Saturday 8 February 2014

පිරිත් නූල යනු කුමක්‌ද? බුදුරජාණන් වහන්ස

පිරිත් නූල යනු කුමක්‌ද? බුදුරජාණන් වහන්ස

පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන්නූල හැටියට දැක්‌වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක්‌ රැස්‌ අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස්‌ කර ඇත. විවිධ රටවල එක්‌ එක්‌ පාටවලින් නොයෙක්‌ හැඩතල දමා පිරිත්නූල් සකස්‌ කර ඇත.

පිරිත් නූල සම්බන්ධ තවත් අවස්‌ථාවක්‌ මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්‌වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්‌ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.

න සන්ති මනුජා එත්ථ
න ච හෙස්‌සති වෝභයං
ඉති වත්වා කුන්ඩිකාය
තේ ජලේන නිසිංචිය

මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක්‌ නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්‌සේය.

සුත්තංච තේසං හත්ෙථිසු
ලගෙත්වා නභසාගමා

පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්‌තරයේ දැක්‌වේ.

පන්සිය පනස්‌ ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්‌ථාවක්‌ ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්‍ෂා වුණු බවත් සඳහන් වේ.

මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක්‌ ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක්‌ සතියකට වැඩි කාල සීමාවක්‌ පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක්‌ පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්‍ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස්‌ නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක්‌ පිරිත් නුලක්‌ තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක්‌ දාගන්න.

කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක්‌ පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක්‌ සැලසෙනු ඇත.
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්.... ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක්‌ නෙමෙයි, ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්‌ රැසක්‌ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස්‌ හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.

ඒ අපූරු රහස්‌ එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක්‌ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස්‌ කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක්‌ මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The HiddenMassages in Water (ජලයේ සැඟවුණු රහස්‌) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස්‌ අරවන කෘතියක්‌ බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.

ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු.

ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්‌ම ඉන්පස්‌සේ සිදු කළා.

සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්‌. සම්භාව්‍යය සංගීත රාවයට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්‌.

මේ පර්යේෂණය තවත් ඉදිරියට ගෙන ගිය ආචාර්ය මසාරු ජල සාම්පල් දෙකකට නිතිපතා එකිනෙකට වෙනස්‌ ආකාරයේ වදන් අසන්නට සැලැස්‌සුවා. ආචාර්ය මසාරුගේ මුවින් ගිලිහුණු කාරුණික වදන් දිනපතා අසන්නට ලැබුණු ජල සාම්පලය පෙර පරිදිම පියකරු ජල අණු රටා මවද්දී ඔහුගේ මුවින් සැර පරුෂ වදන් නිතිපතා ඇසූ ජල සාම්පලය විකෘති හැඩ තල මවන්නට වුණා.

මේ විදියේ එකිනෙකට වෙනස්‌ විවිධාකාර පර්යේෂණ ගණනාවක්‌ තුළින් මිනිස්‌ චිත්ත සන්තානයට ජල අණුවල ව්‍යqහය වෙනස්‌ කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා.

ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක්‌ නොවන්නේ පිරිත් සඡ්ජායනාවෙන් ආශීර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස්‌ ගණනාවක්‌ ඈත ඉ`දන් නිසයි. ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්‍ර සඡ්ජායනා ජලයේ ස්‌වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි.

මේ කතාව අවසන් කරන්නට මත්තෙන් ආචාර්ය මසාරු අවධාරණය කරන තවත් කරුණක්‌ සිහිපත් කරන්නට අවශ්‍යයි. අපේ සිරුරෙන් සියයට හැත්තෑවකටත් වඩා තියෙන්නේ ජලය බව විද්‍යාත්මක සත්‍යයක්‌. ඒ කියන්නේ මිනිසුන් කියන අපි නිර්මාණය වෙලා තියෙන්නේත් ජලය මත පදනම්ව. ඒ නිසා ධනාත්මක සිතිවිලි නිරන්තරයෙන්ම සිතන පතන පුද්ගලයන්ගේ සිරුරේ ජල අණු ඒ මත පදනම්ව ධනාත්මක පිරිපුන් දිවියකට මග පාදන බව ආචාර්ය මසාරු පෙන්වා දෙනවා.

ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස්‌ ගණනකට කලින්. "ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි". ඒ බුදු වදනයි.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි