Thursday 27 March 2014

දරු උපතින් පසු සුදුසු ආහාර


food for mothers after delivery මවක් වූ ඔබ ගර්භනී කාලයේ මෙන්ම දරු ප්‍රසුතියේදී විවිධ අභියෝග වලට මුහුණ දුන් බව නිසැකයි. ගර්භනීභාවයෙන් සහ දරු ප්‍රසුතියෙන් පසු ඔබට විවේකය සහ සුවය අවශ්‍යවේ. ඒ සමගම ශරීරයේ වැයවූ ශක්තිය නැවත ඔබ වෙත ගෙන ඒමටත්, හානි වූ පටක නැවත පෙර තත්වයට ගෙන ඒමටත් සෑම මවක්ම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම වැදගත් වේ. අද අපි අවධානය යොමු කරමු හොඳ ආහාර රටාවක් මගින් කොහොමද ඔබේ ශරීරය නැවත එම තත්වයට පත් කරන්නේ කියා...
ප්‍රසුතියෙන් පසු ක්‍රියාශීලි සහ පෝෂ්‍යදායි ලෙස දරුවා රැකබලා ගැනීමට මවගේ සෞඛ‍ය තත්වය සුවදායක විය යුතුය. මව් කිරි ලබා දෙන හෝ නොදෙන සියළු මව්වරු සමබල ආහාර වේලක් ලබා ගත යුතු වේ. බොහෝ වෛද්‍ය මතය වන්නේ මව් කිරි ලබා දෙන මව්වරු බඩගිනි දැනුන සෑම විටම ආහාර ගත යුතු බවයි. නමුත් බොහෝ මව්වරු අධික වෙහෙස සහ කාර්ය බහුල බව නිසා පෝෂදායි ආහාර වේලක් කෙරෙහි දක්වන සැලකිල්ල අඩු වේ. දරුවාගේ කාර්යන් සමග සිදුවන වේලාව අඩු බව නිසා බොහෝ මව්වරු කෘතීම/කෙටි ආහාර වලට හුරු වී තිබේ. මෙම ආහාර කල් තබා ගන්න ද්‍රව්‍ය වලින් සහ අහිතකර මේද වර්ග වලින් පිරුන බව රහසක් නොවේ!
සෞඛ‍යමත් ආහාර වේලක් ලබා ගැනීම අපහසු කාරණයක් නොවේ. ආහාර පිරමිඩය බාවිතය තුලින් ඔබට සමබල ආහාර වේලක් ලබා ගත හැක. එසේම ගැබිණි සමයේ සිදු වූ බර වැඩි වීම පාලනය සදහා අධික ලෙස ආහාර පාලනය මවගේ ශරීර සෞඛ‍යට මෙන්ම මව් කිරි බොන දරුවාගේ සෞඛ‍යට නුසුදුසු වේ.
ගැබිණි සමයේ වැඩි වූ බර අඩු වීම සදහා මාස කිහිපයක් ගත වෙනු ඇත. ඒ සදහා අධ්ක තෙල් සහිත ආහාර භාවිතය අත හැරීම මෙන්ම, නැවුම් පළතුරු සහ එළවලු ආහාරයට ගැනීම සහ ව්‍යායාම කිරීම සුදුසු වේ.
දරු උපතින් පසු භාවිතා කල හැකි ආහාර:

* ධාන්‍ය

ඔබ ගන්න ආහාර ප්‍රමාණයෙන් භාගයක් (50%) පමණ ධාන්‍ය ආශ්‍රිත විය යුතුය. එමගින් ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදේ. නමුත් මෙමෙ ධාන්‍ය නිවුඩු සහිත වීම ඉතා වැදගත්. ඔබ නිවුඩු සහිත බත් අප්‍රිය කරනවානම්, නිවුඩු සහිත වෙනත් ආහාර ගැන සලකා බලන්න. එවිට ඔබට පුළුවන් ප්‍රධාන ආහාර වෙලා ඔබ කැමති බත් වර්ගය අනුභව කර අනෙක් අතර මැද ආහාර වේල් වලට නිවුඩු සහිත ධාන්‍ය වලින් (whole grain wheat/whole grain oats etc) වලින් සදනු ලැබූ ආහාර ගන්න. උදා: පරළු පාන් වලින් සැදූ සැන්ඩ්විච්, කිරි සහ මුද්දරස්පලම් සමග whole grain oats, කුරක්කන් රොටී, කුරක්කන් පිට්ටු ආදිය.

* එළවලු

ඔබේ ආහාර වේලට විවිධ එළවලු වර්ග එකතු කර ගන්න. කොළ පැහැති, කහ පති මෙන්ම රනිල කුලයේ සහ කෙදි සහිත එළවලු භාවිතයට ගන්න. ඔබට පහසුවෙන් ලබා ගත හැකි කැරට්, ගෝවා, බණ්ඩක්කා, පතෝල, දඹල, මල් ගෝවා, පලා වර්ග ආදී එළවලු බොහොමයක් ආහාරයට ගැනීම සුදුසුය. (ඇතැම් මවුවරුන්ට සමහර එලවලු හා පලතුරු අසාත්මිකතා ඇතිවිය හැකි නිසා ඔබ ආහාරයට ගැනීමට පෙර ඒ ගැන සොයා බලන්න)

* පළතුරු

පළතුරු ආහාරයට ගැනීම පිළිබද ඔබේ අවදානය යොමු කරන්න. ඕනෑම පළතුරක් හෝ 100% යුෂ සහිත පානයක් සුදුසු වේ. පළතුරු නැවුම්, ටින් කල, ශිත කල , වියළි, මේ සියල්ල මිශ්‍ර කල හෝ තනි තනිව භාවිතයට ගත හැක. නමුත් ටින් කල සහ ඇසුරුම් කල පලතුරු යුෂ 100% පලතුරුද නැතිද යන්න සොයා බලන්න. අද වෙළඳපොලේ බොහෝ බීම වර්ග "Juice Drink" ලෙස ලේබල් කර ඇති අතර, "Drink" යන්න කුඩා අකුරින් දක්වයි. බොහෝ විට එය ඉඟි කරන්නේ 100% යුෂ නැති බවයි! දවසකට 3 වරක්වත් යම්කිසි පළතුරක් ආහාරයට ගන්න උත්සහ කරන්න.

* මේද වර්ග (තෙල්) සහ ලුණු

තෙල් වර්ග, සීනි සහ ලුණු බාවිතය සීමා කරන්න. කජු සහ එළවලු තෙල් ඔබේ මේද ප්‍රමාණය වැඩි කරවයි (මෙම ආහාර ඇත හරිය යුතු නොවේ, ප්‍රමාණයට ආහාරයට ගැනීම සුදුසුය). බටර්, මාගරින්, සත්ව තෙල් මෙන්ම ඒවා අඩංගු ආහාර සිමා කරන්න. තෙල් වර්ග අධික ලෙඩ පරිභෝජනය ඔබ මහත් කරන අතර වෙනත් ලෙඩ රෝග වලටද මග පාදයි. නමුත් මාලු වර්ගවල ස්වභාවිකව අඩංගු තෙල් ශරීරයට හිතකරය. සාමාන්‍ය ලෙස මාළු උයා කෑමෙන් මෙම තෙල් ඇඟට උරා ගනියි. අධික ලුණු භාවිතය අධි රුධිර පීඩනය ඇතිවීමට බලපායි.

* කිරි සහ කැල්සියම් 

කැල්සියම් අධික ආහාර භාවිතයට ගන්න. කිරි මෙන්ම කිරි සහිත ආහාර වෙලා අඩංගු වන කැල්සියම් සහ විටමින් D අස්ථි සහ පටක වර්ධනයට උපකාරී වේ. තල ඇට, කුඩා මාළු, යෝගට්, නිවිති, චීස් ආදිය ඔබේ ආහාරයට එක කර ගන්න. විටමින් D මගින් ශරීරයේ කැල්සියම් උරා ගැනීම වැඩිකරන අතර ශරීරය තුල විටමින් D නිෂ්පාදනය සඳහා ඉර එලිය වැටෙන ස්ථානයක මිනිත්තු 30ක් පමණ ගත කිරීම සුදුසුය. නමුත් සම පිළිස්සෙන තුරු ඉර එලිය අවශ්‍ය නොවේ.

*ප්‍රෝටීන 

මේදය අඩු හෝ රහිත මස් වර්ග භාවිතා කරන්න. ප්‍රෝටීන් චක්‍රය පවත්වා ගැනීමට අවශ්‍ය බෝංචි, කජු, මාළු මෙන්ම විවිධ ප්‍රෝටීන් සහිත ආහාර භාවිතා කරන්න. ඔබ නිර්මාංශ අහාර පමණක් ගන්නේ නම් කිරි සහ බිත්තර ඉතාම සුදුසුය. නමුත් ඔබ 100%ක් නිර්මාංශ සහ කිරි/බිත්තර ආහාරයට නොගනී නම් සොයා, රටකජු, කජු ආදිය උදවුවේ.

* දියර වර්ග භාවිතය

කිරි දෙන මව සමබල ආහාර වේලක් සමග දියර වර්ග භාවිතය සුදුසු වේ. බොහෝ මව්වරු කිරි දෙන සමයේ පිපසවකින් පෙලේ. වතුර, කිරි සහ පළතුරු යුෂ මේ සදහා සුදුසු වේ. නිතර පිපාසය නැති උනත් පැයකට වරක් පමණ ජලය ස්වල්පයක් පානය කරන්න. විශේෂයෙන්ම ඔබ වායු සමීකරණය කල ස්ථානයක සිටීනම් වතුර ජෝග්ගුවක් ළඟ තබා ගෙන ටික ටික පානය කරන්න.
..............................
..............................

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි