ලෝකය අනිච්ඡ, දුක්ඛ, අනත්ත වශයෙන් දැකලා, එහි අසාරත්වය මෙනෙහි කරන කොට “සං” කියන අවිද්‍යා තෘෂ්ණා එකතුවෙන් හටගත් ලෝකයට ඇති ඡන්ද රාගයෙන් “මා” හෙවත් මිදීමට කළ යුතු දේ දකින නුවණ වැඩෙනවා. එවිට සම්මා දිට්ඨිය යන මාර්ග හංගයයි වැඩෙන්නේ.
මෙසේ සම්මා දිට්ඨිය වැඩීම භාවනාව වැඞීමයි.
සම්මා දිට්ඨිය වැඩුණ මොහොතේ සිට දැකපු සත්‍යයට අනුවයි කල්පනාව වැඩෙන්නේ. මෙතෙක් කල් වටිනවා කියන මුලා සහගත දෘෂ්ටිය නිසා කාමයන්ගේ බැඳිල හිටියා. අනුන්ට වෛර කළා, හිංසා කළා. නමුත් සත්‍යය දැක්කම ඒවායින් නික්මිය යුතුයි කියන නෙක්ඛම්ම සංකල්පනාවත්, අව්‍යාපාද සංකල්පනාවත්, අවිහිංසා සංකල්පනාවත් යන සම්මා සංකප්ප කියන භාවනාව වැඩෙනවා.
බොරු කියල කෙනෙක් රැවටීම, කේලාම් කියල එකිනෙකා බිඳවීම, පරුෂ වචන කියල සැඩ පරුෂ බවට පත්කිරීම, මුලාවට පත්වූවන්ට ප‍්‍රලාප කියල තව තවත් මුලාවට පත්කිරීම මොන අපරාධයක්ද? හරයක් ඇති වැඩක්ද? කියන ප‍්‍රඥාවේ තීරණය මත සම්මා වාචා භාවනාව වැඩෙනවා.
මෙච්චර කල් ප‍්‍රාණඝාත, අදත්තාදාන, කාම මිච්ඡාචාර කළේ හරයක් නැති ලෝකයක් අල්ල ගන්න නේද කියල ප‍්‍රඥාවේ තීරණයක් ආවාම ඒ පුද්ගලයා තුළ සම්මා කම්මන්ත භාවනාව වැඩෙනවා.
අසාර වූ ලෝකෙක අනුන්ට අසාධාරණකම්, අයුතුකම්, අවැඩ කරලා වටිනවා කියල මොනවා රැස් කරගන්නද යන අවබෝධය තුළින් මිච්ඡා ආජීවයෙන් වෙන්වෙලා සම්මා ආජීවය වැඩෙන කොට සම්මා ආජීව යන මාර්ග හංගය වැඩෙනවා.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ග හංග පහ තුළින් ලැබෙන ප‍්‍රඥාව තුළින්, නූපන් අකුසල් නූපදීමටත්, උපන් අකුසල් නැති කිරීමටත්, නූපන් කුසල් ඉපද වීමටත්, උපන් කුසල් වැඩි දියුණු කරගැනීමටත් වීර්ය වඩන කොට ඒ පුද්ගලයා තුළ වැඩෙන්නේ සම්මා වායාමයයි.
කෙනෙක් හිතන, කියන, කරන දේ මේ ලෝකෙ පැවැත්මයි කියල අවබෝධ කරගෙන ඒවායේ අසාරත්වය අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් මනා සිහියෙන් දැකල ඒවායින් මිදෙන කොට වැඩෙන්නේ සම්මා සතියයි.
ඒ සම්මා සතිය ලැබෙන කොට මෙතෙක් වික්ෂිප්ත භාවයක් හෙවත් කැළඹීමක් ඇති කළේ ඇලීමයි, ගැටීමයි, මුලාවයි නිසා කියල ප‍්‍රඥාවෙන් දැකල විදර්ශනා කරන කොට සම්මා සමාධිය වැඩෙනවා. මෙසේ මාර්ග හංග හතක් වැඩෙන කොට ඒ මාර්ග හතෙන් පරිවාර වෙලා තමයි සම්මා සමාධිය වැඩෙන්නේ
(උපුටා ගැනීමකි )

No comments:
Post a Comment