ගැස්ට්‍රයිටිස්
ආහාර වේල් මග හැරීමෙන් ඇතිවන ලෙඩේ බඩේ දැවිල්ල
‛බඩේ දැවිල්ල’ ,‛බඩේ ගෑස්’, හෝ ගැස්ට්‍රයිටිස් නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ දි හැඳින්වෙන මෙම රෝගය බොහෝ දෙනාගේ ජිවිත සමග
තදින් බැදී පවති. මෙම රෝග තත්ත්වය සඳහා හේතු වනුයේ ආමාශයේ හා ග්‍රහණියේ ඇති වන්නා වු තුවාලයි. මේවා පෙප්ටික් වණ (peptic
ulcer) ලෙස හඳුන්වනු ලබයි.ආහාර මාර්ග නාලය ශ්ලේශ්මල ලෙස හැඳින්වෙන දියරමය පටලයකින් ආවරනය වී පවතී. සාමාන්‍ය තත්ත්ව
යටතේදි ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මෙම ශ්ලේශ්මල පටලය ඔරොත්තුදෙයි. නමුත් විවිධ හේතු නිසා මෙම
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්ලේශ්මල පටලය සමඟ ගැටී තුවාල ඇති කරයි. මේවා ‛පෙප්ටික් වණ’ ලෙස හඳුන්වයි.
පෙප්ටික් වණ වල ස්වභාවය
මේ අයුරින් ඇති වන්නා වු පෙප්ටික් වණ මුලික කොටස් 02 කට වර්ග කල හැක.
එනම්,
(01) තිව්‍ර වණ (Acute ulcers )
(02) නිදන්ගත වණ(Chronic ulcers)තීිව්‍ර වණ ප්‍රමාණයෙන් කුඩා වන අතර ඒවා ආමාශයේ හා ග්‍රහනියේ අභ්‍යන්තර පෘෂ්ඨයේ මතු පිට
දැක ගත හැකිය. මේවා සුව වීම සදහා සති තුනක් වැනි කෙටි කාලයක් ගත වෙයි.
නමුත් නිදන්ගත වණ ප්‍රමාණයෙන් විශාල වන අතර සංකිර්ණත්වයෙන්ද වැඩිය. මේවා වඩාත් ගැඹුරින් පිහිටා ඇති අතර සුව වීමට
දිගු කාලයක් ගතවේ.
රෝගය වැළදිමට බලපාන සාධක
1. සමහර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ආමාශය සංකෝචනය විමේ වැඩි නැඔුරුතාවය. මේ නිසා ඔවුන්ගේ
හයිඩ්‍රොක්ලෝරික් අම්ල නිෂ්පාදනය වැඩි වීමෙන් හානි ඇතිවෙයි.
2. රුධිරයේ ඇති ආමාශයික අම්ල නිපදවීම උත්තේජනය කරන හෝමෝන සාන්ද්‍රණය ඉහළ යෑම. (මේ නිසා ආමාශයික
අම්ල නිෂ්පාදනය ඉහළ යයි.)
3. හයිඩ්‍රොක්ලෝරික් අම්ල ස්‍රාවය නිෂේධනය කරන්නා වු පොස්ටග්ලැන්ඩින් හෝමෝන සාන්ද්‍රණය අඩු වීම.
4. ඇස්ප්‍රින් වැනි ඖෂධ භාවිතය, හෝමෝන ඖෂධ භාවිතය, වේදනා නාශක භාවිතය. (මේවා ශ්ලේශ්මල පටලයට හානි
පමුණුවයි.)
5. මධ්‍යසාර භාවිතය.
6. ඇතැම් බැක්ටීරියාවන් උදා -: හෙලිකො බැක්ටර් පයිලෝරි
දුම්බොන පුද්ගලයන්ගේ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වෙයි. මිට අමතරව මානසික ආතතියද මේ
රෝග තත්ත්වය කෙරෙහී බලපාන බව සොයා ගෙන ඇත. එමෙන්ම පුරුෂයන් මෙම රෝගයෙන් පෙළීමේ වැඩි
නැඔුරුතාවයක් දක්වයි. එසේම O රුධිර ගණය ඇති අයට රෝගය වැලඳිමේ ඉඩ-කඩ වැඩි බවද පෙනී යයි.
බඩේ දැවිල්ල නිසා ඇති වන අහිතකර බලපෑම්
(01) ආමාශයික හා ග්‍රහණිගත තුවාල වලින් රුධිරය වහනය විම.
(02) විශේෂයෙන්ම නිදන්ගත තුවාල පිපිරිමෙන් ‛පරිතාන ප්‍රදාහය’ රෝග තත්ත්වය සෑදිම .
(03) ආමාශයේ හා ග්‍රහණියේ තුවාල සුව වු විට පටක ප්‍රතිස්ථාපනය වන්නේ තන්තුමය පටකයකින්ය. (Fibrosis) මෙම
තන්තුමය පටකය නිසා ආහාර මාර්ගයේ අවහිරතාවයන් ඇතිවීමට හැක.
(04) නිදන්ගත තුවාල කල් යැමේදි පිළිකා සෛල බවට පත් වීම.(විශේෂයෙන් නිදන් ගත තුවාල මත හෙලිකො බැක්ටර්
පයිලෝරි වැනි බැක්ටීරියාවන් ක්‍රියාකාරී වු විට පිළිකා සෑදිය හැක.)

No comments:
Post a Comment