මිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්...
පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්‍ෂේත්‍රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට බෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම්, අත්භූත ජීවීන් දර්ශනය වීම් සහ වෙනත් පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ආදිය ඉහත සඳහන් කළ සරල කොටසට අයත් වන අතරේ සංකීර්ණ කොටස ජීවයෙන් සපිරි වෙනත් ග්‍රහලෝක සොයා දියත් කෙරෙන පර්යේෂණ මෙහෙයුම්, විශ්වයේ අඳුරු පදාර්ථ නිරීක්ෂණය, යම් ග්‍රහලොවක ජීවයක් හට ගත හැකි ආකාර පිළිබඳව කෙරෙන පරීක්ෂණ, පිටසක්වළ බුද්ධිමතුන් සමග සන්නිවේදනයේ යෙදීමේ අරමුණින් යුතු ව්‍යාපෘතීන් ආදියෙන් සමන්විත වේ.
මීට පෙර මෙම බ්ලොග් අඩවියේ පළවූ ලිපි වලින් බහුතරය අයත් වන්නේ ඉහත සරල කොටසට ය. එබැවින් මෙම ලිපියෙන් තරමක් දුරට සංකීර්ණ මාතෘකාවකට එළැඹෙනු ලැබේ.
පෘථිවියේ ජීවය ඇති වූයේ කෙලෙසද? මෙය තවමත් විවාදයට බඳුන් වෙමින් ඇති මාතෘකාවකි. චාල්ස් ඩාවින් (1809-1882) විසින් 1858 දී ඉදිරිපත් කළ පරිණාමවාදයට අනුකූලව පෘථිවියේ ජීවය පරිණාමනය වන බව විද්‍යාත්මකව ඔප්පු කළ හා ලොව පුරා පිළිගත් සත්‍යයක් වුවද, මෙහිදී පෘථිවිය තුළ හටගත් මුල්ම ජීවී සෛලය නිර්මාණය වූ ආකාරය පිළිබඳව විවිධාකාර මත පවතී.
පෘථිවියට ජීවය ලැබුණේ ඈත අභ්‍යවකාශයේ සිට පැමිණි උල්කාවකින් හෝ ග්‍රහකයකින් ය යන්න මේ අතරින් වඩාත් ප්‍රබල මතයකි. උල්කා සහ ග්‍රහක යනු විශ්වය පුරා ඒ මේ අත ගමන් කරන පාෂාණමය ආකාශ වස්තු විශේෂයකි. විෂ්කම්භය මීටරයකට වඩා අඩු පාෂාණ උල්කා (meteoroids) නම් වන අතර විෂ්කම්භය ඊට වැඩි පාෂාණ ග්‍රහක (asteroids) නම් වේ. මේවායින් අති බහුතරය ග්‍රහලෝක වලින් හෝ වායුමය නොවන තාරකාවන්ගෙන් කැඩී ගිය කොටස් ය. අක්‍රමවත් ගමන් රටාවක් දක්වන මේවා බොහෝවිට වෙනත් ග්‍රහලෝකයන්හි ස්ථාවර කක්ෂයන් හරහා ගමන් ගන්නා අතර එකිනෙක හමු වන අවස්ථාවන්හිදී ග්‍රහලෝක මතට කඩා වැටෙයි. පෘථිවිය වැනි වායුගෝලයක් සහිත ග්‍රහලෝක වලට කඩා වැටෙන උල්කාවන් ඉහළ වායුගෝලයේදී දැවී විනාශ වී යයි. අප "උල්කාපාත වර්ෂාව" ලෙසින් හඳුන්වන සංසිද්ධිය ඇති වන්නේ මේ හේතුවෙනි. එහෙත් මෙවැනි උල්කාපාතයන්ගෙන් සුළුතරයක් ඒවායේ විශාලත්වය හේතුවෙන් අඩක් දැවී ග්‍රහලොව මතට කඩා වැටෙන අතර ඒවා "උල්කාෂ්ම (meteorites)" නමින් හඳුන්වයි. එමෙන්ම උල්කාවකට වඩා විශාල ග්‍රහක බොහෝවිට වායුගෝලය තරණය කොට පෘථිවි පෘෂ්ඨයට කඩා වැටෙන අතර විශාල ආපදා තත්ත්වයන්ද ඇති කරයි.
2000 වසරේ ශීත ඍතුවේදී කැනඩාවේ ටගිෂ් විලට කඩා වැටුණු උල්කාෂ්මයක් පරීක්ෂාවට ලක් කළ විද්‍යාඥයෝ පිරිසක් එහි තිබී කුහර සහිත, ගෝලාකාර කාබනික අණු විශේෂයක් සොයා ගත්හ. ඩියුටීරියම් සහ නයිට්‍රජන්-15 සමස්ථානික වලින් සමන්විත වුණු මෙම අණු පෘථිවියේ දක්නට ලැබෙන කාබනික අණු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත්, ඒවා නිර්මාණය වී ඇත්තේ කෙල්වින් 10-20 වැනි පරාසයක තිබූ අධික ශීත පරිසරයකදී බවත් සොයා ගැනිණ. සෙල්සියස් අංශක 0, කෙල්වින් 273ට සමාන වේ. එනම් කෙල්වින් 20 යනු සෙල්සියස් අංශක -253කි. මෙතරම් අධික ශීතලක් පෘථිවියේ කිසිදු ස්ථානයක නොමැත. එවන් ශීතලක් පැවතිය හැක්කේ නිහාරිකා ආශ්‍රිත ශීත වායු වලාවන් තුළය. (නව තාරකාවන් බිහි වන්නේ මෙම වායු වලාවන් මගිනි.) පෘථිවියට ආසන්නතම නිහාරිකාව වනුයේ හේලීක්ස් ග්‍රහ නිහාරිකාවයි. මෙය පෘථිවියෙන් ආලෝක වර්ෂ 400ක් දුරින් පිහිටා තිබේ.
|ආලෝක වර්ෂයක් යනු යම් ආලෝක කදම්බයක් සම්පූර්ණ වසරක් තිස්සේ ගමන් ගන්නා දුර වේ. ආලෝකය තත්පරයකදී ආසන්නව කිලෝමීටර ලක්ෂ 3ක (නිරවද්‍ය අගය 299,792.5 km වේ.) දුරක් ගමන් කරයි.
එවිට ආලෝකය වසරක් තුළදී ගමන් කරන දුර = 300,000x60x60x24x365 = 9,460,800,000,000 km (කිලෝමීටර බිලියන 9.46)
එනම් පෘථිවියට ආසන්නතම නිහාරිකාවට ඇති දුර = 9,460,800,000,000x400 km කි.
ඒ අනුව මෙම කාබනික අණු නිෂ්පාදනය වූයේ එවැනි නිහාරිකාවක් තුළදී නම්, මේවා කිසිදු හානියකට බඳුන් නොවී, නිරූපද්‍රිතව, සිතා ගැනීමටවත් නොහැකි තරමේ අතිවිශාල දුරක් අභ්‍යවකාශය හරහා පැමිණ ඇති බව ගම්‍ය වේ. පෘථිවිය තුළ ජීවය ඇති වූයේද මේ ආකාරයට විය නොහැකිද? විශ්වයේ වෙනත් ස්ථානයක සම්භවය වූ ප්‍රාථමික ජීව බීජාණු උල්කාවක්, වල්ගා තරුවක් හෝ ග්‍රහකයක් ආධාරයෙන් පෘථිවියට පැමිණියා වන්නට නොහැකිද?
මෙලෙසින් ජීවයේ අමුද්‍රව්‍ය බඳු වූ කාබනික අණු විශ්වය පුරා සංසරණය වන්නේ නම්, ඒවා පෘථිවියට මෙන්ම තවත් ග්‍රහලෝක ට්‍රිලියන ගණනකට පැතිරෙන්නට ඇත. ඉන් අවම වශයෙන් ග්‍රහලෝක බිලියන ගණනකවත් ජීවයක් ඇති වන්නට ඇත. මිලියන ගණනකවත් දියුණු ශිෂ්ටාචාරයන් ඇති වන්නට ඇත.
එසේ නම්...? පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?
අපි අනාගතය දෙස දෑස් දල්වා බලා සිටින්නෙමු.
"අප තනියෙන් නොවේ!"
මීට පෙර මෙම බ්ලොග් අඩවියේ පළවූ ලිපි වලින් බහුතරය අයත් වන්නේ ඉහත සරල කොටසට ය. එබැවින් මෙම ලිපියෙන් තරමක් දුරට සංකීර්ණ මාතෘකාවකට එළැඹෙනු ලැබේ.
පෘථිවියේ ජීවය ඇති වූයේ කෙලෙසද? මෙය තවමත් විවාදයට බඳුන් වෙමින් ඇති මාතෘකාවකි. චාල්ස් ඩාවින් (1809-1882) විසින් 1858 දී ඉදිරිපත් කළ පරිණාමවාදයට අනුකූලව පෘථිවියේ ජීවය පරිණාමනය වන බව විද්‍යාත්මකව ඔප්පු කළ හා ලොව පුරා පිළිගත් සත්‍යයක් වුවද, මෙහිදී පෘථිවිය තුළ හටගත් මුල්ම ජීවී සෛලය නිර්මාණය වූ ආකාරය පිළිබඳව විවිධාකාර මත පවතී.
෴ග්‍රහක෴ |
෴උල්කාපාත වර්ෂාවක්෴ |
2000 වසරේ ශීත ඍතුවේදී කැනඩාවේ ටගිෂ් විලට කඩා වැටුණු උල්කාෂ්මයක් පරීක්ෂාවට ලක් කළ විද්‍යාඥයෝ පිරිසක් එහි තිබී කුහර සහිත, ගෝලාකාර කාබනික අණු විශේෂයක් සොයා ගත්හ. ඩියුටීරියම් සහ නයිට්‍රජන්-15 සමස්ථානික වලින් සමන්විත වුණු මෙම අණු පෘථිවියේ දක්නට ලැබෙන කාබනික අණු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත්, ඒවා නිර්මාණය වී ඇත්තේ කෙල්වින් 10-20 වැනි පරාසයක තිබූ අධික ශීත පරිසරයකදී බවත් සොයා ගැනිණ. සෙල්සියස් අංශක 0, කෙල්වින් 273ට සමාන වේ. එනම් කෙල්වින් 20 යනු සෙල්සියස් අංශක -253කි. මෙතරම් අධික ශීතලක් පෘථිවියේ කිසිදු ස්ථානයක නොමැත. එවන් ශීතලක් පැවතිය හැක්කේ නිහාරිකා ආශ්‍රිත ශීත වායු වලාවන් තුළය. (නව තාරකාවන් බිහි වන්නේ මෙම වායු වලාවන් මගිනි.) පෘථිවියට ආසන්නතම නිහාරිකාව වනුයේ හේලීක්ස් ග්‍රහ නිහාරිකාවයි. මෙය පෘථිවියෙන් ආලෝක වර්ෂ 400ක් දුරින් පිහිටා තිබේ.
෴හේලීක්ස් ග්‍රහ නිහාරිකාව෴ |
|ආලෝක වර්ෂයක් යනු යම් ආලෝක කදම්බයක් සම්පූර්ණ වසරක් තිස්සේ ගමන් ගන්නා දුර වේ. ආලෝකය තත්පරයකදී ආසන්නව කිලෝමීටර ලක්ෂ 3ක (නිරවද්‍ය අගය 299,792.5 km වේ.) දුරක් ගමන් කරයි.
එවිට ආලෝකය වසරක් තුළදී ගමන් කරන දුර = 300,000x60x60x24x365 = 9,460,800,000,000 km (කිලෝමීටර බිලියන 9.46)
එනම් පෘථිවියට ආසන්නතම නිහාරිකාවට ඇති දුර = 9,460,800,000,000x400 km කි.
ඒ අනුව මෙම කාබනික අණු නිෂ්පාදනය වූයේ එවැනි නිහාරිකාවක් තුළදී නම්, මේවා කිසිදු හානියකට බඳුන් නොවී, නිරූපද්‍රිතව, සිතා ගැනීමටවත් නොහැකි තරමේ අතිවිශාල දුරක් අභ්‍යවකාශය හරහා පැමිණ ඇති බව ගම්‍ය වේ. පෘථිවිය තුළ ජීවය ඇති වූයේද මේ ආකාරයට විය නොහැකිද? විශ්වයේ වෙනත් ස්ථානයක සම්භවය වූ ප්‍රාථමික ජීව බීජාණු උල්කාවක්, වල්ගා තරුවක් හෝ ග්‍රහකයක් ආධාරයෙන් පෘථිවියට පැමිණියා වන්නට නොහැකිද?
මෙලෙසින් ජීවයේ අමුද්‍රව්‍ය බඳු වූ කාබනික අණු විශ්වය පුරා සංසරණය වන්නේ නම්, ඒවා පෘථිවියට මෙන්ම තවත් ග්‍රහලෝක ට්‍රිලියන ගණනකට පැතිරෙන්නට ඇත. ඉන් අවම වශයෙන් ග්‍රහලෝක බිලියන ගණනකවත් ජීවයක් ඇති වන්නට ඇත. මිලියන ගණනකවත් දියුණු ශිෂ්ටාචාරයන් ඇති වන්නට ඇත.
එසේ නම්...? පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?
අපි අනාගතය දෙස දෑස් දල්වා බලා සිටින්නෙමු.
"අප තනියෙන් නොවේ!"
No comments:
Post a Comment