Thursday 27 March 2014

පුරුෂයන්ට බලපාන හේතු:දරුවන් නොලැබීමට හේතු,කාන්තාවන්ට බලපාන හේතු


What Are The Common Infertility Reasons?මඳසරු බව බොහෝ කාන්තා සහ පුරුෂ දෙපක්ෂයම මුහුණ පාන ගැටලුවකි. දැනට කර ඇති පරීක්ෂණ වලට අනුව මඳසරු බව සදහා කාන්තාවන්ගේ රෝග නිධානය 45%ක් ලෙස ද  පුරුෂ රෝග නිධානය 30% ක් සහ විස්තර කල නොහැකි තත්ත්ව 25%ක් ලෙස හදුනා ගෙන තිබේ. මෙම තත්වය සදහා  විවිධ හේතු බලපායි.මෙම ලිපිය මගින් එයට බලපාන පොදු හේතු පිලිබද ඔබව දැනුවත් කරනු ඇත. 

A. කාන්තාවන්ට බලපාන හේතු:

* අන්තෝමාතෘක දාහය  (Endometriosis )

මෙම තත්වය අන්තෝමාතෘක පටකය (මාසික ආර්තවයේදී ඉවත් වන ගර්භාෂ ආස්තරය) ගර්භාෂ බිත්තියට පිටතින් වර්ධනය  නිසා සිදු  වේ. අන්තෝමාතෘක දාහය අසාරතාවයට ප්රධාන හේතුවක් වන අතර, මෙය නාල අවහිරතාවයට හා ඩිම්බනීහරණය ගැටළු වලට හේතු වේ.

* ඩිම්බනීහරණය ගැටළු

ඩිම්බකෝෂයෙන් ඩිම්බ මෝචනය අවහිර කරන ඕනෑම තත්වයක්  ( සාමාන්යයෙන් හෝමෝන ගැටළුවක්) මෙයට හේතු විය හැක.

* ගුණත්වයෙන් අඩු ඩිම්බ මෝචනය

පලුදු වූ හෝ වර්ණදේහික අසාමාන්යතා සහිත ඩිම්බ ගැබ් ගැනීම වළක්වයි. මෙමෙ ගැටලුව බොහෝ විට වයස නිසා ඇති වේ. විශේෂයෙන් මෙම තත්වය වයස 30 වැඩි සහ 40 අඩු තත්ත්ව වලදී සිදු  වේ.

* Polycystic Ovary Syndrome

මෙමෙ තත්වය හෝමෝන් අසමතුලිතතාවයක් නිසා හට ගන්නා ඩිම්බනීහරණය බිද දැමීමකි. මෙම තත්වයේදී එක් චක්රයකදී පරිණත එක් ඩිම්බයක් නිපදවීම වෙනුවට බොහෝ කුඩා කෝෂ්ඨ වර්ධනය වීමක් සිදුවේ.

* ගැහැණු නාල අවහිරතාවය

අවහිර වූ හෝ හානි වූ පැලෝපිය නාලය ඩිම්බයන් ගර්භාෂය තුලට පැමිණීම හා ශුක්රානු ඩිම්බ වෙත පැමිණීම වළක්වයි. මෙයට  ශ්රෝණිය හා සම්බන්ධ  ආබාධ, ලිංගිකව සම්ප්රේෂිත ආබාධ, මීට පෙර සිදු කරන ලද වන්ධ්යකරණය ශල්යකර්මය හේතු විය හැක.

B. පුරුෂයන්ට බලපාන හේතු:


* පුරුෂ නාල අවහිරතාවය

ශුක්රානු මද බව හෝ නොමැති බව, ශුක්රානු චාලකතාවයේ දුර්වල බව සහ අසාමාන්ය හැඩ සහිත ශුක්රානු මෙයට හේතු විය හැක.

* ශුක්රාණු අසාත්මිකතාව

සමහර පුරුෂයන්ගේ ශරීරය තුල ශුක්රානු ප්රතිශක්ත බල පැවැත්වීමේ ක්රියා සිදු වේ. මෙමගින් ප්රති-ශුක්රානු ප්රතිදේහක නිපදවීම ශුක්රානු වලට හානි පමුණුවයි. වාසෙක්තමි ශල්යකර්මයෙන් පසු මෙම තත්වය බොහෝ දැකිය හැක. එසේම 3% නිසරු පුරුෂයන් තම ශුක්රානු වලට ප්රතිවිරුද්ධ ප්රතිශක්ත නිපදවයි.

C. විස්තර කල නොහැකි හේතු:


* විස්තර කල නොහැකි අසාරතාවය

ඉහත සදහන් කරන ලද සියලුම හේතු වෛද්යවරයා විසින් පරීක්ෂණ ගණනාවක් කිරීමෙන් පසු සොයා ගනු ලබයි. විශේෂයන් බර අඩු බව සහ බර වැඩි බව, අතිශයින්ම ව්යායාම සහ විෂ සහිත පරිසරය මෙයට දායක වන බව විශේෂඥ මතයයි.

* ඒකාබද්ධ මඳසරු බව

පුරුෂය සහ කාන්තාව යන දෙදෙනාටම  අසාරතා ගැටළු ඇති විට සහ එක් පුද්ගලයෙකුට එක් ගැටලුවකට වැඩ ඇති විට එය ඒකාබද්ධමඳසරු බව 

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි