුන් වහන්සේ ඊට වඩා ඉහල මතයක් ගෙනහැර දක්වා ඇත. එනම් රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් ඇවිලෙන සෑම සත්වයාම උන්මත්තකයන්, මනෝ ව්‍යාධි වලින් පෙළෙන්නන් වේය යනුවෙනි. ඒ බුදු වදනට අනුව ලොව සෑම පුහුදුන් අයෙක්ම පිස්සෙකි. බුදු බවට පත් වන්නේද පිස්සෙකි, රහත් වන්නේද පිස්සන්ය. එහෙත් රහත් වූ පසු, බුදු වූ පසු තමන්ගේ පෙර තිබු සියලුම මනෝ ව්‍යාධි (පිස්සු) වලින් උන්වහන්සේලා සදහටම අත්මිදෙති. පුහුදුන් සමාජය තුල යමෙක් බුදු වූ බව කි විට, රහත් වී යයි කී විට ඔහු හට පිස්සා, උම්මත්තකයා යයි දැඩිව දෝෂාරෝපණය කරනු අදද ඕනෑතරම් ඇසේ. එහෙත් එසේ බනිනා මිනිසුන් අදාළ රහත් විනැයි කි අයට ඒ රහත් විනැයි කී දවස තෙක් තමන්ගේ අයෙක් හෙවත් පිස්සු නැති අයෙකුට මෙන් සළකති. රහත් වූ විගස පිස්සෙක් යයි කියා පහර දෙයි. ඒ අතර බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලා, පුහුදුන් දනන් හට පිස්සන් යයි කියති. මෙය ලොවේ සදාතනික සත්තාවකි. සැබවින්ම පිස්සුව ඇත්තේ පුහුදුන් මිනිසාටයි. රාගයෙන් සදහටම ගැලවුණු, ද්වේශයෙන් සදහටම ගැලවුණු, මෝහයේ කඩතුරාව ගලවා දැමු උතුමන් හැසිරෙන අයුරු දකිනා පුහුදුන් සත්වයා, තමන්ගේ හැසිරීම් රටාවට වඩා වෙනස් හැසිරීමක් ඒ උතුමන් කෙරෙන් දකිති. ඥානවන්ත පුද්ගලයෙක් වෙත්නම් ඔහු ඒ බව වටහාගෙන එකී චින්තනය අධ්‍යනය කරයි. එහෙත් මෝහයෙන් ඉහවහා ගිය පුද්ගලයා එක්වරම පිස්සු ලේබලය ඇලවීමට පසුබට නොවෙයි. එය මානව සමාජයේ පොදු ලක්ෂණයකි. සැබවින්ම අනාර්ය චින්තනය තුල ජිවත් වන පුහුදුන් මිනිසා සිතන්නේ අනුසෝතගාමී චින්තන ප්‍රවාහයට අනුවය. සතුටකදී සතුටු වන දුකේදී දුක් වන, බැඳීම් නඩත්තු කරමින්, ඒවා ආරක්ෂා කිරීමට අරගල කරමින් දිව යාම අනුසෝතගාමී අනාර්ය චින්තනයයි. එහෙත් සිත පෙරළා දැමූ, චින්තනය ප්‍රතිවිරුද්ධ කරගත් ආර්යන් වහන්සේ එසේ නොවෙයි. ඒ උතුමන් සියල්ල අත්හැර දමා ඇත. බැඳීම් වල ඇති විඩාව තේරුම් ගෙන එයින් ගැලවීමේ මග අවබෝධ කොටගෙන ඒ බන්ධන සියල්ල අත්හැර දැමු ආර්යන් වහන්සේ හැසිරෙන්නේ පුහුදුන් මිනිසාගේ චින්තනයට ප්‍රතිවිරුද්ධවය. සතුට දුක ආදී සංකල්ප කෙරෙහි නිරපේක්ෂව වාසය කරන උන්වහන්සේලා දකින විට පුහුදුන් මිනිසා තුල මේ සිටින්නේ පිස්සෙක් යන අදහස නොපැමිණේ නම් එයද ප්‍රශ්නයකි.. සෑම පුහුදුන් මිනිසෙක්ම තමාටම අනන්‍ය වූ හැඩයක් නඩත්තු කිරීමට වෙහෙස වෙයි. එහෙත් ආර්යන් වහන්සේ හට එවැනි හැඩයක් නැත. හැඩයක් නැති ආර්යන් තුල තමන්ට මෙන් හැඩයක් සොයන පුහුදුන් සත්වයා, එය තුල අතරමං වෙයි. මුළු මානව සංහතියම දුවනා චින්තනයට ප්‍රතිවිරුද්ධව ගමන් කරනා පටිසෝතගාමී පුද්ගලයාව, අනුසෝතගාමී පුහුදුන් සත්වයාට උමතු අයෙක් ලෙස දිස් වන්නේ එබැවිනි.
ලෝකෝත්තර වශයෙන් නොවුවද තමන්ට වඩා, වෙනස් අයුරින් සිතූ සියල්ලන්ටම අතීතයේ පටන් සිටි ගිහි පැවිදි පූජකයන් කලේ පිස්සන් සහ මිත්‍යා දෘෂ්ටිකයන් ලෙස හංවඩු ගැසීමය. එහෙත් ඔවුන් නොදන්නා කරුණ නම් තමන් අද ද ජිවත් වන්නේ එදා ඔවුන් පිස්සන් යයි හංවඩු ගසන ලද මිනිසුන් සොයා ගත් දෙයින් නිසා බවය. එදා ගැලිලියෝ ගැලිලි ලෝකය ගෝලාකාර බව සොයා ගත් විට පල්ලියේ පූජකයන් දැඩිව ඔහුව විවේචනය කලේ දේව වාක්‍යයට පටහැණි දේ පවසන මිත්‍යා දිට්ටිකයෙක් සහ මානසික ව්‍යාධියකින් පෙලෙන පිස්සෙකු බව පවසාය. අවසානයේ තමන්ගේ ආධිපත්‍ය රඳවා ගැනීම සඳහා කතෝලික පල්ලිය විසින් ගැලිලියෝ ගැලීලිව ඝාතනය කරන ලද්දේය.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් යනු මනෝ විද්‍යාවේ මූලධර්ම සහ ප්‍රතිකර්ම සොයා ගත් නුතන බටහිර මනෝ විද්‍යාවේ පියා යන විරුදාවලිය ලබන ලද විද්‍යාඥයා ය. එහෙත් මනෝ විද්‍යාවේ මූලධර්ම හෙළි කළ එතුමාවද හංවඩු ගසන ලද්දේ පිස්සෙකු විසින් බව දැනගත හොත් ඔබද පුදුම විය හැක. ඒ අනුව බලන කල සාමාන්‍ය පුහුදුන් මිනිසුන් මනෝ විද්‍යාඥයින්ටත් වඩා මනෝ වෛද්‍යවරුන්ය.
සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධව ගමන් කරන්නේද සම්ප්‍රදාය තුල ජිවත් වූ අයෙකි. එමෙන්ම බුදු වන්නේද පෙර පුහුදුන් ව සිටි “පිස්සෙකි..”

"සත්‍ය සොයා" සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි